එකත් රිවස් ඔන්න - එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි

iambanda

Well-known member
  • Nov 28, 2019
    191
    377
    63
    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත.

    මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණිකවූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීම පමණි.

    එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් මුලින් ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනය මගින් අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳව සලකා බැලීම යනාදී බලතලද එම කමිටුවට හිමිව තිබිණ.

    එම තීරණය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ අප්‍රසාදය පළ වී තිබූ අතර තීරණයට විරෝධය පා ඔහු සිය ඇමති ධූරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා හමුවී පසුගියදා බාර දුන්නේය.

    එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන තිබුණේ නැත.

    ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සඳහා මුලින් ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනයේ යම් යම් අඩුපාඩු පවතින්නේ යැයි ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී පිළිගෙන තිබුණු බවද වාර්තා විය.

    එම මුල් ගැසට් නිවේදනය වෙනස් කරමින් පසුගිය 6වැනිදා දාතමින් යුතුව නව ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ ඉන් පසුවය.

    මේ අතර මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන මහත්වරු එම කාර්ය සාධක බලකායෙන් පසුගියදා ඉවත්වී ඇතැයි වාර්තා වේ.

    මේ අනුව ශ්‍රී ලංකා සමාජයේ බහුත්ව ලක්ෂණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කාර්ය සාධක බලකා සාමාජික සංයුතිය තුළ පිළිබිඹුවීමේ අවශ්‍යතාව අවධානයට ලක් කරමින් අළුත් සාමාජිකයෝ තිදෙනෙක් එම කාර්යය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ සිටිති.

    මෙසේ නව සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී සද්ගුණරාජා සහ අයියාම් පිල්ලේ දයානන්ද රාජා යන මහත්ම මහත්මීහු වෙති.

    එම සාමාජිකයන් තිදෙනා පත්කර ඇත්තේද කාර්ය සාධක බළකායේ බලතල සීමා කරමින් ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය මගිනි.
    ලංකාදීප
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    1636549403817.png

    ස ගැන දුක කිතෙනවා