එකසිය එක්‌ දෙනකුට වඩා තුන්දෙනකුගේ අගය වැ&#3497

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
එකසිය එක්‌ දෙනකුට වඩා තුන්දෙනකුගේ අගය වැ&#3497

එකසිය එක්‌ දෙනකුට වඩා තුන්දෙනකුගේ අගය වැඩි වූ හැටි

බස්‌නාහිර පළාත් සභාවේ ශ්‍රී.ල.නි.ප., එ.ජා.ප. මන්ත්‍රීවරු සියලු දෙනා කිසිදු පක්‍ෂ පාට ප්‍රතිපත්ති භේදයකින් තොරව චීනයට යැමට සූදානම් වෙති. මේ ගමනට එම පළාත් සභාවේ මුදලින් රුපියල් දශලක්‍ෂ 30 ක්‌ වෙන් කර ඇත. මේ ගමනට සහභාගි නො වන්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු පමණි. බස්‌නාහිර පළාත් සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රී දොස්‌තර නලින්ද ජයතිස්‌ස කියන පරිදි මේ ගමන නො ගොස්‌ පෙර කී මුදල් සභාවට ඉතිරි කර දීමට එම ගමනට ලක ලෑස්‌ති වෙමින් සිටින ශ්‍රී.ල.නි.ප. සහ එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට තවමත් පුළුවන.

දේශපාලනයේදී සදාකාලික සතුරන් නැත. වෙසෙසින් ම විදේශ ගමන් වලදී දේශපාලන භේද අමතක කිරීමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සූදානම් බව පෙනේ. බස්‌නාහිර පළාත් සභාව යනු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බිහි කළ ප්‍රදේශයකි. ලංකාවේ හොඳම ධනවතුන් සිටින්නේ මේ පළාත තුළ ය. රටේ අගනුවර ද මේ පළාත් සභාවට අයත් ය. වැඩිම මොන්ටෙරෝ රථ සමූහයක්‌ ද, උසම ගොඩනැඟිලි සියල්ලද, ජාතික පාසල් වැඩි හරියක්‌ ද මෙහි ඇත. මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ රටේ ඉහළම ආරක්‍ෂාව මේ ප්‍රදේශයේ දී බලාපොරොත්තු විය හැකි වීම ය. තරු පහේ හෝටල්, නයිට්‌ ක්‌ලබ් සහ වෙනත් ශරීර සුවතා කටයුතු මේ සියල්ලටම අමතරව ය.

ඒ වූ කලී බස්‌නාහිර පළාතේ ආලෝකවත් පැත්තය. එහි ඉතා නරක ගඳ ගසන, මැස්‌සන් ඉගිලෙන අඳුරු පැත්තක්‌ ද තිබේ. ලංකාවේ යාචකයන් වැඩිම පිරිසක්‌ සිටින්නේ බස්‌නාහිර පළාතේ ය. එසේම මුඩුක්‌කු වැඩිම සංඛ්‍යාවක්‌ ඇත්තේ ද බස්‌නාහිර පළාතේ ය. ස්‌ත්‍රී දූෂණ, සොරකම්, මං පැහැරීම් බහුල වශයෙන් මේ පළාත තුළ සිදු වෙයි. ඉතාම කබල් පාසල් මේ පළාතේ තිබේ. ඒවායේ වහළ දිරා ගොස්‌ ඇති අතර ඕනෑම මොහොතක සිසුන් සහ ගුරුවරුන්ගේ හිස්‌ මතට පහත් වීමේ අවදානමක්‌ පවතී. ඇතැම් පාසල් වැස්‌සට මඩ ගොහොරු ය. කොළඹ නගරයේ ජලය මහ වැස්‌සට නො බසින්නේ යම් සේ ද, කොළඹ නගරයේ ඇතැම් පාසල්වල ජලය ද මහ වැස්‌සට ගලා නො බසී. දින දෙක තුනක්‌ තුළ මේ පාසල් මදුරු විමානයන් බවට පත් වෙයි.

චීනයට යැම සඳහා වැය වන රුපියල් දශලක්‍ෂ 30 න් බස්‌නාහිර පළාතට කළ හැකි සේවය බොහෝ ය. බස්‌නාහිර පළාතේ දුප්පත්කම තුරන් කිරීමට මේ රුපියල් කෝටි 30 යම් ප්‍රමාණයකට දායක කළ හැකි ය. හැකියාවන් ඇති දුගී තරුණ තරුණියන් 300 ක්‌ තෝරාගෙන ඔවුනට රුපියල් ලක්‍ෂය බැගින් ලබා දී ස්‌වයං රැකියා ඇරඹීමට උදව් විය නො හැකි ද? ගරා වැටෙන පාසල් තිහ හතළිහක්‌ තෝරා ඒවා පිළිසකර කිරීමට මේ මුදල් යෙදිය නො හැකි ද? රණ විරුවන් පනස්‌ දෙනකුට නිවාස ඉදිකර දීම සඳහා මේ මුදල් යෙදිය නො හැකි ද?

