එකඟතාවයෙන් පසුව ඩොලරයක මිලට කුමක් වෙයිද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://economatta.blogspot.com/2022/09/blog-post_9.html

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් නිලධාරී මට්ටමේ එකඟතාවයෙන් පසුව බොහෝ දෙනෙකුට මතු වූ පොදු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

    - ඩොලරයක මිලට කුමක් වෙයිද?

    - වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ විට නැවත උද්ධමනය ඉහළ යයිද?

    එක් ඇමතිවරයෙක් විසින් කියා තිබුණේ ඩොලරයක මිල අඩු වෙලා රුපියල් 300 වගේ මට්ටමකට එන්න පුළුවන් කියලා. හදපු IMF වැඩසටහන තුළ එවැන්නක් සිදු වනවාද කියා මම හරියටම දන්නේ නැහැ. මගේ අදහස අනුවනම් ඩොලරයක මිල නැවත රුපියල් 300 මට්ටමට ගත හැකි සාර්ව ආර්ථික සැලසුමක් හදන එක කළ නොහැකි තරම් අසීරු වැඩක්.

    දැන් ඩොලරයක මිල තිබෙන තැනින් පටන් ගත්තොත්, රුපියල් 360 කියා කියන්නේ ඩොලරයක නියම මිල නොවන බව කාට වුනත් පැහැදිලි ඇති. ආනයන සීමා ආදිය ඉවත් කරලා, විණිමය අනුපාතය පා කළොත් අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා. එහෙම නොවෙන්නනම් රටට විශාල ඩොලර් ප්‍රවාහයක් ගලා ආ යුතුයි. IMF සල්ලි ලැබුණත්, ඒ වගේ ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ.

    එකඟ වී තිබෙන වැඩ සටහන අනුව විණිමය අනුපාතය පා කළ යුතුයි. සාමාන්‍යයෙන් IMF එක ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒ කියන්නේ, විණිමය අනුපාතය පා කරනවාට අමතරව ආනයන පාලනද ඉවත් කරන්න වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න යද්දී නැවත උද්ධමනය ඉහළ යයිද කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්.

    මම දිගින් දිගටම කියා ඇති පරිදි උද්ධමනය ඉහළ යන්නේ මුදල් සැපයුම වැඩි වීම නිසා මිසක් ඩොලරයක මිල ඉහළ යාම නිසා නෙමෙයි. ඇත්තටම වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඩොලරයක මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා.

    මේ කතාව එදිනෙදා නිරීක්ෂණ එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව ඩොලරයක මිලට වගේම අනෙක් භාණ්ඩ හා සේවා වල මිල ගණන් වලටත් අදාළයි.

    මුදල් සැපයුම වැඩි වන විට සියලුම භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ එක්කම මිල ඉහළ යන පරිදි පීඩනයක් ඇති වෙනවා. ඒ හේතුව මත මිල ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකට.

    ඉල්ලුම වැඩි වී, උද්ධමන පීඩනය වැඩි වෙද්දී, එයට අනුරූපව මිල ඉහළ යාමට බාධාවක් සිදු නොවුනොත් පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය බොහෝ දුරට පිළිබිඹු වෙනවා. නමුත්, ඒ විදිහට මිල ඉහළ යන්න නොදී මිල පාලනය කළොත් මිල දර්ශකයකින් නියම උද්ධමනය නිරූපණය වෙන්නේ නැහැ.

    උදාහරණයක් විදිහට 2014 සිට රටේ මුදල් සැපයුම විශාල ලෙස ඉහළ ගිහින් ගොඩක් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගිහින් තිබුණත්, එයට අනුරූපව විදුලි බිල් ඉහළ ගිහින් නැහැ. රටේ හැම භාණ්ඩයකම වගේ මිල ඉහළ යද්දී ලංවිම වගේ ආයතනයක සේවකයින්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගෙන යාම සඳහා වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. විදුලිය නිපදවන ඉන්ධන වැනි අමුද්‍රව්‍ය වල මිලත් ඉහළ යනවා. විදුලිය සැපයීමේ කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක් නොවුනානම් මේ විදිහට වියදම් ඉහළ යද්දී මිලත් ඉහළ යනවා. පාරිභෝගික මිල දර්ශකයකින් රටේ නියම උද්ධමනය පේනවා.

