එකවර ගෑණු හත අටකට වගකිව හැකි නායකයා සහ සුස#
එකවර ගෑණු හත අටකට වගකිව හැකි නායකයා සහ සුසමාදර්ශී රනිල්
භගවත් ගීතාවේ සඳහන් පාඨයක් උපුටා දක්වමින් අද මම මෙම ලිපිය ආරම්භ කළත් මින් පෙර මම රනිල් ගැන ලියු ලිපි වල දී මෙන් හේ රනිල් නම් විය යන්න නොදක්වමි.
"යමක් අතීතයෙහි සිදු වීද ඉන් යහපතක්ම විය. යමක් සිදු වෙමින් පවතීද? සිදුවෙමින් පවතින්නේද යහපතකි. යමක් ඉදිරියට සිදු වෙයිද ඉන් සිදු වන්නේද යහපතකි . ඔබ කවර දෙයක් නැති වුනු දුකින් හඬන්නෙහිද? ඔබට මෙහි නැතිවන්නට, ඔබ එන විට ගෙන ආ කිසිවක් වෙත්ද? විනාශ වන්නට ඔබ කිසිවක් මැවූවෙහිද? ඔබ සතු යම් දෙයක් වෙයිද –එය ඔබට ලැබුනේ මෙහිදීය. ඔබ කිසිවක් දුන්නෙහිද? එය ඔබ දුන්නේද මෙහිමය. ඔබ යමක් නතු කර ගත්තෙහිද? එය ඔබ නතු කර ගත්තේ දෙවියන්ගේ අතිනි. ඔබ දුන් දෙයක් වේ නම් එය දී ඇත්තේද දෙවියන්ටමය. ඔබ හිස් අතින් පැමිණියෙහිය. ඔබ යන්නේ හිස් අතිනි. අද ඔබ සතු දෙය , පෙර අයිති වුයේ අනෙකෙකුටය. හෙට එය තවත් අයකු සතු විය හැක. ඔබ ඔබේ යයි සිතා රසවිඳි සියලු දෑ වැරදීමකින් රස විඳි දේය. ඒ සාවද්‍ය සතුට ඔබගේ ශෝකයට හේතුවයි. අර්ජුන, ඔබ නොහඬන්න”- භගවත් ගීතාව.
මහාභාරතයේ එන අර්ජුන් නැමැති ශ්‍රේෂ්ඨයා පාණ්ඩවයින් අතින් පරාජයට පත් වන්නේය. එහෙත් අර්ජුන් පරාජය වුවද අදත් ලෝකය කතා කරන්නේ අර්ජුන් නැමැති අවංකයා ගැන මිස ඔහු පරාජය කළා වූ දුර්යෝජන්ලා ගැන නොවේ.
භගවත් ගීතාව අර්ජුන් ගැන කියන්නේ ඔබ කුමක් ගැන හඬන්නද? ඔබ මෙහි එනවිට ගෙන ආ දෙයක් නැත. එමෙන්ම ඔබට ආපසු යනවිට ගෙන යන්නට දෙයක්ද නැත. එමනිසා ඔබ කුමට ශෝකවන්නද? කියායි.
සැබවින්ම මහාභාරතයේ අර්ජුන් මෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින සිය දේශපාලන ජීවිතයේ මෙතෙක් පැමිනි කටුක ගමන් මගේ වැදගත්ම මංසන්ධිය පසු කරන්නේය. මෙතෙක් ඔහු තරම් අනේක විධ නින්දා අපහාස, ගැරහීම් ,වලට ලක් කළ තවත් දේශපාලනඥයෙක් නැත. තමන්ට කෙතරම් හිංසා කළත් ඔහු ඒවා සතපහකට වත් මායිම් නොකළේ මිනිසෙක් පෘතග්ජනභාවය ඉක්මවා උත්තර මානුෂිකත්වයට යා යුතුය යන කාරණය පාඩමක් වශයෙන් කියා දෙමිනි.
