ඌවේ සංවර්ධනයට මිලියන 5179.8ක් ආසියාවේ ආශ්චර්ය

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ඌවේ සංවර්ධනයට මිලියන 5179.8ක් ආසියාවේ ආශ්චර්ය

ගැමි ජනතාවගේ ආර්ථිකයේ හෙට දිනය ශක්තිමත් කිරීමට

ඌවේ සංවර්ධනයට මිලියන 5179.8ක්

ග්‍රාම නිලධාරි වසම් 886කට ප්‍රතිපාදන
ගම නංවන ජනපති සංකල්පය සැබෑවක් කරන පියවර
ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට ශක්තියක්


මහින්ද අලුත්ගෙදර
ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ශක්තිමත් කොට යහපත් හෙට දිනක් නිර්මාණය කිරීමේ අරමුණින් ඌව පළාතට අයත් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන් හි සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 5,179.8 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස26ට අයත් ග්‍රාම නිලධාරී වසම් 886 ක සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර එමඟින් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවට විශාල සේවාවක් සැළසෙන බව ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 පිහිටි ග්‍රාම නිලධාරී වසම් 567ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 පිහිටි ග්‍රාම නිලධාරී වසම් 319 ක් මේ ඊට අයත්වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
නගරයට සීමා වී තිබූ සංවර්ධන කටයුතු ගමට ගෙන යමින් ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව වත්මන් රජය පියවර ගෙන තිබෙන බව සිහිපත් කරන බැසිල් රාජපක්ෂ මහතා ඒ අනුව සමස්ථයක් ලෙස රටේ සෑම ප්‍රදේශයක්ම එක හා සමාන ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කරයි.
මේ වසර වෙනුවෙන් අදාළ ප්‍රතිපාදන මුදල් වෙන්කර තිබෙන අතර මේ සියලු සංවර්ධන කටයුතු ග්‍රාමීය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බව පවසන ආර්ථික සංවර්ධන ඇමැතිවරයා රටේ සෑම ප්‍රදේශයක්ම සංවර්ධනය කිරීම හරහා ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට දැවැන්ත ශක්තියක් සපයන බවද කියාසිටී.
මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන 3,246ක මුදලක් වෙන්කර තිබෙන අතර පුමුදමු වෙල්ලස වැඩසටහන සඳහා රුපියල් මිලියන 1,478, දිවිනැඟුම ජාතික වැඩසටහන සඳහා රුපියල් මිලියන 180, විමධ්‍යගත අයවැය වෙනුවෙන් රුපියල් මිලියන 40, ගම නැගුම සඳහා රුපියල් මිලියන 840, වනජීවී සංරක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 54ක් සහ ජනතා නියෝජිතයන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙන්කළ රුපියල් මිලියන 175 ඒ අතර වෙයි.
ඊට අමතරව පළාත් පාලන ආයතන හරහා රුපියල් මිලියන 270ක් සහ කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා රුපියල් මිලියන 139ක් වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මේ අතර ඌව පළාතට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ද ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර විවිධ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා එම මුදල් යොදවා තිබේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් යොදවා තිබෙන මුදල රුපියල් මිලියන 1,933.8ක් වන අතර පුමුදමු වෙල්ලස වැඩසටහන සඳහා රුපියල් මිලියන 763.6, දිවිනැඟුම ජාතික වැඩසටහන සඳහා රුපියල් මිලියන 81.2, විමධ්‍යගත අයවැය වෙනුවෙන් රුපියල් මිලියන 25, ගම නැගුම සඳහා රුපියල් මිලියන 483, වනජීවී සංරක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 90, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 40ක් සහ ජනතා නියෝජිතයන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙන්කළ රුපියල් මිලියන 100 ඒ අතර වෙයි.
ඊට අමතරව පළාත් පාලන ආයතන හරහා රුපියල් මිලියන 140ක් සහ කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා රුපියල් මිලියන 211ක් වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කර ඇත. මේ සියලු ප්‍රතිපාදන මුදල් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් වෙන්කර තිබෙන අතර එම සංවර්ධන ව්‍යාපෘති මඟින් ජනතාවට විශාල සේවයක් මෙන්ම රටේ සංවර්ධනය වේගවත් කිරීම අපේක්ෂාව බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉතා කෙටි කලක් තුළ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව විශාල සංවර්ධනයක් ලබා තිබෙන බව පවසන ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කලාපීය වශයෙන් වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමින් ඉහළ ආර්ථීක වර්ධන වේගයක් ලබා තිබෙන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක වන බවද අවධාරණය කරයි.
from :.dinamina.lk/2014/08/01/_art.asp?fn=n1408011