උෟ මාර කුකුළා

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හක්ක පටස් හක්කේ - හක්ක පනී අක්කේ කියලා හිටන් අදත් අපි පටන්ගමු නෝ බැරියර්ස්. මචං.... සිංහල භාෂාව ඇතුළේ බැරියර් කඩාගෙන යන වචන ඕන තරම් තියෙනවා කියාල උඹලා දන්නවනෙ. මම මේ නෝ බැරියර්ස්වලින් උඹලට ඒවා ගැන කියන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඒත් මම මේ කියන්නේ වාසු අංකල් පාර්ලිමේන්තුවේ කියපු විදියේ බඩේ අජීරණේ හැදිලා බොක්ක ඉස්මොරොත්තාවට එන වචන ගැන නෙවෙයි. මම මේ කියන්න යන්නේ කුකුළා කියන වචනය ගැන. ඔව්... කුකුළා කියන්නේ පක්ෂියෙක් තමයි. අපේ ජාතික පක්ෂියා තමයි වලි කුකුළා. ඒ වගේම මේ කුකුළා කියන වචනෙට තවත් අර්ථයක් තියෙනවා. ගොඩාක් වෙලාවට මේ දෙවැනි අර්ථය මතුවෙන විදියට කුකුළා කියන වචනේ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ කෙල්ලො. මනමාල ගතිය වැඩි, කෙල්ලොන්ට දැඩි ලෙස ආශා කරන පිරිමින්ව හඳුන්වන්න තමයි කුකුළා කියන වචනය කෙල්ලෝ පාවිච්චි කරන්නේ.

    "එයා නම් මාර කුකුළෙක්"
    "මගේ බොස් හෙණ කුකුළා"
    "අර කොල්ලට තියෙන්නේ කුකුළු ගති"
    "ආපෝ... ඒ කොල්ලා
    කුකුළෙක්නෙ"

    කොල්ලොන්ට කුකුළා කියලා කියන්නේ ඒ කොල්ලා පාන්දර නැඟිටලා හඬලන නිසාවත්, පිහාටු තියෙන නිසාවත් නෙවෙයි. මෙතැන කුකුළා කියන්නේ අසාමාන්‍ය විදියට දකින දකින කෙල්ලත් එක්ක සෙට් වෙන්න යන, දකින දකින කෙල්ලත් එක්ක පැණි හලන්න යන, එක එක ගැහැනුන් සමඟ වැඩිපුර සම්බන්ධකම් පවත්වන්න කැමැති අයටයි. සමහර පිරිමි අය දකින දකින කෙල්ලත් එක්ක චික්කිබිරිස් දේවල්වලට ට්‍රයි කරනව නම් එතැන තියෙන්නේ කුකුළු ගතිය. සම්භාව්‍ය වාක්‍යයකින් කියනවානම් බැරියර් කඩාගෙන යන අධික ස්ත්‍රී ලෝලීත්වය තියෙන පුද්ගලයන්ට තමයි කුකුළා කියලා කියන්නෙ. මේ කුකුළු ගතිය තියෙන්නෙ කොල්ලන්ට විතරක් නෙවෙයි... හැට පැනපු හොට බිම ඇනුණ අය අතර පවා මේ කුකුළු කුලකයට අයිති දේහධාරී පොරවල් ඉන්නවා.

    ආදරණීය යං ජෙනරේෂන්වරියනි, උඹලා සමහර කොල්ලන්ට කුකුළා කුකුළා කියලා කිව්වට මේ කියන අර්ථය හැදුණේ කොහොමද කියලා උඹලා දන්නෙ නෑනෙ. ඔන්න එහෙනම් අහගනිං... කුකුළා කියන පක්ෂියා ලිංගික ආශාවන් වැඩිපුර තියෙන පක්ෂියෙක්. නයිට් ක්ලබ් එකේ ලයිට් ගියා වගේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න කුකුළෙක්ට නොනවත්වා හැටවතාවක් විතර කිකිළියන් එක්ක එක දිගට ලිංගික සංසර්ගයේ යෙදෙන්න පුළුවන්. ඔව්... හැටවතාවක්. පිස්සු හැදෙයි සඳ බම්ප් වෙයි කිව්වලු. එක දිගට හැටවතාවක් ඉන්න එක ලේසි නෑ මගේ දෙයියෝ... ඒත් කුකුළන්ට පුළුවන්. ඒත් ආදරණීය අමරණීය මිත්‍රවරුනි, එක දවසකට එක කිකිළියෙක් එක්ක පස්වතාවකට වඩා ලිංගික සංසර්ගයේ යෙදෙන්න කුකුළන්ට බෑ. එකම කිකිළියෙක් එක්ක පිට පිට පස් වතාවක් ලිංගික සංසර්ගයේ යෙදුණට පස්සේ හයවැනි වතාවෙදි ඒ කිකිළිය එක්ක ඉන්න හිතෙන්නේ නැති විදියට කුකුළගේ ලිංගික ආශාව නැත්තටම නැති වෙලා යනවා කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා.