    මිල පාලනය කරගෙන හිටියහම ඔය විදිහට නියම උද්ධමනය පේන්නේ නැහැ. පේන්නේ අඩු උද්ධමනයක්. කොයි වෙලාවේ හරි මිල සංශෝධනය කළාම කාලයක් තිස්සේ හැදී තිබුණු, එහෙත් පාරිභෝගික මිල දර්ශකය තුළ නිරූපණය නොවූ උද්ධමනය පේන්න ගන්නවා. ඇත්තටම එහිදී වෙන්නේ උද්ධමනය වැඩි වීමක් නෙමෙයි. ඒ වන විටත් හැදී තිබුණු උද්ධමනය පේන්න පටන් ගැනීමක්.

    ඩොලරයක මිල පාලනය කළ විට වෙන්නෙත් හරියටම ඔය වැඩේ. උද්ධමනය අඩුවෙන් පේනවා. නමුත්, පෙනුණේ නැතත්, ඇත්තටම උද්ධමනය ඉහළ යනවා. ඩොලරය පා කළාට පස්සේ කාලයක් දර්ශක තුළ දැකිය නොහැකි වූ උද්ධමනය පේන්න ගන්නවා. නමුත් එය ඇත්තටම උද්ධමනය වැඩිවීමක් නෙමෙයි.

    මිල පාලනය මගින් ජීවන වියදම අඩු කරන්න පුළුවන්. මිල පාලනය ඉවත් කළ විට ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ජීවන වියදම ඉහළ යාමටම නෙමෙයි. ජීවන වියදම ඉහළ යාම පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ පරිභෝජන රටාව මත. එහෙත්, උද්ධමනය කියා කියන්නේ ඒ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක් නෙමෙයි. එය රටේ මුදල් ඒකකයට සම්බන්ධ දෙයක්. ලංකාවේනම් රුපියලට සම්බන්ධ දෙයක්. රුපියල් අතේ තිබෙන හා ණයට ගත් හැම දෙනෙකුටම උද්ධමනය බලපාන්නේ එක විදිහට. නමුත්, ජීවන වියදම ඒ වගේ එක විදිහට බලපාන්නේ නැහැ.

    පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ තෝරාගත් ජන කණ්ඩායමකගේ ජීවන වියදමෙහි සාමාන්‍ය වෙනස්වීම මිසක් උද්ධමනය නෙමෙයි. නමුත්, වඩා හොඳ මිනුමක් නැති නිසා උද්ධමනය මැනීමේ සම්මතය විදිහටත් ලෝකයේ හැම රටක්ම වගේ පාරිභෝගික මිල දර්ශක යොදා ගන්නවා. ඔය සම්මතය උද්ධමනය ලෙස බොහෝ විට හඳුන්වනවා. දර්ශකයක අඩංගු භාණ්ඩ හා සේවා වල මිල නිදහසේ තීරණය වෙනවානම් ඔය දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත්, මිල නියාමනය වන විට තත්ත්වය වෙනස්.

    ජීවන වියදම වැඩි වීම කෙටිකාලීන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ජීවන වියදම වැඩිවීම ගැන ලොකුවට වද වෙන්නේ නැහැ. ඒ නිසාම, සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී උත්සාහ කරන්නේ උද්ධමනය පාලනය කරන්න මිසක් ජීවන වියදම පාලනය කරන්න නෙමෙයි.

    සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් හදද්දී ජීවන වියදම ගැන ලොකුවට වද නොවී උද්ධමනය පාලනය කරන්න මහන්සි වෙන්නේ අඩු වශයෙන් හේතු තුනක් නිසා. පළමුව, උද්ධමනය පාලනය වෙන්නේ නැහැ කියා කියන්නේ දිගින් දිගටම ජීවන වියදම වැඩි වෙනවා කියන එක. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම මගින් වක්‍ර ලෙස ජීවන වියදම වැඩි වීම තිරසාර ලෙස පාලනය කෙරෙනවා. දෙවනුව, කරන්න අවශ්‍ය වුනත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් කෙටිකාලීනව ජීවන වියදම පාලනය කරන්න බැහැ. තෙවනුව, ජීවන වියදම වැඩි වීමට හේතුව උද්ධමනය නොවේනම්, කිසිවක් නොකළත් ප්‍රශ්නය කෙටි කලකින් ඉබේටම විසඳෙනවා.

    මිල පාලනය ජීවන වියදම ඉහළ යාමට කෙටිකාලීන විසඳුමක් වුනත් දිගුකාලීනව වෙන්නේ ප්‍රශ්නය උග්‍ර වෙන එකයි. ලංවිම උදාහරණය ගත්තොත්, විදුලි බිල වැඩි නොකිරීම නිසා ජීවන වියදම වැඩි වීම තාවකාලිකව පාලනය වෙනවා. නමුත්, ලංවිම පාඩුව පියවන්න මුදල් සැපයුම වැඩි කරද්දී අනෙක් හැම බඩුවකම මිල ඉහළ යනවා. අවසාන වශයෙන් විදුලි බිලත් වැඩි කරන්න වෙනවා.

    රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙළ තුළ සැලසුම් කර තිබෙන්නේ ඉන්ධන, විදුලිය ආදියේ මිල පිරිවැය හා ගැලපෙන පරිදි වැඩි කිරීමටයි. ඒ වගේම ඩොලරය පා කිරීමද සැලසුමේ කොටසක්. මේ දේවල් වලින් උද්ධමනය ඉහළ යන්නේ නැතත් ජීවන වියදම ඉහළ යනවා. උද්ධමනය ඉහළ යයිද කියන එක තීරණය වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීම අනුව. මුදල් සැපයුම වැඩි වුනේ නැත්නම්, මේ වගේ සමහර දේවල් වල මිල ඉහළ යද්දී මිනිස්සුන්ට අනෙක් දේවල් සීමා කරන්න වෙනවා. එතකොට ඒ දේවල් වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. ඒ නිසා, සමස්තයක් ලෙස ජීවන වියදම වැඩි වීමක් ලොකුවට නොවෙන්න පුළුවන්.

    උද්ධමනය අඩු කිරීම IMF වැඩසටහනක ප්‍රධාන ඉලක්කයක්. ඩොලරයක මිල පා කිරීම වගේ දෙයක් කරන්නේ ඒ අරමුණ වෙනුවෙන් මිසක් ඒ අරමුණ අත හැරලා නෙමෙයි. ඒ නිසා, වැඩ සටහන ඇතුළේ ඩොලරය පා කිරීම සිදු වනු ඇත්තේ උද්ධමනය පාලනය වන බවට වග බලා ගනිමිනුයි.

    ඔය දේවල් වෙද්දී ඩොලර් එකක් කීයට යයිද?

    දැනට තිබෙන අවිනිශ්චිතතා එක්ක IMF සල්ලි ලැබෙන්න තවත් මාස හයක් පමණවත් යා හැකියි. ඊටත් වඩා කාලයක් යන්නත් පුළුවන්. අඩු වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ ඉවරයක් වෙනකම් ඩොලරය පා කරන එක කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ වුනත්, ඩොලරය පා කරන්න කලින් විදේශ වෙළඳාම නැවතත් ටිකෙන් ටික විවෘත කරන්න වෙනවා. එය කරන්න වෙන්නේ රටට ඩොලර් එන විදිහ අනුවයි. විණිමය අනුපාතය පාකෙරෙනු ඇත්තේ ඩොලර් ඉල්ලුම හා සැපයුම බොහෝ දුරට සමතුලිත වුනාට පසුවයි.

    එතෙක්, අඩු වශයෙන් මාස හයක් පමණ, සිදුවනු ඇත්තේ දැන් සිදුවන දෙයයි. ඒ කියන්නේ රටට එන ඩොලර් ටික පිරිමහගෙන වියදම් කරන එක. ජූනි හා ජූලි මාස තුළ මේ වැඩේ වෙලා තියෙනවා. බැංකු පද්ධතියේ විදේශ ණය අඩු වී නැතත්, වැඩි වෙලත් නැහැ. බොහෝ විට අගෝස්තු මාසයේ තත්ත්වයත් මෙයම විය යුතුයි.

    සැලසුම් කර තිබෙන වැඩ පිළිවෙළ ඉදිරි මාස වලදී අපේක්ෂිත පරිදි ඉදිරියට ගියොත් රටට යම් ඩොලර් ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒ ඩොලර් නිසා විදේශ විණිමය පීඩනය ටිකක් අඩු වෙයි. හැබැයි ඩොලරයක මිල පහළ යාමට පීඩනයක් එන්නනම් ඉඩක් නැහැ.

    සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වල ලොකුවට ණය ගෙවන්න නැහැ. ඒ නිසා, ඒ මාස දෙක අවුලක් නැතිව ලැබෙන ඩොලර් වලින් කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි. නමුත්, ඉන්පසු මාස නවය තුළ ඩොලර් බිලියන හතරහමාරක් පමණ අවශ්‍ය වෙනවා. ඒ නිසා, රටට වැඩියෙන් ඩොලර් ඇවිත්, ආනයන සීමා හරහා ඒ ඩොලර් ඉතිරි කරගත්තත්, ඩොලර් ටික ණය ගෙවන්න යොදා ගන්න වෙනවා. ඩොලර් රටේ ඉතිරි නොවන නිසා රුපියල ශක්තිමත් වෙන්න ඉඩක් නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    එක පාර මාර්කට් එක ඕපන් උනොත් 400 පන්නල ආයෙ 300~400 අතරෙ ස්ටේබල් වෙයි කියල හිතෙන්නෙ.

    @Die-hard Any Idea machan

    P.S Assumption එක දැන් ඩොලර් එක තියෙන්නෙ මාර්කට් එකේ ඒකට තියෙන්නෙ ඕනි ගානෙ සහ ඒක බලෙන් රදවගෙන නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    Written by you or some gully boy of a party ?
    godak un balann inne aai kela wenakan mokada unge ekata kela wechcha nisa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක පාර මාර්කට් එක ඕපන් උනොත් 400 පන්නල ආයෙ 300~400 අතරෙ ස්ටේබල් වෙයි කියල හිතෙන්නෙ.

    @Die-hard Any Idea machan
    ඕක ලග පාත වෙන්නේ නෑ බන්. මාකට් එක ඔපන් කරන්නත් ලබන අවුරුද්දේ මාස දෙකක් තුනක් විතර යයි.. ඒ වෙනකොට සෑහෙන්න ස්ථාවරත්වයක් ඈති කරන් ඕක කරයි.. ඒ හින්දා උඹ කියන දේ ඒ වෙනකොට වෙයි කියලා මමත් හිතන්නේ.. 300 ට නම් එන්න විදිහක් නෑ. අපි ඒ වෙනකොට ආයෙත් ණය ගෙවන්න පටන් ගන්න එපෑයි.. 350-400 අතර හිර වුනොත් ඒකත් ලොකු දෙයක්.. ඒත් දෑන් ඉතින් ඈමති මණ්ඩල ලොකු කරන් පරණ ගමනම යන්න නේ හදන්නේ..

    kiyawala balapan kiyala tiyena de.. meka liyana buwa kela wenakam balan inna ekek neme. buwa hugak welawata central bank decisions walata agree wela tiyenne.
    ------ Post added on Sep 10, 2022 at 9:18 AM
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එක පාර මාර්කට් එක ඕපන් උනොත් 400 පන්නල ආයෙ 300~400 අතරෙ ස්ටේබල් වෙයි කියල හිතෙන්නෙ.

    @Die-hard Any Idea machan

    P.S Assumption එක දැන් ඩොලර් එක තියෙන්නෙ මාර්කට් එකේ ඒකට තියෙන්නෙ ඕනි ගානෙ සහ ඒක බලෙන් රදවගෙන නෑ
    800 wage yana ida kada thiyanawa...IMF aggremmnets thama tax 30-45%....balapan issaharata wena daya
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඕක ලග පාත වෙන්නේ නෑ බන්. මාකට් එක ඔපන් කරන්නත් ලබන අවුරුද්දේ මාස දෙකක් තුනක් විතර යයි.. ඒ වෙනකොට සෑහෙන්න ස්ථාවරත්වයක් ඈති කරන් ඕක කරයි.. ඒ හින්දා උඹ කියන දේ ඒ වෙනකොට වෙයි කියලා මමත් හිතන්නේ.. 300 ට නම් එන්න විදිහක් නෑ. අපි ඒ වෙනකොට ආයෙත් ණය ගෙවන්න පටන් ගන්න එපෑයි.. 350-400 අතර හිර වුනොත් ඒකත් ලොකු දෙයක්.. ඒත් දෑන් ඉතින් ඈමති මණ්ඩල ලොකු කරන් පරණ ගමනම යන්න නේ හදන්නේ..

    kiyawala balapan kiyala tiyena de.. meka liyana buwa kela wenakam balan inna ekek neme. buwa hugak welawata central bank decisions walata agree wela tiyenne.
    ------ Post added on Sep 10, 2022 at 9:18 AM
    2022 විතරක් නෙව්යේ 2023ත් අමාරුයි ඈ කියල දෙසැම්බර් දිහාට කියයි එහෙම උනොත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    800 wage yana ida kada thiyanawa...IMF aggremmnets thama tax 30-45%....balapan issaharata wena daya
    එහෙම යන්න අරින්නේ නෑ බන් ලොවෙත්. දෑන් ඉන්නේ කබ්බා නෙමේ නේ.. මේ ලිපියේ කියන විදිහට උන් මාකට් එක අරීන්න කලින් ස්ටේබල් වෙනකම් ඉදී
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    800 wage yana ida kada thiyanawa...IMF aggremmnets thama tax 30-45%....balapan issaharata wena daya
    Tax එක වදින එක හොදයි රුපියල් අච්චු ගහනවට වඩා නන්. අඩුම එතකොට මෙහෙ රුපියල් වලින් ජොබ් කරන උන්ට පඩිය හරි වැඩි කරගන්න කතා කරන්න තේරෙන්න පටන් ගන්නවනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2022 විතරක් නෙව්යේ 2023ත් අමාරුයි ඈ කියල දෙසැම්බර් දිහාට කියයි එහෙම උනොත්
    අමාරුයි තමා. මොකද දෑන් ණය හිමියන්ගේ කෑමෑත්ත අරන් ණය ප්‍රතිවියුහගත කරන්න ඕනේ. ඊට පස්සේ ඒවා ගෙවන්න පටන් ගන්න ඕනේ.. ලෙසි නෑ.. හෙන අමාරු කාලයක් ඉස්සරහාට එනවා.. ඒ වුනත් මුන් කරන්නේ ඈමතිලා වෑඩි කරන එකනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    එහෙම යන්න අරින්නේ නෑ බන් ලොවෙත්. දෑන් ඉන්නේ කබ්බා නෙමේ නේ.. මේ ලිපියේ කියන විදිහට උන් මාකට් එක අරීන්න කලින් ස්ටේබල් වෙනකම් ඉදී
    මාර්කට් එක ස්ටේබල් වෙන්න මාර්කට් එක ඕපන් වෙන්න ඕනි නෙ.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එහෙම යන්න අරින්නේ නෑ බන් ලොවෙත්. දෑන් ඉන්නේ කබ්බා නෙමේ නේ.. මේ ලිපියේ කියන විදිහට උන් මාකට් එක අරීන්න කලින් ස්ටේබල් වෙනකම් ඉදී
    Apeta loan gana ba....Every year apeta 4 Billion gewana ona...................Man heethana na china apeata support karavi kiyala......export + foreign workers slaray thama oil gena....

