එකම සිද්දියක් කතා 2ක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එකම සිද්දියක් කතා 2ක්

    දිනය:- 2017-08-29
    වෙලාව :- උදෑසන 9ට පමණ
    ස්ථානය :- කටුගස්තොට මාතලේ පාර බස් නැවතුම්පල
    .
    සිද්දිය සිදු වූ ස්ථානයේ සිට ඇසින් දුටු අයෙකුගේ ප්‍රකාශ‍ය.
    .
    එදා හොදටම වැස්ස දවසක්, උදේ පාන්දර ඉදන්ම සැරෙන් සැරෙට වැස්සා. මන් හෝල්ට් එකේ හිටියේ අනුරාධපුර බස් එකක් එනකල්.
    .
    මම එතන ඉන්නකොට යන්තම් පොද වැස්සෙම කලු පාට බයික් එකක් ඇවිත් නතර කලා. පැදන් ආවෙ, අවුරුදු 25 ක 30 ක විතර රැවුලයි කොණ්ඩෙයි වවපු කොල්ලෙක්. කලුපාට ෆුල්ෆේස් හෙල්මට් එකක් දාන් හිටියෙ.
    .
    බයික් එකේ පිටිපස්සෙ ඉදගෙන ඒ කොල්ලව බදාගෙන ආවෙ අවුරුදු 60-70 ක විතර වයසක රෝස පාට සාරියක් ඇදගත්තු කන් ඇහීමත් ටිකක් අඩු ආච්චි අම්මා කෙනෙක්. අතේ පොඩි බෑග් එකක් තිබ්බා, ඒකේ තිබුනෙ කුඩයක් විතරයි.
    .
    ඒ අම්මටත් දාලා තිබුනෙ අර රේස් පදින කොල්ලො දාන ජාතියෙ ගොඩක් බර, කලු පාට ෆුල්ෆේස් ( මෝටර් ක්‍රොස් ) හෙල්මට් එකක්. ඒකෙත් ඉස්සරහා වීදුරුව ( වයිසර් එක) වහලා එක්කන් ආවෙ. මන් හිතන්නෙ මිනිස්සු අදුරගනියි කියලා බයට වෙන්න ඇති.
    .
    දෙන්නා සෑහෙන වෙලාවක් හෝල්ට් එකට වෙලා ඉදලා එක පාරටම අලවතුගොඩ හරහා අංකුඹුර යන බස් එකකට නැග්ගා. අර වයසක අම්මව සීට් එකක ඉන්දලා කොල්ලා බැහැලා යන්න ගියා.
    .
    බස් එක යන්න ඔන්න මෙන්න තියෙද්දි කොල්ලා ආයේ හැරිලා ඇවිත් බස් එකේ ඩ්‍රයිවර්ගෙන් හෙමීට මොකක්ද ඇහුවා.
    .
    ඩ්‍රයිවර් " නෑ, අපි එහෙ යන්නෑ අනික් පාරෙ එකක නගින්න" කිව්ව ගමන් කොල්ලා කලබලෙන් ආපහු අර ආච්චි අම්මව බස් එකෙන් බස්සාගත්තා.
    .
    ඊට පස්සෙ ආයෙත් සෑහෙන වෙලාවක් දෙන්නා හෝල්ට් එකේ හිටියා පූජාපිටිය හරහා අංකුඹුර යන බස් එකක් එනවකල්.
    ඒ අතරේ මොනවද මොනවද දෙන්නා අතරෙ ලොකු කතාවකුත් ගියා.
    .
    අන්තිමට කොල්ලා සැරෙන් " හවසට ආපහු අපේ ගෙදර එහෙම එන්න එපා" කියනවනම් එතන හිටපු සෙනග හැමෝටම වගේ ඇහුනා.
    .
    අංකුඹුර අනික් පාර බස් එක ආව ගමන් කලින් වගේම දෙන්නා නැගලා කොල්ලා අම්මව සිට් එකකින් වාඩි කරවලා,
    .
    "බහින තැන මතකයි නේද? " ඇහුවා.
    අනේ අර වයසක අම්මා, " ඔව් වැඩිහිටි නිවාසෙ ලග" කියලා උත්තර දුන්නා.
    .
    අර කොල්ලා බැහැලා යන්න හැරිලත් ආයේ " හවසට ආයෙත් අපේ ගෙදර එන්න එපා" කියලා, ඩ්‍රයිවර්ටත් , " ගොඩහේනේ වැඩිහිටි නිවාසෙ ලගින් බස්සන්න" කියලා බයික් එකේ නැගලා යන්න ගියා.