මිනිසුන් කෙතරම් හූ කිව්වද, ගල්මුල් පහර එල්ල කළ ද තමන් යන ඉළක්කය කරා එක සිතින් ගමන් කළ හැකි වන්නේ සැබෑ නායකයෙකුට පමණි. නායකයා යනු අනෙක් සියළු පුද්ගලයින් අභිබවමින් සමාජය හමුවේ සිය පෞරුෂත්වය පිළිබිඹු කරන පුද්ගලයායි.
එකවර ගෑණු හත අටකට වගකිව හැකි නායකයා
වර්තමානයේ අපේ රටේ නායකයා යැයි අර්ථ දක්වන්නේ කඳ බඩ විශාල, පොල් ලෙල්ලක් තරම් මහත රැවුළක් තිබිය යුතු, එක්වර ගෑණු හත අටකට වග කිව හැකි, මොළේ කළඳක් නැති දරුවන් බිහි කරන, රෑ එළි වන තුරු රා මෙර පානය කරමින් අන්තේවාසිකයින්ට ද කන්න බොන්න හා හොරකම් කිරීමට අවස්ථාව දෙන පුද්ගලයායි.
එහෙත් දියුනු සදාචාරසම්පන්න ලෝකයේ නායකයෙක් සම්බන්ධ නිර්වචනය ඊට බොහෝ සෙයින් වෙනස් වේ. ඔවුන් නායකයා යැයි කියන්නේ බුද්ධිමත්ව සිතන, ලෝකය සමග ඉදිරියට යා යුතු යැයි සිතන තමන් හෝ තමන්ගේ පවුල හෝ ඥාතීන් නොව රට හා එහි සංවර්ධනය දියුණුව, අතමිට සහිත මිනිසුන් වෙසෙන සමාජයක් බිහි කරන්නට වෙර දරන හා ඊට අවශ්‍ය ඥාණය හා දැනුම සහිත පුද්ගලයායි. මහතීර් මොහමඩ්, ලී ක්වාන් යු වැනි මිනිසුන් ඊට නිදසුන් ය.
එම අර්ථකථනයෙන් බලන විට රනිල් වික්‍රමසිංහ මහතා තරම් සැබෑ නායකත්වයේ ලක්ෂණ පිළිබිඹු කළ දේශපාලනඥයෙක් අපේ රටේ මෑත ඉතිහාසය තුළ පහල වුයේ නැත.
පසුගිය දින කිහිපය පුරා මම සියලුම මාධ්‍ය එස්සේ පළ වූ ප්‍රවෘත්ති හා දේශපාලනයට අදාල සියලුම වැඩසටහන් බැලුවෙමි. එහිදී රාජ්‍ය මාධ්‍ය හැර සිරස, දෙරණ, හිරු වැනි රූපවාහිනි නාලිකා ද, දිවයින, ලක්බිම, මව්බිම හා රිවිර වැනි පුවත්පත් ද ඝෘජුවම රනිල් ඉළක්ක කරමින් ඔහු නායකත්වයෙන් පළවා හැරිය යුතු බවට හඟවන වැඩ සටහන් මෙහෙයවනු ලැබුයේ ජනමාධ්‍ය තුළ පැවතිය යුතු යැයි සැළකෙන මාධ්‍ය සදාචාර ධර්ම තුට්ටු දෙකට ඇද දමමිනි.
