එංගලන්තය සමාව ඉල්ලයිද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එංගලන්තය සමාව ඉල්ලයිද ?

    එංගලන්තය අපෙන් සමාව ඉල්ලා









    මෙවන් යෝජනාවක් ගෙන ඒමට මත්තෙන් එංගලන්තය අපෙන් සමාව ඉල්ලා

    අපෙන් පැහැරගත් වස්තුව නැවත බාර දිය යුතුයි.

    රියර් අද්මිරාල් සරත් වීරසේකර ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතා කියයි .

    මෙම යෝජනාව එංගලන්තය සහ ජර්මනිය විසින් ගෙන එන්නක් .පළමු යෝජනාව දරුස්මාන් වාර්තාව මත පදනම් වූවකි ලොර්ඩ් නෙස්බි සාමිවරයා පවා එය සාවද්‍ය බව කිව්වා එන්oගලන්ත අගමැතිනි කියනවා ඇය ත්‍රස්තයන්ට විරුද්ධව සටන් කරන ඇයගේ සෙබළු බේරා ගැනීමට මානව හිමිකම් නීති වෙනස් කිරීමට පවා පසු බට නොවන බව .කණගාටුවට කාරණය ඒ එංගලන්තයම ත්‍රස්තවාදයට විරුද්ධ ව සටන් කළ අපේ හමුදාවට චෝදනා කරනවා

    මේ දෙබිඩි පිළිවෙත බලන්න එක් පැත්තකින් එංගලන්තය අපේ රණ විරුවන්ට නඩු පවරනවා .අනෙක් පැත්තෙන් මරාගෙන මැරෙන ත්‍රස්ත කාන්තාවන් පුහුණු කල ඇඩලා බාලසිංහම් ට එංගලන්තයේ රැකවරණය දෙනවා .ඇමෙරිකාව අපේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්න හදනවා අනෙක් පැත්තෙන් ඇමරිකන් සෙබළුන් නඩු දාන ජාත්‍යන්තර යුද අධිකරණ විනිසුරුවන්ට දඬුවම් කරනවා .මෙඩ්ලින් ඕල්බ්‍රයෙට් එදා කිව්වා අමෙරිකන් සම්බාධකවලින් ඉරාක දරුවන් ලක්ෂ 5 ක් හාමතේ මිය යද්දී එය සාධාරණ බව. ලංකාවේ ජනතාව ,එංගලන්තයේ හෝ ඇමරිකාව මානව හිමිකම් ගැන කතා කරද්දී ගණන් ගන්නේ නැත්තේ ඒකයි .

    එංගලන්තයට කිසි ම ශිෂ්ට අයිතියක් නැහැ අපට මානව හිමිකම් කඩ කිරීම ගැන කතා කරන්න .අපි ඔවුන්ගේ යටත් විජිතයක් ව සිටිය දී රොබට් බ්‍රවුන්රි ගේ අණ යටතේ අවුරුදු 18 ,35 අතර සියලු සියලුම සිංහලයෝ මැරුවා ,සියලුම සිංහල කාන්තාවන් දූෂණය කර කළා ,පලතුරු ගස් ,කුඹුරු ,වැව් විනාශ කළා .වෛද්‍ය ජෝන් ඩේව් ලියනවා ඉංග්‍රීසි හමුදාව සිංහල ජනගහනයෙන් සියයට හතක් මරා දැමූ බව .

    ලුතිනන් මැක්ලේන් කුප්‍රකට වෙලා තියෙන්නේ ඔහු උදේ ආහාර ගන්නා විට ඔහුට සිංහලයෙක් ව එල්ලා මරනවා දකින්න කැමති නිසා. කර්නල් හුක් කිසි ම නඩු විභාගයක් නැතිව සිංහලයන් එල්ලා මරා තියෙනවා .

    පරණ පුරුදු අතහරින්න අපහසුයි .අපිව යටත් කර ගත් ,අපේ සංස්කෘතිය විනාශ කළ
    බ්‍රිතාන්‍යන් දැන් ආයෙත් වැඩ පටන් අරන් .අපි නියෝග කරනවා එංගලන්තයට අපිට වගවීම් ගැන බණ දේශනා කරන පළමුව අපෙන් සමාව ඉල්ලා අපෙන් පැහැර ගත් පුස්කොළ පොත් ඇතුළුව අපේ වස්තුව නැවත භාර දෙන්න කියා .
    වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මානුවන් මිලියන දෙකක්
    හාමතේ තබා මිය යන්න සැලසුවා එහෙව් ජර්මනිය එංගලන්තය සමග අපට මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක්.මෙයට සම අනුග්‍රහකත්වය දක්වන අපේ නායකයෝ නිවට ඇති.නමුත් ලාංකීක ජනතාව නිවට නැත.



    ඒ වගේම මේවත් අගය කල යුතුයි

    එleadක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව නිල වශයෙන් පෙරේදා (20 දා* ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන ලදී.

    ආණ්ඩුව තමන්ගේ කාර්යාලය සමග තිරසාර සහයෝගයෙන් කටයුතු කිරීම ගැනත්, ආණ්ඩුවේ විවෘත සංවාදශීලී ප‍්‍රතිපත්තිය ගැන තමා සතුටට පත්වන බවද මිචෙල් බැචලේ ජිනීවා සමුළුව හමුවේ ප‍්‍රකාශ කළාය.

