එකම දුව මගේ තුරුළේදීම මිය යැම දරාගන්න බෑ!
Source : http://divaina.com/daily/index.php/pradeshiya-puwath/11686-2018-05-17-13-08-9

සැඩපහරට හසුවී මියගිය 10 හැවිරිදි දැරිය; එකම දුව මගේ තුරුළේදීම මිය යැම දරාගන්න බෑ!
දුවගේ ශිෂ්‍යත්ව විභාගයේ පන්තියට ඉඳල එදා (12 දා) අපි පස්‌සරින් එනවිටත් ටික ටික වැස්‌ස තිබුණා. එදා මැදවෙලගම බස් එක තිබුණේ නැහැ. ඒ හින්දා රශ්මි දුවයි මායි සිරිපාල අයියගේ ගේ ළඟට ත්‍රීවීලර් එකක නැගලා ගියා. එතැන ඉඳලා අපි ගියේ පයින්.
වැස්‌ස ටික ටික වැඩිවුණා. අපි එගොඩගල අපේ ගෙදරට යන්න යන පාරේ තියෙන මළඕඩය ළඟට ආවා. එදා ඒකේ බොර වතුර එන බව දැක්‌ක නිසා ඒ හරහා ගියේ නැහැ. දුවගේ අතක් අල්ලාගෙන මා ඒ ළඟ ටික වෙලාවක් බලා හිටියා. දෙයියනේ ටික වෙලාවකින් මහා වතුර කඳක් ඇවිත් දුව හරහා වැටුණා.
"මා එයා වඩාගත්තා. තව ටික වෙලාවකින් ගල් මුල් එක්‌ක ගලාගෙන ආපු මහ වතුර කඳ අපි දෙන්නව පහළට ඇද ගෙන ගියා. මම රශ්මි දුව බදා ගත්තා. බදාගෙන නැගිට්‌ටා. මා හයියෙන් කෑ ගහලා අපි බේරා ගන්න කියලා කිව්වා. ඒ වෙලාවේ දුවත් මර ලතෝනි දෙන්න පටන් ගත්තා. වේදනාව දරාගන්න බැරිව සිටි මට සිහි නැතිවුණා වගේ දැනුණා" යයි පසුගියදා (12 දා) පස්‌සර මැදවෙලගම එගොඩවෙල ප්‍රදේශයේ දිය පහරකට හසුවී මිය ගිය දිනිති නිම්සරණි රශ්මි ධාරා (10) නම් පාසල් ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මුලින්ම සාක්‌ෂි ලබාදුන් ශිෂ්‍යාවගේ මව වන හේරත් මුදියන්සේලාගේ ප්‍රේමාවතී (41) මහත්මිය පැවැසුවාය.
මෙම මරණ පරීක්‍ෂණය පස්‌සර හදිසි මරණ පරීක්‍ෂක ඩී. ඇම්. දිසානායක සහ පස්‌සර දිසා වෛද්‍ය නිලධාරී ඩී. ඇම්. තිලකරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා (13 දා) පස්‌සර දිසා රෝහලේදී පැවැත්විණි. එහිදී තවදුරටත් සාක්‌ෂි දුන් හේරත් මුදියන්සේලාගේ ප්‍රේමාවතී මහත්මිය මෙසේ ද කියා සිටියාය.
12 වැනිදා උදෙන්ම අවදිවෙලා අපි බදුල්ල, මුතියංගන විහාරයට ගියා. එතැනදී බෝධි පූජාවකටත් ඉඳලා පස්‌සරට ආවා. පස්‌සර කඩේකින් දුවට සායක්‌ද අරන් දීල එයාට තේත් අරන් දුන්නා. පන්තියේදී කන්න තව මිදිත් අරන් දුන්නා.
එයාගේ පන්තිය 3 ට විතර අවසන් වුණා. බස් එකක් එන තෙක් මඩොල්සිම හන්දියේ ඉඳලා ගෙදර යනකොටයි එගොඩවෙල මළඕඩයේදී අපට මේ විපත වුණේ.
මට පුතාලා දෙන්නයි මේ දුවයි හිටියේ. මට හිටපු එකම දියණිය මගේ තුරුලේදීම මිය ගිය එක මට දරා ගන්න බැහැ යෑයි ද ඇය පැවැසුවාය.