    ඒත් ආදරණීය කෙල්ලනේ... ඒ කුකුළටම තවත් අලුත් වෙන කිකිළියෙක් සෙට් වුණොත් ආයිත් කලින් වතාවේ වගේම ප්‍රබල ශිල්පීය දක්ෂකම් පෙන්නලා වැඩ දාලා ඉතා දක්ෂ විදියට වැඩකටයුතු ටික කරගන්න ඒ කුකුළට පුළුවන්. මේ සංසිද්ධිය විද්‍යාත්මක පර්යේෂණ මඟින් හොයාගත්ත දෙයක්. පට්ට ඉංගී්‍රසියෙන්ම කියනවා නම් මේ කුකුළන්ගේ මේ හැකියාව හඳුන්වන්නේ අධධඵබඥප ඡ්ටටඥජබ කියලා. වස ලැජ්ජයි - විලිලැජ්ජයි කිව්වලු. ඉතින් කුකුළගේ තියෙන මේ කුකුළු ගතිය පදනම් කරගෙන තමයි සිංහල භාෂාවටත් කුකුළා කියන වචනය බැරියර් කඩාගෙන යන අර්ථයක් එක්ක ඇවිල්ලා තියෙන්නේ.
    ෆීලිංස් සන්නිපාතය සහ ආතල් රක්තපාතයෙන් ඇවිස්සුණු යං ජෙනරේෂන්වරියනි, සෞඛ්‍ය සම්පන්න පිරිමියෙක්ටත් එකම කාත්තාවක් එක්ක දවසකට පස්වතාවක් එක් වුණාට පස්සේ ඒ කාන්තාව එක්කම 6 වැනි වතාවේදී එක්වෙන්න අකැමැත්තක් ඇතිවෙනවා කියලා පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. හැමදාම දකින කුකුළගේ කරමල සුදුයි කියන්නේ මේ වගේ දෙයක්නෙ. ඒත් එක කාන්තාවක් එක්ක 5 වතාවක් හිටියට පස්සේ වෙන කාන්තාවක් එක්ක 6 වැනි වතාවෙදි ඉන්න අවස්ථාවක් දුන්නොත්, පිරිමියාගේ ආශාවන් සහ හැකියාවන් ආයිත් අඩු නැතිව ඇතිවෙන බවත් පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. ලිංගික ආශාවන් ගැන සලකා බලද්දි කුකුළා සහ මානව පිරිමියා අතර සමාන දේවලුත් තියෙනවා නේද මචං....

    ආදරණීය කෙල්ලනේ... මේ ජීව විද්‍යාත්මක යථාර්ථය ඇතුළේ උඹලට ඉගෙනගන්න දෙයක් තියෙනවා. ඒ තමයි කොල්ලො විවිධත්වයට කැමැතියි කියන එක. ඒත් විවිධත්වයට කැමැති මිනිස් මොළය මානසිකව රවට්ටන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ සහකරුවාව තෘප්තිමත් කරන්න නම් සියලුම අක්කලා, නංගිලා විවිධත්වය කියන දේ අනුගමනය කරන්න ඕනෙ. අඳින ඇඳුම්, හිස කෙස්වල ස්වභාවය, හිස කෙස්වල වර්ණය වගේ දේවල් වෙනස් කළාම පිරිමියාගේ මනස ඒ විවිධත්වයට ආශා කරනවා.

    ප්‍රේම සම්බන්ධකම් විතරක් නෙවෙයි, ලිංගික සම්බන්ධකම් පවා ශක්තිමත් වෙන්නත් මේ දේවල් බලපානවා. ඒ නිසා කෙල්ලනේ... උඹලා විවිධත්වයක් තියෙන විලාසිතා කරන එක ප්‍රතිඵලදායකයි කියලා තමයි පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ. මොකද ඉතින් හැම කොල්ලෙක් ළඟම දෙල් ‍ෙදා‍ෙදාල් වෙන තොල් තො‍ෙ¼දාල් වෙන ලල් ඉගිල්ලෙන කුකුළු ගතිය අඩු වැඩි වශයෙන් තියෙනවනෙ. කොහොම කොහොම හරි ඔන්න ඔහොම තමයි කුකුළා කියන වචනේ අපේ සමාජය ඇතුළේ පාවිච්චි වෙන්නේ. බලාගෙන යනකොට මේ කුකුළා කියන නමට හොඳ විද්‍යාත්මක පදනමක් තියෙන අර්ථයක් තියෙනවනෙ බොලව්. එහෙනම් අදට නෝ බැරියර්ස්වලින් මම නවතිනවා. ඔබ සියලු දෙනාගේ සිත්, පිස්සු පීකුදු නොවේවා... බොක්ක පිරිසුදුම වේවා... හේස්වාාාාාාා හ-- ! (මේ "හේස්වාාාාාාා හ--" කෑල්ල මම ඉස්සුවේ ප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදිකාවකගෙන්.)

    ලක්මිණ රණසිංහ

    ඉස්සුවේ මෙතනින් :P

    www.mawbima.lk
     
    • Like
    Reactions: shaminda peiris