ඌව පළාතට ලැබුණු ඓතිහාසික දායාදය යුදඟනාව &#3515

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌව පළාතට ලැබුණු ඓතිහාසික දායාදය යුදඟනාව &#3515

    යුධඟනා මහවෙහෙර සිත් තැවුලට වන්දියකි
    ඌව පළාතට ලැබුණු ඓතිහාසික දායාදය යුදඟනාව රජමහා වෙහෙර
    (ක්‍රි.ව. 1153 – 1186)


    vJ0qA99.jpg


    දුටුගැමුණු රජ දකුණේ සේනාව රැස්කර උතුරට ගියේ මොනරාගල බුත්තල හරහාය. බුත්තලට ඒ නම ලැබුණේ එකල සිංහල හමුදාවලට නිරන්තරයෙන්ම බත සැපයු මහ දන්සැලක් එහි තිබු බැවිනි. ඒ අනුව බත්හල පසුව බුත්තල වී ඇතැයි ජනප්‍රවාදවල පවතී.

    මේ බුත්තලින් බත් කෑ සිංහල සේනාව පසුව බුත්තල සිට සැතපුම් 1 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයේ ගිමන් හැරීම ද කර ඇත.
    වත්මන් මොනරාගල යුදඟනාව පුරාණ රජමහා විහාරාධිකාරී ගල්ටැම්වත්තේ නන්දරතන හිමි පවසන පරිදි දුටුගැමුණු කුමාරයා උතුරේ සටනට ගියේ මේ යුදඟනාව චුලංගනි මහ වෙහෙරට පැමිණීමෙන් පසුවය.


    jz8CGwQ.jpg


    අප මාතෘ භූමියේ ඇති සුවිසල් චෛත්‍ය අතර යුදඟනාව චෛත්‍යයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මෙම චෛත්‍යය ගොඩ නංවා තිබෙයි.ඌව ප්‍රදේශයේ ඇති සුවිශාලම ස්තූපය මෙය වෙයි.
    යුධඟනා දාගැබ ඉතිහාස වංශ කතාවේ අපූර්ව වූ සංසිද්ධියක් නිසා ඉදිවෙන පූජනීය ස්මාරකයකි. ඒ නිසාම මෙය ලාංකික ස්තූපයන් අතර විශේෂත්වයක් උසුලයි.
    අපගේ ඉතිහාසය පිරික්ෂීමේදී යුදඟනාව සංග්‍රාමයන් වෙනුවෙන් සැදුණු සංග්‍රාම භූමියක් මෙන්ම කඳවුරු බිමක් ලෙස හඳුනා ගැනීමට පුළුවන. සිංහල රාජ්‍යයේ සුරක්‍ෂිතභාවය සඳහා රණවිරුවන් පුරුදු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්ව පැවැති ඌව වෙල්ලස්සේ යුදඟනාව යුද ඉතිහාසයේදී ප්‍රබල මෙහෙවරකට උරදුන් ස්ථානයක් බව මෙසේ හඳුනා ගත හැකිය.

    දුටුගැමුණු රජතුමා එළාර සමඟ සටන් කිරීම සඳහා ගිය විජයග්‍රාහී ගමන් මගේ එක් සංධිස්ථානයක් වූයේ යුදඟනාව බව කියැවෙයි. සටනට පිලිපන් සිංහල සේනාවට අවශ්‍ය දෑ සම්පාදනය කෙරුණේ මෙහි සිටය. එසේම එම ඓතිහාසික මහා සංග්‍රාමයේදී ඌව වෙල්ලස්සේ යුදඟනාවත් එමෙන්ම මහියංගණයත් ප්‍රධාන කඳවුරු දෙකක් වශයෙන් තෝරා ගැණුනු බව සඳහන් වෙයි.