    මිචෙල් බැචලේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය දේශනයේදී මුල් අවදියේදී එසේ ප‍්‍රකාශ කළද ඇගේ කතාව දිග්ගැස්සෙද්දී බළලා මල්ලෙන් එළියට පනිනු දැක ගත හැකිවිය.

    ඇය මෙහිදී ප‍්‍රධාන යෝජනා දෙකක් ගෙනාවාය. එක් යෝජනාවකින් කියවුණේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයක්් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමයි. ඇය දෙවනුව යෝජනා කරනු ලබනුයේ අප රටේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවන ලෙසයි.

    මෙම යෝජනා දෙකම ජිනීවා සමුළුවේදී විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා ප‍්‍රතික්ෂේප කළේය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීම කෙසේවත් සාධාරණීකරණය කළ නොහැකි බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඇමැති තිලක් මාරපන මහතා මෙහිදී ලබාදුන් පිළිතුර ද තාර්කිකය. දෙමුහුන් අධිකරණයක් මෙරට පිහිටුවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඉඩක් නොමැති බව ඇමැතිවරයා බැචලේගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේය. දෙමුහුන් අධිකරණයක් මෙරට පිහිටුවා පුරවැසියන් නොවන පුද්ගලයින් ඊට ඇතුළත් කරගැනීම සඳහා නීති සම්මත කරගන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡුන්දයක් මෙන්ම ඊට ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවද ඇමැතිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ප‍්‍රකාශ කළේය. මෑත කාලීනව රජයක් ලෙස ජිනීවා සමුළුව හමුවෙ අප රටේ ප‍්‍රතිපත්තිය ඍජුව ප‍්‍රකාශ කළ අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැකිය. පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව අප එය අගය කළ යුතුය.

    මෙම ජිනීවා සමුළුවේදී බැචලේගේ කුප‍්‍රකට බොරු රැුසක් එළියට පැන්නාය. ඇයගේ ප‍්‍රකාශයකින් කියවුණේ හමුදාව උතුරේ අත්පත් කර තිබූ ඉඩම් වලින් ජනතාවට මුදාහැර ඇත්තේ 75% ක් පමණක් බවයි. ඇයගේ ගණන හිලව් වැරදි බව තිලක් මාරපන මහතා ජිනීවා සැසියේදී හෙළි කළේය. ඇමැතිවරයා පෙන්වා දුන්නේ හමුදා අත්පත් කරගත් රජයේ ඉඩම් වලින් 88.87% හා පෞද්ගලික ඉඩම් වලින් 92.16% ක් නැවත භාරදී ඇති බවයි.

    අපගේ හමුදා සම්බන්ධයෙන් ද මිචෙල් බැචෙලේගේ තක්සේරුව පවතිනුයේ අවතක්සේරු මට්ටමේය. ශ‍්‍රී ලංකා හමුදාව යුද්ධ කළේ තාපසයන් සමඟ නොව ලොව අංක එකේ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ බව ඇයට අමතකය. ඒත් යුද්ධයෙන් බැට කා රටක් වශයෙන් අපි එහි ඇති ආදීනව හොඳින් දන්නෙමු. ඒ ගැන පුන පුනා කිවයුතු නැත. මේ සම්බන්ධයෙන් ද පැහැදිලි උත්තරයක් ඇමැති තිලක් මාරපන මහතා ජිනීවා සමුළුව හමුවේ පෙන්වා දුන්නේය. අපේ හමුදාව සටන් කළේ බොහෝ රටවල් විසින් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර තිබූ එල්ටීටීඊ සංවිධානය සමග බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එය කිසිසේත් කිසියම් ජනකොට්ඨාසයක් වෙත එල්ල කළ සටනක් නොවන බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. එනිසාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට අප රටේ කීර්තිමත් රණවිරුවකු වන ශවේන්ද්‍ර සිල්වාට හමුදාවේ තනතුරු ලබාදීම පිළිබඳව කිඹුල් කඳුළු හෙළීමෙන් පලක් නොවනු ඇත.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ *න්න ආණ්ඩුව ඇයි මේවගේ යෝජනා තියෙන වාර්තාවක් ගේන්න සම අනුග්‍රහය දෙන්නේ?. ජාත්‍යන්තරය අපේ රට ගැන මොන විදියට හිතයිද?. රට බේරගත්ත රණවිරුවන්ට මොන වගේ ඉරණමක් අත්වෙයිද? සරත් පොන්සේකලා වගේ අයත් ඉන්න රජයක් මේ විදියට වැඩ කරන්නේ පිටකොදු බිද වැටිලද?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,508
    1,079
    113
    srilanka
    mokadda makata kiyanna ????????????? okata karanna dawal tiyanawa. eth 225 hariyata inna oniii. ape rata hariyata palanaya wanna onii. tawa godak dawal tiyanawa kiyanna.??? mama nam kiyanawata wada wada karanna kamatiii. wada karala kiuwata nam kamak naha. elakiri danuwat wanna post dana eka hodai.. eth api makata mokakhari karanna oniii. eg:-england walin srilankawat koccara dawal (anayanya karawada??) ape dawal koccara wasstuwa tiyanawada??? owata pilituru ha patipala onii.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මේ මිනිහගේ වැඩේ ජිනීවා ගිහින් සෙක්ස් ෂොප් වල ආතල් ගන්න එක. මුන් කැමති මේ ප්‍රශ්නේ දිගටම ඇදෙනවට, මුන්ට ආතල් ගන්න පුළුවන් නිසා එහෙ. දැනුත් මූ ඇත්තේ සෙක්ස් ෂොප් එකක. :lol::lol: