ඌරන් යටත් කරගත් ඉන්දියානු නගරය..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඌරන් යටත් කරගත් ඉන්දියානු නගරය..

    සූකරයින් නම ඇසූ පමණින් අපට සිහිපත් වන්නේ එක් පැත්තකින් ඉපැරණි කතා පුවත්ය, එසේත් නැත්නම් අප නරඹා ඇති කාටූන් ය. නමුත් සූකරයන්ගේ රජ දහනක් වූ නගර පිළිබඳ අප කතාවකින් හෝ අසා නැති බව සහතිකය. ලංකාවේ නම් බොහෝ නගර එසේ ග්‍රහණය කරගෙන ඇත්තේ එක්කෝ ගවයින් නැතිනම් සුනඛයින්ය.

    එය එසේ වූවද අසල්වැසි ඉන්දියාවේ සංවර්ධනයේ හිණිපෙත්ත සොයායන සුපිරිතම නගරයක් සූකරයින් දහස් ගණනක ආක්‍රමණයට යටත්ව ඇතැයි ඔබ ඇසුවහොත් නිසැක වශයෙන්ම පුදුම වනවා නියතය. නමුත් මෙය සත්‍ය තත්ත්වයකි. වඩාත්ම විශේෂ කාරණය වන්නේ මේ සූකරයන් ලංකාවේ වනගතව ජීවත්වන ඌරන් සම්භවයට අයත් “වල් ඌරන්“ වීමය.

    සහස්‍ර පුරය ගුරුගාන්

    ගුරුගාන් හෙවත් ගුරුග්‍රාම් නගරය පිහිටා ඇත්තේ වයඹ දිග ඉන්දියාවේ වන අතර, ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගර සීමාවේ සිට ගුරුගාන් වෙත ලඟාවීමට ඇත්තේ කිලෝමීටර 32 ක් පමණි. ගුරුගාන් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට අයත්වූවද එය පරිපාලනමය වශයෙන් වඩ ලඟ නවදිල්ලි නුවරයට. 1970 වසරේ උතුරු හර්යානා ප්‍රාන්තයේ ඉඩම් අත්පත්කරගැනීමේ වැඩසටහන යටතේ ගුරුගාන් නගරය සංවර්ධනය කර දෙස් විදෙස් ආයෝජනයන් සඳහා විවෘත කිරීමට එවකට රජය තීරණය කරන ලදි.

    ආසන්න වශයෙන් 2011 වන විට මෙම නගරයේ ජනගහනය මිලියන 1.5 ක් වූ අතර ලොව ප්‍රමුඛ සමාගම් වන ඇමරිකන් එක්ස්‍රස්,ඩෙල්,මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් ගුරුගාන් හි ව්‍යාපාර ආයතන පිහිටුවා තිබීමෙන් සහස්‍ර පුරයේ සිහිනය කොතරම් දුරට සැබෑවී ඇත්ද යන්න තේරුම්ගත හැකිය.එහෙත් ඒ සියලු දේ අතර නගරය ආක්‍රමණය කර ඇති සූකර ගහනය විසින් සහස්‍ර පුරයේ සිහින බොහොමයක් බොඳ කරමින් ඇත.

    සූකරයින්ගේ රජ දහන


    මෙම සහස්‍ර පුරය එසේ නම් කරන්නට පෙරාතුව පැවතී ඇත්තේ නවදිල්ලියේ කසල බැහැර කරන විශාල බිම් ප්‍රදේශයක් ලෙසින්ය. දිල්ලියේ සංවර්ධනය නිසා ගුරුගාන් ඇතුලු තදාසන්න ප්‍රදේශ ගණනාවකම වනාන්තර අහිමිවීම හේතුවෙන් වනයේ ජීවත්වුණු වල් ඌරන් ආහාර සහ නවාතැන් සොයාගෙන ගුරුගාන් නගරය වෙත රංචු පිටින් පැමිණීම සිදුව ඇත. එසේ පැමිණි ඌරන් අද දහස් ගණනින් රංචු වශයෙන් නගරය පුරා තැනින් තැන සිටින අතර වෙනත් කිසිඳු සතෙක්ට ගුරුගාන් නගරයේ වාසය කල නොහැකි තරමට ඌරන් විසින් නගරය ආක්‍රමණය කර ඇත.

    සහස්‍ර පුරය ලෙසින් ගුරුගාන් සංවර්ධනය වී ඇති අතර, අද එය හඳුන්වන්නේ “ඉන්දියාවේ පිහිටි ඩුබායි නගරය“ ලෙසින්ය. එහි ඇති අහස සිඹින ගොඩනැගිලි, සුපිරි මෙට්‍රෝ දුම්රිය, සුඛෝපභෝගී අවන්හල් සහ සාප්පු සංකීර්ණ අතරින් වල් ඌරන් රංචු පිටින් නගරයේ සුන්දර බව මෙන්ම පිරිසිදු බවද දිනෙන් දින පහතට ඇද දමමින් තිබේ.

    නාගරික ඌරන්වූ වල් ඌරන්

    ගුරුගාන් පාලනය වන්නේ HUDA (Haryana Urban Development Authority) යන රාජ්‍ය ආයතනයේ පාලනය යටතේය. ඔවුන් යටතේ නගරය කෙමෙන් කෙමෙන් සංවර්ධනය වෙද්දී කසල කඳු කෙමෙන් කෙමෙන් ඉවත් කරන්නට කටයුතු කරනු ලැබීය. එහෙත් එම කසල බිම්වල රිසි සේ ආහාර බුදින්නට මෙන්ම මඩ ගොඩේ කෙලි සෙල්ලම් කරන්නට හැකිවීම නිසා වල් ඌරන්ට නම් නගරයෙන් පිටවන්නට කිසිසේත්ම අවශ්‍ය නොවන්නට ඇත. අදියර(sectors) වශයෙන් වෙන්කර ඇති ප්‍රදේශවල සෑම මාර්ගයක් ආසන්නයේම විවිධ ප්‍රමාණයේ වල් ඌරන් විශාල ප්‍රමාණයක් සිටීම සාමාන්‍ය දසුනකි. කිලෝ 20 සිට කිලෝ 100 ද ඉක්මවූ විවධ ප්‍රමාණවල වල්ඌරන් දැන් නගරයේ ජීවන රටාවට හොඳින් අනුවර්තනය වී ඇතිබව නගර වැසියන්ගේද මතය වී ඇත.

    සංවර්ධනයට බාධා

    නවදිල්ලියට නොදෙවනි ලෙස ගුරුගාන් නගරය සංවර්ධනය වෙද්දී නගරය පුරා වසංගතයක් මෙන් පැතිර ඇති සූකරයන්ගේ ක්‍රියාකාරකම් එහි සංවර්ධන ක්‍රියාදාමයන්ටද බලපෑම් සිදුවන්නට ඇත. ඒ නිසාම 2008 වසරේ බිහිවූ ගුරුගාන් මහනගර සභාව මෙම වල්ඌරන් නගර සීමාවෙන් ඉවත් කිරීමට විවිධ කටයුතු සිදුකරන ලදි. සතුන්ගේ ජීවිතවලට හානි නොවන ආකාරයට මෙම කටයුතු සිදුවූවද නගරයේ වල් ඌරන් ප්‍රශ්නය විසඳී නැත. බොහොමයක් ලෝකප්‍රකට ආයතන පවතින මෙම නගරයේ, එම ආයතනවලටද වල් ඌරන් ගහනය විශාල ගැටළුවක් බවට පත්ව තිබුණි.

