උ.කොරියාවට කෙලවෙන්නෙ මෙහෙමයි.
ලංකාවෙන් උතුරු කොරියාවට සම්බාධක පැනවීමෙන් සිදුවන බලපෑම්
ලංකාවෙන් උතුරු කොරියාවට සම්බාධක පැනවීමෙන් සිදුවන බලපෑම්
සිලෝන් ටී බීමට නොලැබීම නිසා දවස ප්‍රබෝධමත් නොවීම.
පොඩි බඩගින්නට කන ක්‍රීම්කැකර් අපනයනය නැවැත්වීම නිසා ඔවුන් පොඩි බඩිගින්නෙන් මිය යාම.
- ලංකාවේ ඇඟලුම් කම්හල් වලින් රෙදි මසාදීම ප්‍රතික්ෂේප වීම නිසා උතුරු කොරියානුවන්ට නිර්වස්ත්‍රව දිවි ගෙවීමට සිදු වීම.
- ලංකාවේ තැනූ කූඹියෝ,දෙවනි ඉනිම වැනි නාට්‍ය හා සුජීගේ පොත් කියවීමට අවස්ථාව නොලැබීම නිසා උතුරු කොරියාවේ පරිවර්තන සාහිත්‍යය බිඳවැටීම.
- කුරුඳු,ගම්මිරිස් ,සාදික්කා,වසාවාසි ආදී සුළු අපනයන භෝග උතුරු කොරියාවට නොයැවීම නිසා ඔවුන්ට මෙලෝ රහක් නැතුව කෑම පිසීමට සිදු වීම.
- ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් නැරඹීමට නොමැතිව ක්‍රීඩා ලෝලී උ.කොරියානුවන් අසහනයට පත් වීම.
- නිදැල්ලේ ගැවසෙන පෙම්වතුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂාවට ලංකාවේ පොලිස් මාමලාගේ සහය නොලැබීම නිසා ඔවුන්ගේ රටේ අනාචාරය රජ කිරීම.
- ලංකාව වටා සාගර කලාපයේ මසුන් ඇල්ලීමට අවසර අහිමි වීම නිසා කොරියානු ධීවරයින්ට රටේ ළිං අස්සේ ඉස්ගෙඩියන් ඇල්ලීමට සිදු වීම.
- කොළඹ වරායට උ.කොරියානු නැව් වැද්ද ගැනීම නැවැත්වීම නිසා ලංකාව පසුකරගෙන යනවිට තෙල් ඉවර වූවොත් නැව් මුහුදුබත් වීම .
- රාජ්‍ය නායක සමුළු වලදී ඔවුන්ගේ රාජ්‍ය නායකයාට ලංකාවෙන් අතට අත නොදීම නිසා ඔහුගේ දෑත් ශක්තිමත් නොවීම.


