සෑහෙන කාලයක් ට්‍රයි කරලා, ලොකු කැපවීමක ප්‍රථිපලයක් විදිහට අපේ එකෙක් , ලංකාවෙ තැඹිලි වතුර බෝතල් කරලා පිටරට යවන්න පටන් ගත්තා , එයාව උදාහරණෙට අරන් ගස් යට කුණු වෙලා යන කොස් දෙල් , එළවලු පලතුරු ටිකක් වේලලා පිට රටකට යවලා ගොඩ යන්න හිතනවා වෙනුවට, වටේ ඉන්න සෙට් එකම දැන් තැඹිලි වතුර රට යවන්න පටන් අරන් ,
ගූගල් සර්ච් කරලා බැලුවම ලංකාවේ පිට රට යවන්න තැඹිලි ඇරෙන්න වෙන කිසිම දෙයක නැහැ වගේ .ඒ තරමට ම තැඹිලි වතුර වෙළෙන්දෝ.
තව කෙනෙක් අලුත් විදිහට හිතලා , තමන්ගෙ කාර් එකේ ඩිකියේ තියාගෙන ඌරු මසුයි පොල් රොටියි විකුණන්න පටන් ගත්තා , සතියක් ගියෙ නැහැ , සමහරු සල්ලි දීලා මැරූටියක් අරන් මසුයි රොටියි විකුනන්න පටන් ගත්තා , දැන් පාරවල් වල පෝලිමට තවත්තල තියන රොටි කාර් දැකලා දැකලාම මිනිස්සුන්ට ඌරු මසුයි පොල් රොටියි කන්න තියා නම ඇහෙනකොටත් එපා වෙලා.
කව්රු හරි ටයර් කඩයක් දාලා ඒකෙන් ගොඩ යාගෙන එනකොට , ඊට එහාපැත්තෙන් spare parts කඩයක් දාගෙන දෙන්නම ගොඩ යනවා වෙනුවට , ගේමට වගේ තමනුත් ඒ ලඟින්ම ටයර් කඩයක් දා ගත්තම වෙන්නෙ ඌටත් බිස්නස් නැහැ , මූටත් නැහැ , දෙන්නම බංකොලොත් .
මොනවා නැතත් අපේ මිනිස්සු තරම් කොපි කරන්න දන්න ජාතියක් නම් ආයෙ ලොවෙත් නැහැ .
හැබැයි ඒකෙන් වෙන්නෙ එකෙකුටවත් ගොඩ යාමක් නැති වෙන එක විතරයි .රටක් විදිහට ඉතින් හැමදාම අපි එකම තැන ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
හිතන්නට යමක් .......