    එම නිසා මෙම ඓතිහාසික යුදඟනාව රට එක්සේසත් කිරීම වෙනුවෙන් දුටුගැමුණු නිරිදාණන් කළ මහා විමුක්ති අරගලයට ලක්මව දායාද කළ එක් අභීත රණකාමී භූමිපුත්‍රයෙකි. රාජ්‍ය ඒකීයත්වය වෙනුවෙන් මෙන්ම අනන්‍ය වූ ඒකීය රාජ්‍යයක පිවිතුරු සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් උදාරතර සටනකට අභීතව මුහුණ දුන් දුටුගැමුණු මහා නරපතියාණන් තවත් වියවුලකට මුහුණ පාන්නේද මෙම යුදඟනාපිටියේදීම වීමද අමතක නොකළ හැකි සිදුවීමකි.

    ‘ඌව වෙල්ලස්ස බුත්තල චූලංගනී පිටියේදී දුටුගැමුණු – සද්ධාතිස්ස දෙසොයුරන් අතර යුද්ධයක් සිදුවූ බව (ක්‍රි.පූ. 2 සියවස) ප්‍රකට ඉතිහාස ප්‍රවෘත්තියකි. දුටුගැමුණු රජතුමා සිය සොහොයුරා සමඟ යුද වැදීමෙන් සිදුවූ සිත් තැවුල මැකීමටත් එම සටන සදා සිහිවීම පිණිසත් චූලංගනී පිටිය අසල සටන සිදුවූ අංගනයේ සුවිසල් දාගැබක් ඉදි කෙරිණි. එය යුදඟනා දාගැබ බව ඓතිහාසික සාධක අනුව පිළිගත හැකිය.

    (ඓතිහාසික යුදඟනාව ඌරුගමුවේ අස්සජි හිමි)
    මෙම පවුලේ අභ්‍යන්තර අවුල් සංග්‍රාමයට හේතුවන්නේ කාවන්තිස්ස පිය රජතුමාගේ අභාවයෙන් පසුව රාජ්‍යත්වය පිළිබඳ ඇතිවන ගැටලුකාරී පසුබිම ය. පියාගේ මරණයෙන් පසුව සද්ධාතිස්ස කුමරු තම මව මෙන්ම ජාතියේ මහා මාතාව වූ විහාරමහා දේවිය ද සංග්‍රාමයන්හි අභිමානය පෑ හැකි කඩොල් ඇතාද රැගෙන දිගාමඩුල්- ලට පැන යයි.

    රට ජාතිය එක්සේසත් කිරීමේ මහා විමුක්ති අරගලයට ආශිර්වාදයත් මහා ජවයත් වෙනුවෙන් තම මෑණියන්ද කඩොල් ඇතා ද මාගමට එවන ලෙස දන්වා දුටුගැමුණු කුමරු සොහොයුරා වෙත හසුන්පත් කීපයක් යැවුණද එයට අවනත නොවුන නිසා මෙම නිරර්ථක සොයුරු සටන පැන නගියි. පසුව ජාතියේ මුරදේවතාවන් වූ මහා සංඝරත්නයේ මැදිහත් වීම නිසා දෙසොහොයුරන් සමගි වී මෙම ඛේදනීය සටන ද සමනය වෙයි.එසේ විටෙක ශෝචනීය යුද අංගණය, ජාතියේ විජයග්‍රහණයේ කෙම්බිමක් වී අවසන සසර අඳුරු යුද බිය දුරැර නිවී පහන් වී ළය සනසාලන පින්බිමක් බවට පරිවර්තනය වෙයි.

    සද්ධාතිස්ස රාජෙන – කාරිතං සන්ති මාවහං
    යුද්ධංගණ විහාරස්මිං - ථූප රාජං නමාමහං

    සද්ධාතිස්ස රජු විසින් කරවන ලද නිවන් සුවගෙන දෙන්නා වු යුදඟනා වෙහෙරෙහි ථූපරාජයා මම නමදිමි.