    --------------------------------------------------------------------------------------
    --------------------------------------------------------------------------------------

    28 වෙනිදා උදේ නැකතට අලුත් ගෙදරට ගිහින් කිරි උතුරවලා රෑ තුන්වරු පිරිතක් තිබ්බා. ලොකුවට හැමෝටම ආරාධනා කරන් නැතුව අහල පහල ගෙවල් ටිකටයි පවුලෙ කීප දෙනෙකුටයි විතරක් කියපු නිසා දුරින් ආව කවුරුත් රෑ නතර වෙන්න හිටියෙ නෑ.
    කොටූලගේ ගෙදර හතර දෙනා විතරයි හිටියෙ.
    .
    පහුවදා උදේම කොටූලගෙ අත්තම්මට ගමේ වැඩිහිටි සමිතියකින් තියෙන උත්සවේකට යන්න තියෙනවා කියලා සාලේ මැද හැමෝම බර කතාවක්.
    වේදිකා නාට්ටියක්ද? ඉදිරිපත් කිරීමක්ද මොකක්දලු. අත්තම්මට තියෙන්නෙ මොන්ටිසෝරි යන ලමයෙකුගේ චරිතයක්ද මොකක්ද එකක්ලු. ගම් ගොඩක සමිතිවලින් ලොකු සෙනගක් එන සංවත්සරද මොකක්ද ලොකු එකක්ලු. කොහොමහරි උදේ 10 වෙනකොට ගොඩහේන සංස්කෘතික මධ්‍යස්තානෙට යන්නත් ඕනලු.
    .
    මේ පිරිතට නෑවිත් ගෙදර හිටියනම් ගමේ සෙට් එකත් එක්ක යන්න තිබ්බලු. වෙනදා සමහර දාට ගෙදර යනවා වගේ බයික් එකේ ගිහින් කටුගස්තොටින් බස් එකට දානවනම් යන්න පුලුවන් කියලා කතාවකුත් ඇහුන නිසා මන් ඒ වැඩෙ බාරගත්තා.
    .
    දැන් ඔන්න ලෑස්තිවෙලා, වැස්සත් ටිකක් පායපු අතරෙ හෙල්මට් එකක් හොයනවා හොයනවා නෑ. අන්තිමට හම්බුනෙ කොටූගේ මල්ලිගේ පරණ මෝටර් ක්‍රොස් හෙල්මට් එක විතරයි.
    .
    වෙලාවෙ හැටියට කරන්න දෙයක් නෑ, බලන් ඉන්න කාලෙකුත් නෑ, පදිංචියට ඇවිත් දවසයි නිසා අහල පහල හෙල්මට් එකක් ඉල්ලගන්න කෙනෙක් දන්නෙත් නෑ.
    .
    මොනම හදිස්සියකටවත් කොටූනම් බස් එකේ නැත්තම් පයින් ගියත් ඒ හෙල්මට් එක දාන්නෑ.
    අත්තම්ම කොහොමවත් දාන එකක් නැතිවෙයිද දන්නෑ, එන්න කියලා කෝකටත් දාලා බැලුවා. එයාට ගානක් නෑ, එයා ඉන්නෙ යාලුවොත් එක්ක සෙට් වෙන මූඩ් එකෙන්, බාල්දියක් ඔලුවෙ දාගෙනහරි යන්න බලාගෙන.
    .
    අවුරුදු අසූ ගානක් උනාට කරේ එල්ලිලා බයික් එකේ පිටිපස්සෙන් නගින්නෙ නිකන් කොළඹ හතේ, දහ අටේ කෑල්ලක් කොල්ලගේ CBR එකට නගිනවා වගේ. ඒ තරමට ඇගේ හයි හත්තිය තියෙනවා.
    .
    එයාට ගානක් නැති උනාට පාරට දැම්මම අර හෙල්මට් එක නිසා මට ලැජ්ජයි. කරන්න දෙයක් නැති කමට ගිහින් හෝල්ට් එකෙන් බැස්සුවා. මන් ඔය කියන තැනවත් ඒ පාරවත් වැඩිය දන්නෙත් නෑ.
    .
    ගෙදරින් කිව්වෙ අංකුඹුර බස් එකකට දාන්න කියලා නිසා, ඉස්සෙල්ලම ආව බස් එකට දැම්මට මොකද මට පස්සෙ මතක් උනා අංකුඹුරට පාරවල් දෙකකින් යනවනේ කියලා. ආපහු දුවලා ගිහින් ඩ්‍රයිවර්ගෙන් ඇහුවම දැනගත්තෙ වැරදි බස් එකක් කියලා.
    .
    ආයේ බස්සගෙන හරි බස් එක එනකල් ඉන්න අතරෙ නිකමට ඇහුවා
    .
