එක්කෝ අම්මා, එක්කෝ තාත්තා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
එක්කෝ අම්මා, එක්කෝ තාත්තා

එක්කෝ අම්මා, එක්කෝ තාත්තා

පළමු කොටස

කමිසයක් නැතුවම
ගුලිවෙලා සීතලට
උන්නු මට පාන්දර
වෙළා තිබුණු සෙනේහේ කෝදුවෙන්
දැනුණි නුඹේ උණුහුම
චීත්ත රෙද්දෙන් ගැලූ ආදරයේ උල්පතින්

දෙවන කොටස

කමිසයක් නැතුවම
ගුලිවෙලා සීතලට
උන්නු මට පාන්දර
වෙළා තිබුණු සෙනේහේ කෝදුවෙන්
දැනුණි දහඩිය සුවඳ
කළු ගල් හැපෙනා කමිසයෙන්

තුන්වැනි කොටස

ආදරයේ උල්පත වූ අම්මා
දහඩියේ අරුත කියා දුන් තාත්තා
කියාදෙන්න මට නුඹ
කාට නම් වැඩියෙන් ආලය කරම්දෝ කියා

සංකල්පය - මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: dina84