උෟරු_මස්_වලියක්
ඊයේ (06) දිවා ආහාරය සඳහා ඉලුක් කැටිය ප්‍රදේශයේ අවන්හලකට පැමිණි නීතීඥවරියක් සහ ඇගේ සැමියා විසින් හට්ටි මුට්ටි පොඩි කර අලාභයක් සිදු කර පලා ගොස් ඇතැයි කොස්මෝදර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
එය අදාළ වෙළඳ සැලේ හිමිකරු විසින් සිදු කර ඇත.
අදාළ සිදුවීමට මුහුණ දුන් හෝටලයේ හිමිකරු පවසන්නේ මොරවක මහේස්ත්‍රාත් උසාවිය සඳහා නඩු කටයුත්තකට සහභාගී වී පැමිණි නීතිඥවරියක් සහ ඇගේ සැමියා දිවා ආහාරය සඳහා අවන්හලට පැමිණ ඌරු මස් සහිත කෑම වට්ටෝරුවක් ඉල්ලු බවයි.
ලබා දෙන ඌරු මස් ප්‍රමාණයට අමතරව තවත් ඌරු මස් ඔවුන් ඉල්ලා සිට ඇති අතර හිමිකරු විසින් ඒ සඳහා අමතර ගෙවීමක් සිදු කල යුතු බව පවසා ඇති අතර එහිදී ඔවුන් හිමිකරුට සහ සේවකයින්ට බැන වැඳී එහි තිබු උපකරණවලට පහර දී අලාභ හානි සිදු කර පලා ගොස් ඇතැයි ද වෙළෙඳ සැල් හිමිකරු පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වෙත හිමිකරු පැමිණිල්ලක් සිදු කර ඇති අතර කොස්මෝදර පොලිස් ස්ථානාධිපති චන්දන අමරරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.
කන්න ඌරු මස් ඉල්ලා වලං බින්ඳ නීතිඥවරිය