එකක්ද ගොඩක්ද ?

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පුංචි ඉංග්‍රීසි පාඩමක් හම්බුනා. බොහෝම සරල විදියට තියේනෙ. ඉතින් වටින නිසා එලකිරියට දැම්මා. ඔන්න එහෙනම් බලාගන්නකො. වැදගත් කියල දැනුනොත් කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නෙපා. මේක මට ලැබුනේ ඊමේල එකකින්.

    Rs. 100 Is Not Enough! - එකක්ද, ගොඩක්ද?

    5394645877d78bd09999b.jpg


    අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙත් - අනිත් බොහෝ භාෂාවල වගේම - ඒක වචන හා බහු වචන නාම පද (singular and plural nouns) තියනවා. ඒ අතරින් බොහොමයක් යෙදෙන තැන අනුව පහසුවෙන් හඳුනගෙන, අදාළ ක්‍රියා පද ආදී දේ ඊට ගැලපෙන ආකාරයට යොදා ගන්න පුළුවන්. නමුත් ඇතැම් තැන්වලදී නම් යම් පදයක් singularද, pluralද යන්න ගැන ගැටළු මතු වෙන්න ඉඩ තියනවා. එවැනි අවස්ථා කීපයක් සලකලා බලමු.

    1. Rs. 100 is not enough. (රුපියල් සීයක් මදි.)

    මෙතනදී අපි කතා කරන්නේ රුපියල් සීයක් - ඒ කියන්නේ එකට වැඩි ගණනක් - ගැන වුණාට, ඒකවචන ක්‍රියාවක් යොදාගෙන තියනවා. ඒකට හේතුව තමයි මෙතනදී මේ රුපියල් වෙන වෙනම නොසලකා ඒවා ඔක්කොම එක මුදල් ප්‍රමාණයක් ලෙස සලකා තිබීම.

    තවත් මේ ආකාරයේ උදාහරණ කීපයක් බලමු.

    Two hours is more than enough for this journey. මේ ගමනට පැය දෙකක් ඕනෑවටත් වැඩිය ඇති(ප්‍රමාණවත්).

    Three litres[BrE]/liters[AmE] is what I think we'll need. මට හිතෙන විදිහට ලීටර් දෙකක් තමයි අපට ඕන වෙන්නේ.

    2. It's a two-hour journey. (ඒක පැය දෙකක ගමනක්.)

    මෙතන පැය දෙකක් - ඒ කියන්නේ බහුවචනයක් විය යුතු දෙයක් - ගැන කතා කළත්, "hour" යන ඒකවචන පදය යොදා ගෙන තියනවා. බහුවචනයක් විය යුතු පදයක් මේ ආකාරයට නාම පදයකට පෙර යෙදෙන නාම විශේෂණයක (attributive adjective clause) කොටසක් වශයෙන් පාවිච්චි වෙද්දී එය බොහෝ විට එකවචන ස්වරූපයෙනුයි පවතින්නේ..

    Do you have a five-rupee coin? ඔයා ළඟ රුපියල් පහේ කාසියක් තියනවද?

    I have a three-year-old daughter. මට අවුරුදු තුනක දුවක් ඉන්නවා.

    නමුත් ඒ නාම විශේෂණ වාක්‍ය ඛණ්ඩය අදාළ නාම පදයට පසුව (predicative adjective clause) යෙදන විට නම් සාමාන්‍ය බහුවචන ස්වරූපයම ගන්නවා.

    My daughter is three years old. මගේ දුවගේ වයස අවුරුදු තුනයි.

    3. One of my friends lives in Malaysia. (මගේ යාළුවෙක් ඉන්නේ මැලේසියාවේ.)

    මෙතන ක්‍රියා පදය එකවචන ස්වරූපය ගන්නේ එය අදාළ වෙන්නේ "one" යන ඒකවචනයට මිස, ක්‍රියා පදයට පෙර ඇති "friends" පදයට නොවන නිසයි.

    One of her brothers is married to a foreigner. එයාගේ එක සහෝදරයෙක් බැඳලා ඉන්නේ පිටරට කෙනෙක්.

    4. The team are not playing very well. (කණ්ඩායම එච්චර හොඳට සෙල්ලම් කරන්නේ නැහැ.)

    පිරිසක් හඳුන්වන team, family, committee, firm, government වැනි ඇතැම් වචන සමග මෙසේ බහුවචන ලෙස සැලකීම - විශේෂයෙන් බ්‍රිතාන්‍ය භාවිතයේ - ඇතැම් විට දකින්න ලැබෙනවා. මෙසේ කෙරෙන්නේ එය විවිධ පුද්ගලයන්ගේ එකතුවක් වශයෙන් සලකන විටයි. නමුත් පුද්ගලයන් ගැන නොසිතා එය එක ඒකකයක් වශයෙන් සලකන විට නම් ඒකවචන ලෙස ගැනෙනවා.

    Their family were united after a long time. ගොඩක් කාලෙකට පස්සේ ඒගොල්ලන්ගේ පවුලේ අය ඒකට එකතු වුණා.

    Their family was very rich. ඒගොල්ලන්ගේ පවුල ගොඩක් පෝසත්ව හිටියා (පවුල ඒක ඒකකයක් ලෙස සලකා).




    උපුටාගැනිම ඉංගිරිසි බ්ලොග් අඩවිය..
    http://ingirisi.blogspot.com/