    IMF aggremnet eliyata relased karana na...but out put bala gana pluwan...Tax 45-50% wai...food crisis eka blood bath yana thiyanwa (dan horu hama thanama, oka wadi wenwa)...
    ape toursim makert ekak an....Bank loan gatha un iwarai...

    doller eka aniwa 700-850 yanawa thawa 1 year walin...danuth ubata black market 470 dollar sell karana pluwan...

    Thawa episode godak ennawa....meka plan karala loss karana ubalawa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාර්කට් එක ස්ටේබල් වෙන්න මාර්කට් එක ඕපන් වෙන්න ඕනි නෙ.
    ස්ටේබල් වෙනවා කියන්නේ මචන් එන ඩොලර් ටිකෙන් හරියට ගේම ගහගන්න පුලුවන් ගාණට එනවා කියන එක. ඊට පස්සේ තමා පාකරන්න වෙන්නේ. ඈත්තටම උද්ධමනය ඉහල යන්නේ සල්ලි ප්‍රින්ට් කලොත්. දෑන් මුන් කරන්න යන්නේ සල්ලි බදු ගහලා හොයන්න බිල් වෑඩි කරලා හොයන්න. එතකොට ප්‍රින්ට් කරන්න ඕනේ නෑනේ.. එහෙම බෑලන්ස් කර ගත්තම ඈත්තටම අනවශ්‍ය ඩොලර් ඉල්ලුමක් එන්නේ නෑ නේද?

    Apeta loan gana ba....Every year apeta 4 Billion gewana ona...................Man heethana na china apeata support karavi kiyala......export + foreign workers slaray thama oil gena....

    IMF aggremnet eliyata relased karana an...but out put bala gana pluwan...Tax 45-50% wai...food crisis eka blood bath yana thiyanwa (dan horu hama thanama, oka wadi wenwa)...
    ape toursim makert ekak an....Bank loan gatha un iwarai...

    doller eka aniwa 700 yanawa thawa 1 year walin....
    mama hitanne na 700 ta yai kiyala.. giyoth thani mala geyak thama.. peoples bank eken dan 25+ interest rate ekak denawa lu 5 year deposit walata. ekenma hitha ganna puluwan tiyena tatwe
    ------ Post added on Sep 10, 2022 at 9:27 AM
     
    • Like
    Reactions: DGN

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    රුපියල් හුත්ත විසික්කරලා ලබ්බෙ සංස්කෘතියත් විසික්කරලා Australia වගේ වෙන ලොකු රටක් යටතෙ හිටියනම් මේ පකේ ප්‍රශ්න මොකුත් නෑ,අපේ වේසිගෙ පුතාලගෙ 2500ක ඇට ලබ්බ ලොකුයිනෙ හැමදේටම වඩා මහලොකුවට ප්‍රෞඩ ඉතිහාසෙ ගගා ඉන්නවා ටොපියක් කෑවත් කොලේ බිම,ලැට් එකකට ගියත් හරියට වතුර ගහන් නෑ උන් ඉන්නකන් ඩොලර් එක කීය උනත් ලංකාව හැදෙන් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රුපියල් හුත්ත විසික්කරලා ලබ්බෙ සංස්කෘතියත් විසික්කරලා Australia වගේ වෙන ලොකු රටක් යටතෙ හිටියනම් මේ පකේ ප්‍රශ්න මොකුත් නෑ,අපේ වේසිගෙ පුතාලගෙ 2500ක ඇට ලබ්බ ලොකුයිනෙ හැමදේටම වඩා මහලොකුවට ප්‍රෞඩ ඉතිහාසෙ ගගා ඉන්නවා ටොපියක් කෑවත් කොලේ බිම,ලැට් එකකට ගියත් හරියට වතුර ගහන් නෑ උන් ඉන්නකන් ඩොලර් එක කීය උනත් ලංකාව හැදෙන් නෑ
    ඈත්ත.. හෑම එකාම කොලයක් හරි හොරකම් කරන ගමන් බදු නොගෙවා ඉන්න ගමන් පාර්ලිමේන්තුවට විතරක් බනිනවා
     