    " දැන් ඔය උත්සවේ ඉවරවෙලා ගෙදර යන්නෙ කොහොමද? ගමේ අනික් අයත් එක්කම එහෙ ගෙදර නේද යන්නෙ? " කියලා.
    .
    එතකොට අත්තම්මා කියපි, " කලින් ඉවර උනොත් මන් අපේ ගෙදර නොයා අදත් පුතාලගෙ අලුත් ගෙදරට ආපහු එන්න හිතන් ඉන්නෙ, එන පාර කියන්නකො" කියලා.
    .
    " පිස්සුද ඒ පාර තනියම හොයාගන්න බෑ අත්තම්මා කට්ටියත් එක්ක ගෙදර යන්න, හවස එහෙ ඉදන් ආයෙත් එක්කන් එන්න මන් එන්නම්" කිව්වට අහන් නෑ හරි හිතුවක්කාරයි. එපා කියන පණ්ඩිත වැඩ කරන්න හරි ආසයි.
    .
    ඔය කොච්චර කිව්වත් හවස තනියෙන් එන්න හදලා අතරමන් වෙයි කියලා බයට ටිකක් සැරෙන් කිව්වා, හවස ආපහු අපේ ගෙදර එන්න එපා කියලා.
    එතකොට වටේ පිටේ මිනිස්සු නිකන් කන්න වගේ මගේ දිහා බැලුවා. මන් හිතන්නෙ සැරෙන් කියපු නිසා වෙන්න ඇති.
    .
    ඔන්න ඔහොම ඉද්දි හරි බස් එක ආවා, ඒකේ දොරට කිට්ටු නැති මැද සීට් එකක් බලලා ඉන්දලා නිකමට ඇහුවා,
    " බහින තැන මතකද? " කියලා.
    එතකොට එයා " ඔව් වැඩිහිටි නිවාසෙ ලග" කිව්වා.
    .
    මන් උඩ ගියා මේ මොකක්ද කිව්වෙ කියලා, එතකොට ලාවට වගේ මතක් උනෙ කොටූද කොහෙද උදේ කියනවා ඇහුනා ,
    .
    " අත්තම්මට සංස්කෘතික මධ්‍යස්ථානෙ කියන්නත් අමාරුයිනෙ, කලායතනේ කිව්වට ඔය බස් කාරයෝ දන්නෙත් නෑනේ. එතනම එහා පැත්තෙ තියෙන වැඩිහිටි නිවාසෙ ප්‍රසිද්දයි එතන්ට කියලා ටිකට් අරන් බහින්න" කියලා.
    .
    හරි වෙන්න ඇති කියලා හිතලා කෝකටත් ආයේත් ඩ්‍රයිවර්ටත් කියලා, තව සැරයක් " හවස ආයේත් අපේ ගෙදර එන්න හදන්න එපා" කියලා මන් ගෙදර ආවා.
    .
    අනේ හවස අත්තම්මා හිතුවක්කාර නොවී මන් කියපු විදියටම කට්ටියත් එක්ක මහ ගෙදර ගිහිල්ලා. එහෙන් ලොකු අම්මා බස් එකකට දාලා හවස මම ආයෙත් කටුගස්තොටින් බයික් එකට දාගෙන අපේ ගෙදර එක්ක ආවා.
    .
    අත්තම්මගේ ඉදිරිපත් කිරිමලු පළවෙනි තැනට තේරුනේ. මුළු හෝල් එකම හිනා උනාලු පටන් ගත්තු වෙලාවෙ ඉදන් ඉවර වෙනකල්.

    https://www.facebook.com/nipuna.udaya/posts/10211353977537411
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඒක තමා කියන්නෙ ඕනෑම දෙයක් ගැන විචාරශීලී වෙන්න, තොරතුරු දන්නේ නැතුව නිකන් පොරවල් වෙන්න යන්න එපා කියල. අද කාලේ පාරක තොටක accident එකක් වුනත් ඔය හෙනේමයි. වාහනයක මිනිහෙක් වැදුනොත් වැරද්ද පැනපු එකාගෙ කියල නෑ වටේ ඉන්න බක පණ්ඩිතයො ටික ඇරගන්න එන්නෙ driver එක්ක
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක තමා කියන්නෙ ඕනෑම දෙයක් ගැන විචාරශීලී වෙන්න, තොරතුරු දන්නේ නැතුව නිකන් පොරවල් වෙන්න යන්න එපා කියල. අද කාලේ පාරක තොටක accident එකක් වුනත් ඔය හෙනේමයි. වාහනයක මිනිහෙක් වැදුනොත් වැරද්ද පැනපු එකාගෙ කියල නෑ වටේ ඉන්න බක පණ්ඩිතයො ටික ඇරගන්න එන්නෙ driver එක්ක
    :yes: