සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද
දුර ට්‍රිප් එකක් ගිහාම පාරේ තියනවා...
ඌරු මස් සමග පොල් රොටී,බත්
වගේ ඒවා..
බෝඩ් ගහලා.
ආසාවට කන්න නෑ බන්..
තනියෙන් එද්දි වාහනේ පිටි පස්සෙ උක්ත ප්‍රකාශිත අමනුශ්‍යෙක් ඉදී කියලා..
(කලින් නම් දවල්ට එක පාරක් කාල තියනවා.. ඒත් එෆ් බී එකේ කෙම්මුර අඩවියක් කියවන්න ගිහින් තමා මේ කේස් එක.. දවල්ටත් බයයි)
නිකමට හිතපන්කො මේ වගේ ගොන් බයිලා විශ්වාස කරන හරක්ට ඡන්ද බලය හම්බුණාම.

ලංකාවෙ තැන් කීයක උෟරු මස් විකුණනවද. එ‍්වා කාලා මොකෙක් හරි වාහනයකට නැග්ග ගමන් උගෙ වාහනේ පිටිපස්සෙ සීට් එකට නගින්න පෙරේතයා ගාණෙ දාලා මේක කොහෙ කරන්නද බං. අනික හිතපන්කො උඹ පෙරේතයා කියලා. වැරදිලාවත් අරූ කෙළ පාරක් ගැහුවොත් ඉවරයි තමයි. අායෙ වාහනෙන් බැහැලා පෙරේත පෝලිමේ පස්සටම ගිහින් තමන්ගෙ වාරෙ එනකල් ඉන්න ඕන.
පෙරේතයොන්ට අැයි බං කඩේ තියල තියෙන උෟරු මස් ටිකක් කාලා ඉන්න බැරි සිරාවටම? උන්ට මොකෙක් හරි කාලා තනියම යද්දිමද වහන්න ඕනෙ. එ‍්කත් වැඩක් නෑ කෙළ පාරක් ගහපු ගමන් ඉවරයි.
ඕකත් හරියට හරියට ලංකාවෙ ගම්මාන 15000 ගාණක ඉන්න ගෑනු රෑට තනියම නෑවොත් එ‍් හැම එකකටම ගිහින් උන්ට වැහෙන කළු කුමාරයාගෙ ගොන් අාතල් එක, ලංකාවෙ කිලෝමීටර් ලක්ෂ ගාණක තියෙන පාරවල් හැම එකේම රෑ දොළහට ළමයෙක් වඩාගෙන යන මෝහීනි වගේම තමයි. අා තව ඔය රටේම ඉන්න එක එකා කොරන ප්‍රාර්ථනා, භාර හාර පූජා ටික මතක තියාගෙන එ‍්වා කරන දෙයියො.
මේකෙ logistics පැත්තම කොච්චර ගොන් බයිලාවක්ද කියල පොඩ්ඩක් හිතල බලහන්කො.
ඉස්සර කාලෙ තම තමන්ගෙ ලෝකය හරිම පොඩි මිනිස්සු හදාගත්ත විකාර විශ්වාසවලට තාම බය වෙන මරි මොංගල් හැත්ත. ඉන්නවා කියන යක්කු දෙයියො කී තැනක එකපාර ඉන්න ඕනද කියලවත් පොඩ්ඩක් හිතන්න මොළේ තිබ්බා නම් ප්‍රශ්නෙ විසඳෙනවා. කොහෙද ඉතින්.