අපගේ වැටහීම නම් ශ්‍රී ල.නි.ප. සහ එ.ජා.ප.ය විපතේදී නොව සැපතේදී එකතු වන මිතුරන් බව ය. බස්‌නාහිර පළාත් සභාවට චීන ගමන පිළිබඳ ලොතරැයිය ඇදුණු විට එහි විපක්‍ෂ නායිකා (එ.ජා.ප) රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ එම ගමන යා යුතුම බව ය. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක ගහ මරා ගන්නේ බලය සඳහා පමණි. තම වැටුප් වැඩි කර ගැනීම, බද්දෙන් නිදහස්‌ වාහන ලබා ගැනීම යනාදියේ දී මේ පක්‍ෂ එකතු වෙති. මේ පිරිස චීනයට යන්නේ මොනවා බලන්නද? චීන මහා ප්‍රාකාරය බලන්නද? මේ රටේ මහියංගනයට හෝ පානමට ගොස්‌ ඒ ප්‍රදේශවල වැසියන් ගත කරන කටුක ජීවිත අත්දුටුවහොත් එම අත්දැකීම බස්‌නාහිර පළාතේ සභිකයන්ට ජීවිත කාලයක්‌ තුළ ප්‍රයෝජනයට ගත හැකි අත්දැකීමක්‌ වන්නේ ය. මේ ගමන නො යැම ගැන බස්‌නාහිර පළාත් සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් තිදෙනාට ස්‌තුති කරමු. ගණනින් කුඩා වුවත්, එම පළාත් සභාවේ සෙසු මන්ත්‍රීන් 101 දෙනාට වඩා මේ තුන්දෙනා මේ මොහොතේ දී වටින්නේ ය.

ඡන්දයේදී ගහ මරා ගත් මඩ ගසා ගත් ශ්‍රී ලංකා කරයෝත් යූ. එන්. පී. කාරයෝත් සියලු ප්‍රතිපත්ති පසෙකලා එක ගුවන් යානයේ ප්‍රීති ප්‍රමෝදයෙන් ගමන් කරනු ඇත. විදේශ සංචාරයට මොන දේශපාලනයද?
http://www.divaina.com/2009/10/22/editor.html

 
  • Like
Reactions: sudunone

sudunone

Member
May 23, 2009
3,781
121
0
දේශපාලකයොන්ගෙ හැටි ඔහොමම තමා. ගම්වල ඉන්න මෝඩයො හිතන් ඉන්නෙ තමුන් 'කැපුවත් කොළ/නිල්' කියල. උඩ ඉන්න උන්දලා වාසි ඇති පැත්තට හෝය්යා.
ජේවීපී එකේ මිනිස්සු මොනව කළත් ප්‍රතිපත්තිගරුකයි.
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
දේශපාලකයොන්ගෙ හැටි ඔහොමම තමා. ගම්වල ඉන්න මෝඩයො හිතන් ඉන්නෙ තමුන් 'කැපුවත් කොළ/නිල්' කියල. උඩ ඉන්න උන්දලා වාසි ඇති පැත්තට හෝය්යා.
ජේවීපී එකේ මිනිස්සු මොනව කළත් ප්‍රතිපත්තිගරුකයි.

:yes::yes::dull:
 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
දේශපාලකයොන්ගෙ හැටි ඔහොමම තමා. ගම්වල ඉන්න මෝඩයො හිතන් ඉන්නෙ තමුන් 'කැපුවත් කොළ/නිල්' කියල. උඩ ඉන්න උන්දලා වාසි ඇති පැත්තට හෝය්යා.
ජේවීපී එකේ මිනිස්සු මොනව කළත් ප්‍රතිපත්තිගරුකයි.

:yes::yes::yes::yes:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
දේශපාලකයොන්ගෙ හැටි ඔහොමම තමා. ගම්වල ඉන්න මෝඩයො හිතන් ඉන්නෙ තමුන් 'කැපුවත් කොළ/නිල්' කියල. උඩ ඉන්න උන්දලා වාසි ඇති පැත්තට හෝය්යා.
ජේවීපී එකේ මිනිස්සු මොනව කළත් ප්‍රතිපත්තිගරුකයි.

උනුත් ඉතින් පක්ෂෙ ඉන්නකම් තමා.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
උනුත් ඉතින් පක්ෂෙ ඉන්නකම් තමා.

ඔව්, මං හිතන්නෙ ඒ ගොල්ලන්ගෙ පක්ෂෙ විනය/නීතිය. එයාලටත් ගොඩක් බලය ලැබුණු දවසක අනික් අය වගේම වෙයි. හැබැයි දැනටනම් මං හිතන්නෙ අඩුවෙන්ම ගසා කන්නෙ ඒ ගොල්ලො.