    • Like
    Reactions: DGN and lilman

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ස්ටේබල් වෙනවා කියන්නේ මචන් එන ඩොලර් ටිකෙන් හරියට ගේම ගහගන්න පුලුවන් ගාණට එනවා කියන එක. ඊට පස්සේ තමා පාකරන්න වෙන්නේ. ඈත්තටම උද්ධමනය ඉහල යන්නේ සල්ලි ප්‍රින්ට් කලොත්. දෑන් මුන් කරන්න යන්නේ සල්ලි බදු ගහලා හොයන්න බිල් වෑඩි කරලා හොයන්න. එතකොට ප්‍රින්ට් කරන්න ඕනේ නෑනේ.. එහෙම බෑලන්ස් කර ගත්තම ඈත්තටම අනවශ්‍ය ඩොලර් ඉල්ලුමක් එන්නේ නෑ නේද?

    mama hitanne na 700 ta yai kiyala.. giyoth thani mala geyak thama.. peoples bank eken dan 25+ interest rate ekak denawa lu 5 year deposit walata. ekenma hitha ganna puluwan tiyena tatwe
    ------ Post added on Sep 10, 2022 at 9:27 AM
    oya deposit gewana na.....unn thawa 1 year kiyavi oyalage deposit ape 12% dan nam kamathi da kiyala....oya kathawa kuwa ban economist kenek ubala dana nathi......ubala podak heethapan 25% return karana kohomada money print nokara.....bank loan gatha un tika iwarai, hodata wada danawa....

    aduma 500-1000 range ekata yanawa :yes:

    float karanne naththe okai... dan baye inne okkoma ... but kawada hari kaata hari oka float karantama wenawa...
    may be plun to 1500 within 1.5 year ...our forecast 750
    ------ Post added on Sep 10, 2022 at 9:31 AM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඈත්ත.. හෑම එකාම කොලයක් හරි හොරකම් කරන ගමන් බදු නොගෙවා ඉන්න ගමන් පාර්ලිමේන්තුවට විතරක් බනිනවා
    නිව්සීලන්ඩ් වල මිනිස්සු කැමැත්තෙන්මයි බදු ගෙවන්නෙ මොකද ඒ බදු නිසා ඒ මිනිස්සුන්ට හොද සාදාරණීය සේවයක් ඉටුවෙනවා,ලංකාවෙ බදුත් ගහනවා ඉන්න හැත්ත බදු සල්ලි ටිකටත් වැඩේදෙනවා හරියට වැඩක් වෙන්නෙත් නෑ මිනිස්සු හරියට වැඩක් කරන්නෙත් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    oya deposit gewana na.....unn thawa 1 year kiyavi oyalage deposit ape 12% dan nam kamathi da kiyala....oya kathawa kuwa ban economist kenek ubala dana nathi......ubala podak heethapan 25% return karana kohomada money print nokara.....bank loan gatha un tika iwarai, hodata wada danawa....

    may be plun to 1500 within 1.5 year ...our forecast 750
    ------ Post added on Sep 10, 2022 at 9:31 AM
    hena winasayak wenne 500 pannath. mata nam hita ganna ba 750 wunoth monawa weida kiyala