ඌරගේ මාලූ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බොදු බල සේනා කි‍්‍රයාකාරිත්වය ප‍්‍රබලවම තිබූ වකවානුවේ මහනුවර හා ආශි‍්‍රත නගරවල මුස්ලිම් කඩවල ඉදිරියේ කුඩා සිංහ ධජයක් එල්ලා තිබෙනු අපි නිරීක්ෂණය කළෙමු. අපේ එක් හිතවත් මුස්ලිම් තරුණයෙකුගෙන් අසා සිටියේ නිදහස් දිනයක් පේන්න නැති වෙලාවකත් මොකද මේ සිංහ කොඩිය ගහල තියෙන්නේ කියා… ඔහු අපත් සමග තිබූ දැඩි හිතවත් බව උඩ කියා සිටියේ ”දැන් සිංහල අය අපේ කඩවලට එනවා අඩුයි… ඉතිං අපි කතාවෙලා තියෙනවා අපේ හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම අපේ අයගෙන්ම විතරක් බඩු ගන්න ඕන කියලා… එතකොට බිස්නස් කඩන් වැටෙන්නේ නෑනේ…” ඒ ඔහුගේ උත්තරයයි. ඔවුන් තමන්ගේ වරිගෙ කඩය පෙන්වීමට භාවිතා කළේ ජාතික ධජයයි. ඔවුන් වෙනදත් පාන් රාත්තල පවා ගැනීමට ගියේ තමන්ගේම අයෙකුගේ කඩයට බැව් සැබෑවකි. නමුදු එකල තිබූ වාතාවරණය මත ඔවුන්ට කඩයක බෝඞ් දිහා බල බලා ජාතිය සෙවීම බැ?රුම් කටයුත්තක් වූවා විය හැකිය. අපූරුයි නේද? සිංහ ධජයක් ලෙල දීම ගැන ඔබවත් මමවත් කලබල නොවන බැව් ඔවුන් දන්නවා… ඌරගේ මාලූ ඌරගේ ඇෙ`ග්ම තියල කපනවා කියන්නේ එහෙම දේවල්වලටය.


    Copied