දෙරණ නාලිකාවේ සංඛ අමර්ජිත්, හා චතුර වැනි මාධ්‍යවේදීන් ඝෘජුවම මහින්ද නැවත බලයට ගෙන ඒමේ ප්‍රචාරක යුද්ධය රනිල්ට එරෙහි විශ්වාසභංගය හරහා ක්‍රියාත්මක කර තිබෙන බව පෙනී ගියේය. දෙපිට කැපෙන වචන පාවිච්චි කරමින් රනිල් පක්ෂයේ නායකත්වයෙන් ද, අගමැතිකමෙන්ද පමණක් නොව රටෙන් ද පිටුවහල් කළ යුතු දේශද්‍රෝහියෙකු යැයි මහජනතාවට සිතෙන අන්දමට මෙම ප්‍රචාරක ජාලය මෙහෙයවිය. සිරසට හිරුට හා දෙරණට ඇත්තේ පෞද්ගලික අභිමතාර්ථ කිහිපයකි. සෙසු පුවත්පත්වලට ද එසේමය.
ඉරිදා පළවන සියලු පුවත්පත් වල ශීර්ෂපාඨවල දැක්වුයේ අල්ලේ පැළවෙන කෙප්පය. ඒවා සත්‍ය පදනම් කරගත් ප්‍රවෘත්ති නම් මෙලාකටත් රනිල් මැරිච්චි තැන්වල ගසුත් පැළවෙලාය. ඒ තරම්ම බොරු බේගල් ඉරිදා පුවත්පත් වල පළවිය.
ඒ අනුව මේ රටේ ජනතාව ඉරිදා පළ වන සියලු පත්තර පඩංගු මිල දී ගැනීම වර්ජනය කළ යුතුයැයි මම සිතමි. මේ පත්තර පසුගිය ඉරිදාවල් කිහිපය තුළ පළ කරන ලද අසත්‍ය තොරතුරු කොපමණ දැයි ඔබට හෙට (05) එලිවන විට දැනගැනීමට හැකි වනු ඇත.
ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්
මෙතෙක් රනිල් එළවිය යුතු යැයි කියමින් ශීර්ෂපාඨ පළ කළ පත්තර හා විද්‍යුත් මාධ්‍ය හෙට සිට "ජනාධිපතිට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් දෝෂාභියෝගයක්" යන්න හුවා දක්වනු ඇත.
වැදගත්ම කාරණය වන්නේ මේ තරම් පීඩනයක් එල්ල වෙත්දීත් රනිල් වික්‍රමසිංහ මහතා එම පීඩනය ශත පහකටවත් ගණන් ගත්තේ නැත. ඔහු යොවුන් පුරයට ගියේය. එහිදී තරුණයින් හමුවී කෙළි දෙළෙන් කාලය ගත කළේය. තරුණයින් සමග සාකච්ඡා කළේය. ඔවුන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටියේය.
එපමණක් නොව නීතිවේදින්ගේ සංගමයේ සැසියට ගියේය.එහිදී හරවත් කතාවක් කළේය. එමෙන්ම මෙරට පැවැති ප්‍රධාන ආර්ථික සමුළුවකට සහභාගි වෙමින් මෙතෙක් මේ රටේ දේශපාලනඥයෙක් සිදු නොකළ තරමේ ඉතාමත් හරබර, ව්‍යක්ත මහාචාර්යවරයෙකු විසින් සිදු කළ යුතු තරමේ දේශනයක් පැවැත්විය. ( කරුමෙට අපේ රටේ ජනතාව එවැනි දේශන කියවන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය බොරු හා ඕපාදුප පමණි.)
තමන්ට එල්ල කරන පීඩනය වෙනත් රටක පුද්ගලයින් විසින් නොව තමන් උපන්, හැදුනු වැඩුනු රටේ තමන්ගේ සහෝදරයින් වැනි මිනිසුන් කිහිප දෙනෙක් එල්ල කරනු දැක දැකත් ඔහු උපේක්ෂා සහගත විය. ඒ එකදු විවේචනයකට හෝ ඔහු පිළීතුරු දෙන්නට ගියේ නැත. ලංකාඊනිව්ස් තමන්ට මඩ ගසනවා යැයි කියමින් වත්මන් ජනාධිපතිවරයා එය තහනම් කළේය. එහෙත් රනිල් වැන්නෙකුට එල්ල කළ පීඩනය වැන්නක් වත්මන් ජනාධිපතිවරයාට එල්ල විනි නම් ඔහු කුමක් නම් කරයිද?
