මම මේ දැන් ඌගේ විඩියෝ එක බැලුවා.මම ඕකට වැඩියේ කැමති නෑ,ඌ තුනුරුවන් කියන්නේ ගල් තුනක් කිව්ව දවසේ ඉදලා, නමුත් මෙතන ඌ කියන සමහර ඒවායේ යම් තේරුමක් තියෙනවා බන්. ඌ කියන්නේ උනුත් කැමතියිලු උන්ගේ නීතියේ තියෙන අඩුපාඩු හදාගන්න නමුත් ඒක කරන්න ඕනේ උන්ගේ ආගමික නායකයන්ට අනුව කියලයි කියන්නේ. දැන් මේ නීති වෙනස් කරන්න යන්නේ, කාගේන්වත් අහන්නේ නැතුවලු. ඒක අතකින් ඒක හරි, යුරෝපා සංගමය කියන්නේ GSP+ ඕනේ නම් අපේ රටේ තියෙන පෙළක් නීති වෙනස් කරගන්න ඕනේ කියලයි( මේ මුස්ලිම් නීතිය ඇතුලුව). ඔහොම කරන කොට ඒක රටේ ස්වාධිපත්‍යයට බලපෑමක් වෙනවා. ඔහොම එක එක රටවල උන් කියන විදයට අපේ නීතී වෙනස් කරන්න පුලුවන්ද බන්?
ගියපාරකුත් ඔහොමයි, එංගලන්තෙන් ණයක් ගන්න යනකොට කැමරන් කියලා තිබුනේ ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කරන්න කියලා. මූට කැමති නැති උනත්, මේවගේ උද්ඝෝසන වලට ගියාට එක අතකින් කමක් නෑ, මොකද මෙතන ප්‍රධාන අරමුණ බටහිර රටවලට ඕන විදියට ලංකාවේ නීතී වෙනස් කරන එකට විරෝධය දැක්වීමයි. මුස්ලිම් උන්ට බදින වයස අවුරුදු 12 ඉදලා, වැඩි කරන්න ඕනේ නම්, ඒක හරිනම් අපි කරන්න ඕන දෙයක්, ඒක මුස්ලිම් සංගම් වලින් අහලා, නිර්දේශ අරගෙන, දේශීය යාන්ත්‍රණයක් හරහා, වයස වැඩිකරන්න ඕනේ සාධාරණ ගාණකට, එහෙම නැතුව වෙන රටකින් උබලට මේක ඕනේ නම් උබලගේ මේ නීතිය වෙනස් කරගනින් එහෙම නැත්නම් අපි මේක දෙන්නේ නෑ කිව්වම නිතිවෙනස් කරන්න ගත්තම, උන් එනවා ඔළුවට අතහෝදන්න. ඌ කිව්වත් වගේ අද උන්ගේ නීතියට, හෙට ? ඔහොම ගිහින් කියයි, උබලට තව සහන ඕනේ නම් දෙමළට වෙනම කලාපයක් දෙන්න කියලා, ඒ කලාපයට ස්වයංපාලනය දෙන්න කියයි. ඒක නිසා අපිත් හරිනම් මේ වගේ අවස්ථාවකදි මේ වගේ උද්ඝෝසනවලට සහාය දෙන්න ඕනේ. වෙනස් කරගන්න දෙයක් තියෙනවා නම්, ඒක අපි කථාවෙලා කරගන්න ඕනේ, එහෙම නැතුව වෙනරටවල තර්ජනයට, බලපෑමකට වෙනස් කරගන්න ගියාම උන් හිතනවා අපි කොන්ද පන නැති රටක් කියලා. මෙතන යන සීන් එක මේ පහළ පින්තූරයේ වගේ. ඌ කියන්නේ නාසීන් මුලින්ම බලය ගත්තම, උන් කොමියුනිස්ට්වාදීන්ට හිරිහැර කරන්න ගත්තා, නමුත් මම මොකුත් කිව්වේ නෑ, මම කොමියුනිස්ට්වාදියෙක් නොවන නිසා, ඊට පස්සේ උන් වෘත්තීය සංගම්වලට සහා සමාජවාදීන්ට හිරිහැරකරන්න, මම එතකොට මොකුත් කිව්වේත් නෑ මොකද මම උන්ගේ එකෙක් නොවන නිසා, ඊට පස්සේ උන් යුදෙව්වොන්ට හිරිහැර කරන්න ආවා, මම එතකොටත් මොකුත් කිව්වේ නෑ මොකද මම උන්ගේ එකෙක් නොවන නිසා, අන්තීමේදී උන් මට හිරිහැර කරන්න ආවම, මට පක්ෂව කථාකරන්න කවුරුත් හිටියේ නෑ. නාසීන් උන්ගේ ඒකාධීපතිපාලනය නග්ගලා ගත්තේ ඔහොමයි. බටහිර දැන් තියෙන ඒකාධීපතිපාලනය වගේ තියෙන ධනවාදී සංස්ථානිකවාදය (ධනවත් උන් තමයි බටහිර රටවල් දැන් පාලනය කරන්නේ, ඔය Illuminati අනං මනං කියන්නෙත් උන්ට තමයි) කරන්නේ ඕකම තමයි. එතකොට අපි මොන පිලේ හිටියත්, යම් ජාතියකට බලපෑමක් වෙනවා නම් පිට ජාතියකින් අසාධාරණ විදියට, අපි ඔක්කොම එකතුවෙලා අර ජාතිය වෙනුවන් හඩක් නගන්න ඕනේ. වෙනස් කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක දේශීය යාන්ත්‍රණයක් හරහා, දේශීය උවමනාකම් වලට අනුව වෙන්න ඕනේ.