හිරුණිකාට ඇප

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    රුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) ඇප නියම කළේය.

    රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂ පහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත විත්තිකාරිය මුදා හැරිමට නියමකළ විනිසුරුවරයා ඇප තැබිමෙන් පසු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවිම ද තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පැනවීය.

    අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට යටත්ව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ ඇප මත මුදාහැරිණි.

    ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් ඇයට කොන්දේසි සහිත ඇප නියම කල විනිසුරුවරයා වාත්තිකාරිගේ විදේශගමන් බලපත්‍රය අධිකරණයට බාර දිමටද නියම කළේය.