    2015 වසරේදී නගර බලධාරීන් මාධ්‍යවෙත පැවසුවේ එම වසර අගදී නගරය තුල තවදුරටත් වල් ඌරන් රැඳී නොසිටිනු ඇති බවත්, එයට අවශ්‍ය කටයුතු තමන් දැනටමත් කරගෙන යමින් ඇති බවයි.එහෙත් අදටත් ගුරුගාන් නගරයේ තැන තැන කුණු කසල ගොඩවල් අවුස්සමින් සිටින දහස් ගණනක් සූකරයන් ඔබට අද පවා එහි සංචාරයක කලහොත් දැකගත හැකිවණු ඇත. එසේම එම සත්වයින් නගරයේ සංවර්ධන කටයුතු වලට කොතරම් බාධා සිදුකරන්නේද යන්න සිතාගත හැකිවනු ඇත.

    ජනතාව සහ වල් ඌරන්

    අතීතයේ ඉතා දිළිඳු ජනගහනයක් මෙම නගරයේ කොළණි වල වාසය කර ඇත. ගුරුගාන් සහ නවදිල්ලිය අතර පිහිටා ඇති චාන්දනී චෝක්(චාන්දනී කොළණිය) සහ රාජිව් චෝක්(රාජීව් කොළණිය) පවා සංවර්ධනය වෙමින් නගර බවට පත්වෙද්දී ගුරුගාන් වැසියන්ද එම සංවර්ධනයේ ප්‍රතිඵල නෙලාගැනීමට සමත්විය. එහෙත් තම නගරයට අරක්ගත් වල් ඌරන් නිසාවෙන් බොහොමයක් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දෙන්නට ගුරුගන් ජනතාවට අද සිදුව ඇත.එසේම ඇතැම් පවුල් මේ වල් ඌරන් අල්ලාගෙන මස් සඳහා ඇතිකිරීමද සිදුකරනු ලබයි.

    ඔවුන් නිසාවෙන් ගුරුගාන් වල් ඌරු ගහනය තවත් වර්ධනය වී ඇත. සූකරයන් සිය වර්ගයා බෝකිරීම ඉතාම සීඝ්‍රව සිදුකරන නිසා එලෙස ඌරන් ඇතිකරමින් ඔවුන් නගරයට මුදාහැරීමේදී විශාල ප්‍රමාණය ඌරන් නගරය තුල සැරිසැරීමට ඉඩ ලබාදීමෙන් පරිසරයට හානි කිරීමේ චෝදනාව යටතේ නගර වැසියන්ට එරෙහිව නීතියද ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු යෙදීය.එහෙත් ප්‍රශ්නය තවමත් එතැනම බව මාධ්‍ය වාර්තා කරයි.

    අනාගතයට යන ප්‍රශ්න වැල

    ඌරන් හා බැඳුණු ගැටළු නිසා ඇතැම් ආයෝජකයන් ගුරුගාන් නගරයේ ආයෝජනවලට එතරම් කැමැත්තක් නොදක්වන බව මෙම ඌරන් සම්බන්ධ ප්‍රශ්නය ගැන සඳහන් වාර්තාවක සඳහන් වේ. එසේම ප්‍රදේශයේ ජනතාව අතර පැතිර යන රෝගී තත්වයන් නිසාද ගැටළු රැසක් මතුව ඇත. ගුරුගාන් බලධාරීන් රජයේ මැදිහත්වීමද යටතේ නගරය පවිත්‍ර කිරීමේ වැඩසහනෙන් ඉවත්ව මෑත කාලයේදී එය පුද්ගලික අංශය වෙත කොන්ත්‍රාත් පදනම යටතේ ලබාදුන්නද තවමත් දහස් ගණනක් වූ සූකරයන්ට ගුරුගාන් රජදහනක් පරිද්දෙන්ම පවතියි

    උපුටා ගැනීම - https://www.her.lk/travel-girl/611-2018-05-10-17-28-57
     
    • Like
    Reactions: djnick

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    ae9f79fd88567af0bebd27ca7bee5827.jpg