කුරු- පාණ්ඪ්‍ය සටන මට මතක් වුයේ එබැවිනි. සැබවින්ම අද රනිල් මුහුණ දෙන්නේ එවැනි සටනකටයි. අර්ජුන් කුරු ක්ෂේත්‍රෙය් දී පරාජය කළා මෙන් රනිල් පාර්ලිමේන්තුවේ දී පරාජය වන්නේ නැත. ඔහු සටන් කරන්නේ ඇඟේ ශක්තියෙන් නොව ඔහුගේ මොළයෙනි. රනිල්ට බැලූ බැල්මට ශක්තිමත් සිරුරක් නොතිබුනත් රාජකීය විදයාලයේ දී ඔහු ක්‍රීඩාකළ අයෙකි.
වරක් පාර්ලිමේන්තුවේ දී මහින්ද රත්නතිලක මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ගැටුමක් ඇතිවු අවස්ථාවේ මහින්ද රත්නතිලක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දීමට ඉදිරියට පැන්නේය. අසළ සිටි රනිල් විගසම ක්‍රියාත්මක වෙමින් මහින්ද රත්නතිලකව අඩි හත අටක් ඉවතට විසි කර දැම්මේ අවට සිටි මන්ත්‍රීවරුන් පුදුමයට පත් කරමිනි. එම පහරදීම රනිල් විසින් වැළැක්වීම නිසා මහින්ද රත්නතිලකගේ මන්ත්‍රී ධුරය බේරිනි.
රනිල් ශක්තිය පෙන්වුයේ අවශ්‍ය වෙලාවට මිස අනවශ්‍ය වෙලාවට නොවේ. ඒ නායකයෙකුගේ ස්වභාවයයි.
එමෙන්ම මේ දේශපාලනය තුළ පමණක් නොව ජීවිතයෙන්ද ඔහුට අලුතින් ලබා ගන්නට දෙයක් හෝ දමා යන්නට බැරි දෙයක් හෝ නැත.
පැරදුනත් දිනුවත් රනිල් රනිල්මයි මෛත්‍රී මෛත්‍රීමයි
රනිල්ගේ හිතවතෙක් පසුගිය දිනෙක මා සමග මෙසේ කීය.‘මේ විශ්වාසභංගෙන් පැරදුනත් දිනුවත් අගමැතිතුමාට වෙන දෙයක් නෑ. මෛත්‍රී මැඩම් තවමත් කැම්පස් යන්නේ එයාගේ කාර් එකෙන් එයාම ඩ්‍රයිව් කරගෙන. වටින් පිටින් පිරිවරාගත්ත ආරක්ෂකයෝ නෑ. තනියම. ඒ වගේම අගමැතිතුමාටත් ලොකු වෙනසක් වෙන්නෑ. ඕන්නම් මන්ත්‍රී කෙනෙක් වෙලා වාඩි වෙයි. ඒ හැර දෙයක් නෑ.‘
රනිල් සතු ඉවසීමේ මහා ගුණය සැබවින්ම ඔහු බෞද්ධ දර්ශනය තුළින් ප්‍රගුණ කළේය . සැබෑ බෞද්ධයා යනු පිළිවෙත් පුරන්නා මිස උප්පැන්න සහතිකේ තිබු පළියට හෝ මල්වට්ටි එල්ලාගෙන උදේ හවහා පන්සල්වලට ගොස් එළියට පැමිණ මාධ්‍ය ආයතවලට වොයිස්කට් දෙමින් වෛරය වපුරන්නා නොවේ. එපමණක් නොව තමන්ට හා පවුලට ගැලවීම සඳහා මහා සංඝරත්නය පළිහක් ලෙස යොදා ගන්නාද නොවේ.
එමෙන්ම කිළිනොච්චියේ හා මුලතිව් හි අහිංසක දෙමළ ජනතාවගෙන් කොල්ල කාගත් රත්තරන්වලින් බුදුපිළිම සාදා ඒවා රණවිරු මහ සෑ නමින් නම් කර ඒවායේ නිදන් කරන පුද්ගලයා ද නොවේ. අනුරාධපුර රණවිරු මහ සෑයේ නිදන් කළ රත්තරන් ප්‍රමාණය ටොන් තුනහමාරකි. දකුනු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් රත්තරන් ආකරය මේ රටට ගෙනාවත් එසේ කළ නොහැකිය. අපි දන්නා පරිදි යුධ හමුදාවට රත්තරන් කොහෙන්ද..? එසේනම් මේ තරම් රත්තරන් ප්‍රමාණයක් කොහෙන් හොයාගත්තාද..? ඒවා යුද්ධය අවස්ථාවේ අහිංසක දෙමළ මිනිසුන්ගෙන් කොල්ල කාගත් දේපොළ නොවේද,?
රටට අවශ්‍ය මහජන දේපොළ කොල්ලකන ඒවායෙන් බුදුපිළිම හා මහ සෑ හදන්නෙක්ද..? ජනතාව මේ සත්‍යය කවදානම් තේරුම් ගන්නේද...?
රනිල් කිසි දිනෙක තම කතාවක් තුළින් අනුන්ගේ සිත් රිදවන්නේ නැත. අනුන්ට ගරහන්නේ නැත. ඔහුට අන් අය කෙතරම් ගැරහුවද ඔහු නෑසු කන්ව ඒවා ඉවසාගෙන සිටියේය. මිනිසෙක් ඉවසලා ඉවසලා බැරිම තැන අන්තිම අවස්ථාවේත් ඉවසන්න යැයි කතාවක් තිබේ. රනිල් එම න්‍යාය අපුරුවට පිළිපැද්දේය.
අවසාන වශයෙන් අද සටනින් රනිල් දිනනු ඇත. එය දැනටමත් පැහැදිළිය. එහෙත් කාරණය එය නොවේ. රනිල් අද මේ සටන දිනුවත් හෙට සිට ඔහු යලිත් සුපුරුදු රනිල්මය. තමන් පුරුදු පුහුණු කළ ශික්ෂණය ඔහු කිසිවිටෙක අත් නොහරින්නේය.
සුසමාදර්ශීය චරිතය
මෙතෙක් කිසිවෙක් රනිල් ගැන නොලියු, නොකියු වචනයක් මම අද රනිල් නමින් ලියමි. දේශපාලනයේදී අපිට චරිත ඕනෑතරම් හමුවී ඇත. දැක ඇත. අසා ඇත. ඒ සියලු චරිත සමාන චරිතයෝය. එසේ බලන විට රනිල් වික්‍රමසිංහ යනු සුසමාදර්ශ Paradigm චරිතයකි. ඔහු කිසිවෙකුට සම කළ නොහැකිය.
දැනට අපේ රටේ සිටින එකම සුසමාදර්ශීය චරිතය රනිල් වික්‍රමසිංහ පමණි.
ඒ වුකලි වනයේ සිටින හස්තීන් අතර සද්දන්ත ඇතා වෙනස්ව දර්ශනය වන්නාක් මෙනි. දුර්යෝජන්ලා රනිල් පරාජය කිරීමට කැසකැව්වද, අර්ජුන් මෙන් ඔහු පරාජය වන්නේ නැත. හෙට උදෑසන වනවිට රනිල් කුරුක්ෂේත්‍රය ජයගනිමින් සිය අවංකභාවය රටට හා ලොවට පෙන්වනු ඇත.
එතෙක් අපි බලා සිටිමු.
සල්පිටියේ ධම්මදස්සි හිමි
---------------------------