උසාවියට උත්තර දෙන්න හිරුණිකාට සති දෙකක්.....hekara kata nethnam maru baduwa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Hirunika-has-two-weeks-to-answer-the-court


    අධිකරණ තීන්දුවක් විවේචනය කර අධිකරණයට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් ගොනු නොකිරීමට හේතු දක්වමින් විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ (08) නියම කළේය.

    සති දෙකක කාලයක් ඇතුළත අදාළ මෙම විරෝධතා ගොනු කරන ලෙස ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය වැඩිදුරටත් නියම කෙරිණි.ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කළ නියෝගයක් විවේචනය කර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් ඌව පළාත් ආණ්ඩුකාර එම්.එම්.

    මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන හාඩි ජමාල්ඩීන් මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එලෙස නියම කෙරිණි.

    අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.පෙත්සම්කාර ජමාල්ඩීන් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කරමින් වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජාත්‍යන්තර කාන්තා දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා තමන්ට ඇප ලබාදීමේ නියෝගය විවේචනය කරමින් සඳහන් කර ඇත.

    අධිකරණ නියෝගයක් විවේචනය කිරීමෙන් වගඋත්තරකාරිය අධිකරණයට අපහාසයක් කර ඇතැයි පවසන පෙත්සම්කරු

    ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව සුදුසු පියවර ගන්නැයිද ඉල්ලා සිටී.පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් ගොනු නොකිරීමට හේතු ඇත්නම් එම හේතූ දක්වමින් සති දෙකක කාලයක් ඇතුළත විරෝධතා ගොනු කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියම කළේය.පෙත්සම්කරු වෙනුවෙන් නීල කන්දන් නීතීඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ නිශාන් ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක