ඌරු මසුයි පොල් රොටියි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    F376803A-97F5-4A3C-8FBA-E36EC162EE7A.jpeg


    සෑහෙන කාලයක් ට්‍රයි කරලා, ලොකු කැපවීමක ප්‍රථිපලයක් විදිහට අපේ එකෙක් , ලංකාවෙ තැඹිලි වතුර බෝතල් කරලා පිටරට යවන්න පටන් ගත්තා , එයාව උදාහරණෙට අරන් ගස් යට කුණු වෙලා යන කොස් දෙල් , එළවලු පලතුරු ටිකක් වේලලා පිට රටකට යවලා ගොඩ යන්න හිතනවා වෙනුවට, වටේ ඉන්න සෙට් එකම දැන් තැඹිලි වතුර රට යවන්න පටන් අරන් ,
    ගූගල් සර්ච් කරලා බැලුවම ලංකාවේ පිට රට යවන්න තැඹිලි ඇරෙන්න වෙන කිසිම දෙයක නැහැ වගේ .ඒ තරමට ම තැඹිලි වතුර වෙළෙන්දෝ.🍶

    තව කෙනෙක් අලුත් විදිහට හිතලා , තමන්ගෙ කාර් එකේ ඩිකියේ තියාගෙන ඌරු මසුයි පොල් රොටියි විකුණන්න පටන් ගත්තා , සතියක් ගියෙ නැහැ , සමහරු සල්ලි දීලා මැරූටියක් අරන් මසුයි රොටියි විකුනන්න පටන් ගත්තා , දැන් පාරවල් වල පෝලිමට තවත්තල තියන රොටි කාර් දැකලා දැකලාම මිනිස්සුන්ට ඌරු මසුයි පොල් රොටියි කන්න තියා නම ඇහෙනකොටත් එපා වෙලා. 🙅

    කව්රු හරි ටයර් කඩයක් දාලා ඒකෙන් ගොඩ යාගෙන එනකොට , ඊට එහාපැත්තෙන් spare parts කඩයක් දාගෙන දෙන්නම ගොඩ යනවා වෙනුවට , ගේමට වගේ තමනුත් ඒ ලඟින්ම ටයර් කඩයක් දා ගත්තම වෙන්නෙ ඌටත් බිස්නස් නැහැ , මූටත් නැහැ , දෙන්නම බංකොලොත් .👎

    මොනවා නැතත් අපේ මිනිස්සු තරම් කොපි කරන්න දන්න ජාතියක් නම් ආයෙ ලොවෙත් නැහැ .🤐

    හැබැයි ඒකෙන් වෙන්නෙ එකෙකුටවත් ගොඩ යාමක් නැති වෙන එක විතරයි .රටක් විදිහට ඉතින් හැමදාම අපි එකම තැන ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. 😰


    හිතන්නට යමක් .......
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකෙක් සාර්ථකව කරන බිස්නස් එකක් දැක්කම ඒකම කොපි කරල බිස්නස් එකක් පටන් ගන්න එක වැරදිද බ්‍රෝ? ආර්ථික විද්‍යාවෙදි නම් අපි ඉගෙනගන්නෙ ඉල්ලුම වැඩිවෙනකොට සැපයුම වැඩිවෙනව කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    අපේ උන් අනිත් උන් කරපු පලියට පටන් ගත්තට කරගෙන යන්න බෑ.. කා ගෙන අල්ලගෙන හිටියම හරි. සාර්ථක උන්ටික ඉදල අනිත් උන් ටික හැලිලා යනවා. වෙන උන්ට ලේසියෙන් දෙන්න බැරි සර්විස් එකක් දුන්නම හරි. එහෙම උනාම තමයි ගන්න මිනිස්සුන්ට අන්තිමටම හොද දෙයක් ලැබෙන්නේ සහ හොද බ්‍රෑන්ඩ් හැදෙන්නේ. අනිත් අයත් පටන් ගත්ත, අපි ඉවරයි කියලා උන්ට බැනලා වැඩක් නෑ . මොලෙන් ගහන්න ඕනේ මොලෙන්. :)
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඕක අපෙ රටෙ හැමදෙකම තියෙනවා බන් .
    අමරසිරි පීරිස් ඇපල් මලක් වාගෙ සින්දුව ගැහැව්වා විතරයි මලකින් පටන්ගන්න හො මලක් ගැන කියවෙන සින්දු කීයක් ලියවුණාද ?

    ඊට පස්සෙ ඉරාජ්ලා බන්ග්‍රා මියුසික් බීට් වලින් සින්දුවක් කලා අහංකාර නගරෙ.
    ඊය පස්සෙ ගොඩක් උන් ඒ බීට් එකම කොපි කරා.
    රජ කතා රැල්ලක් ආවා
    මල් සින්දු උනත් එහෙමනෙ ?

    චන්දිමාල්ගෙ බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සෙ සැලුන් නම් කීයක් ඕපන් උනාද ?
    මගෙම දන්න ගොඩක් යාළුවො වෙඩිං බිස්නස් එකෙ තමා ඉන්නෙ.
    ඒ කිව්වෙ ෆ්ලොරා .
    අනෙ මන්දා බන් .
    ඔව්වා හදන්න බැහැ.
    යු ටියුබ් චැනල්ස් උනත් එහෙමනෙ ?
    බලපන්කො මැටි වලං හදන බිස්නස් ඇරෙන හැටි.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කොටිකාවත්තේ ඌරු මස් එක්ක රොටි වික්ක ඩයල් එකට ඊයේ රෑ ගහල. ඒ මනුස්සය මලා. නිවුස් වලත් යයි අද. රොටි ගන්න ආපු කෙනෙක් තමයි රණ්ඩු වෙලා තියෙන්නේ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    කොටිකාවත්තේ ඌරු මස් එක්ක රොටි වික්ක ඩයල් එකට ඊයේ රෑ ගහල. ඒ මනුස්සය මලා. නිවුස් වලත් යයි අද. රොටි ගන්න ආපු කෙනෙක් තමයි රණ්ඩු වෙලා තියෙන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    තම්බින්ගෙ ප්ලොට් ට්විස්ට් ගේම් එකක් .
    පෙනවානෙ
    සිංහළු ලෙඩවෙලා මැරෙනවා
    ගහගෙන මැරෙනවා.
     
    • Haha
    Reactions: ROCCO-X

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක අතකට සිංහල මිනිස්සු ලැජ්ජාව බය මාන්නේ පැත්තක දාල පාරට බැහැල කාර් එකේ හරි බිස්නස් කරන්න යොමුවෙන එක හොඳයි. පස්සේ යුරෝපේ වගේ කෑම කරත්ත පිටින් පටන්ගෙන දියුණු වෙන්නේ නැතැයි.