එංගලන්තයට දැඩි සීමා...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    M7gfTWH.jpg


    එංගලන්තයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල සහ ලන්ඩන් නුවර වැසියන්ට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ‘නිවසේ රැඳි සිටීමේ’ නියෝගයක් නිකුත් කළේය.

    මේ සමඟ එංගලන්ත වැසියන්ගේ නත්තල සැමරීමේ බලාපොරොත්තු රැසක් බිඳ වැටෙනු ඇතැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    බ්‍රිතාන්‍ය තුළ මේ වනවිට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබෙන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

    නව කොරෝනා වයිරසය හේතුවෙන් පනවා තිබෙන සීමා මධ්‍යයේ ජනතාවට නත්තල සැමරීමට අවස්ථාව දෙන බවත් නත්තල අවලංගු කිරීම ‘අමානුෂීය’ බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මීට දින කිහිපයකට පෙර පැවැසීය.
    ඒ අනුව “bubble” සැලසුම් යටතේ උත්සව සැමරීමටත් පවුලේ සාමාජිකයන් සහ සීමිත අසල්වැසියන් කිහිපදෙනකුට පමණක් එක්ව නත්තල සැමරිය හැකි බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී පැවැසීය.

    කෙසේ නමුත් දිනෙන් දින වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ සිවුවැනි මට්ටමේ දැඩි සීමා පැනවීමට
    සිදුවන බව මාධ්‍ය හමුවක් කැඳවමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

    ඒ අනුව නත්තලට වෙනත් ප්‍රදේශයක ජීවත්වන පවුලකට තවත් ප්‍රදේශයක සිටින පවුලක් හා එක්වීමට නොහැකි වන අතර නත්තල් දිනයේදී එනම් දෙසැම්බර් 25 වැනිදා දීර්ඝ සංචාරවල නොයැදෙන ලෙස ද සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.

    ස්කොට්ලන්ත සහ වේල්සයේ ආණ්ඩුවලට ද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් ද නත්තල අදාළව වෙනමම සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ සහ සීමා නිවේදනය කිරීමට නියමිත ය.

    (ද ගාඩියන් ඇසුරිනි)