    මෙම යුදඟනා චෛත්‍යය වන්දනා ගාථාව රචනා කර ඇත්තේ රාජකීය පණ්ඩිත කැකුණවෙල ශ්‍රී පියරතන අනු නා හිමියන් විසිනි.
    වර්තමාන යුදඟනා ස්තූපයේ සම්පූර්ණ උස මීටර් 26 යි. සෙ.මී. 40 කි. වට ප්‍රමාණය වට අඩි 1038 යි. අඟල් 6 ක් පමණ වෙයි.
    සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකළ චෛත්‍යය දෙවැනි වරට වැඩිදියුණු කරන ලද්දේ මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 – 1186) රජතුමා විසිනි. ඓතිහාසික සන්නස් අතර සුවිශේෂී සන්නසක් වු යුදඟනා වෙහෙර ද සන්නසෙහි රාජාධිරාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1781 – 1798) කළ පූජාවක් සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් (1798 – 1815) පූජා කරන ලද ඉඩම් හා කුඹුරු පිළිබඳ විස්තරයක් ඇතුළත් වෙයි.
    පසුව නටබුන් බවට පත්වූ යුදඟනා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙන්නේ 1979 වසරේදීය. එය අඩපණ වී දෙවැනිවර 1992 වසරේදී නැවත වැඩ ඇරඹෙයි.

    සොයුරු බන්ධනයට අභියෝග කළ නිරර්ථක යුද්ධයකින් පැණ නැඟුණු සිත් තැවුල සමනය කරවා ගැනීමට වන්දියක් වශයෙන් සද්ධාතිස්ස කුමරු විසින් ඉදිකළ මෙම චෛත්‍යයේ සම්පූර්ණ වැඩ අහවර කිරීමට එදා නොහැකි වූයේ රෝගී වූ දුටුගැමුණු රජතුමා තම එකම මල්ලීව අනුරාධපුරයට කැඳවූ නිසා බව වංශ කතා අනුව සනාථ වෙයි.

    මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 2010 වසරේදීය. සද්ධාතිස්ස කුමරුට වැඩ අවසන් කර ගැනීමට නොහැකි වූ මේ මහා ස්තූපයේ තහවුරු කිරීමේ කාර්ය මෙදින වනවිටත් අවසන් වී නොමැති බව ඡායාරූපය දකින ඔබටද පෙනෙණු ඇත. ඉන් සිතට කනස්සල්ලක් දැණුනද එය පූජනීයත්වයට මෙන්ම වන්දනීයත්වයට බාධාවක් නොවන බව හැඟෙන්නේ ප්‍රතිභාපූර්ණ කවිවර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මෙම නිර්මාණශීලි ගේය පද පෙළ මෙම හුදකලා බිමේදී ඇසෙන සෙයකි.
    වෙල්ලස්ස ඌව දෙණිබිම් අතර සැඟවෙමින් වන වැදී
    යුදඟනා වෙහෙර නිදහන් දැයේ සුවහසක් රැක සිටී.
    සෙඳව් නිලඹර දුලන සදා බුත්තල බිමට කිරුළු වී
    බැතින් නමදිම් සාධු – යුදඟනා මහ වෙහෙර – වැඳ වැටී


    InmHRT6.jpg


    mXeg2OT.jpg


    i1PfsNc.jpg


    උපුටා ගැනීම facebook

    https://www.facebook.com/sridaladamaligawa?ref=stream

    මුල් අයිති කරුවන්ට මෙහි ගෞරවය ලැබිය යුතුය
    (නාලක සංජිව කුමාර හා සුමිත් දර්මසිරි)

    සියල්ලන්ගේ දැනගැනීම පිණිස මෙහි දක්වන ලදී

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි එක්ක බෙදා ගත්ත එක ලොකු දෙයක්
    ඔය පළාත් වල ලොකු උදවිය ඕවා ඉස්සරහටත් පරිස්සම් කරගන්න කටයුතු කොරොත් එක ලොකු දෙයක්

    දළදා පේජ් එකේ ගොඩක් වටින දේවල් ශේයාර් කරනවා එළකිරි