වහල් මානසික තත්වය part2

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වහල් මානසික තත්වය part2

    අප්‍රිකාවේ අදත් පවතින වහල් මානසික තත්වය [2 කොටස]

    වහළුන් අල්ලා ගන්නා නැව් තොටේ සිට යුරෝපය හෝ ඇමරිකාව තෙක් ඔවුන් ගෙන එනවිට යම් ප්රතිශතයක් මිය යයි. මළ පහ සෝදා ලීමට, වහළුන් බැඳ ඇති නැව් තට්ටුව දින කිහිපයකට වතාවක් සුද්ධ කරන අවස්ථාවේ, ඒ මියගිය වහළුන්ගේ දේහයන්ද මුහුදට විසි කරණු ලැබේ.

    මේ වහළුන් රැගත් නැව ඊට අදාළ කිසියම් රටක ඇති වරායට සේන්දු වූ විට, ගැනුම් කරුවෝ මේ නිර්වස්ත්‍ර වහළුන්ව නැවත නිරීක්ෂණය කළෝය. දැන් මේ වහළුන් වෙන්දේසියේ විකිණීම කෙරේ. වහළුන් බොහෝ දෙනෙක් තබා එකට වැඩ ගන්නා අවස්ථාවල දී, වහලාගේ යටි සහ උඩු තොල් වල හිල් තනා ඉබ්බන් දැමීම අවශ්‍යය. එවිට වහළුන් ඔවුනොවුන් සහ කතා කිරීම වැළැක්වීම සිදුවේ. එවිට එක්ව පැන යාම සඳහා එකිනෙකා හා සාකච්චා කල නොහැක.

    දහ නව වන ශත වර්ෂයේ අග භාගයේදී වහල් වෙළඳාම අහෝසි වුවද, වහළුන් ලෙස යයි නොකීවද, ඔවුන් දෙවන මහා ලෝක සංග්‍රාමය කාලයේදී භටයන් සේ යොදවන ලදහ. ලංකාවටද බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ රාජකාරි වලට අප්‍රිකාණු වහළුන් ගෙන ආහ. ඔවුන්ගේ කටවල් වලට ඉබි යතුරු දා තිබිණ. කකුල් වල මාන්චු සහිත දම්වැල් තිබිණ. මෙය මට කිව්වේ මගේ අම්මා විසිණි. ඇය එවකට දැරියකි.

    මේ ගැන මිනිසුන් බ්‍රිතාන්‍යයන් ගෙන් ඒ කාලයේ ප්‍රශ්න කල විට ඔවුන් කියා ඇත්තේ, ‘වහළුන් මිණී මස් කන නිසා එසේ කළා යන්නය. මෙය පට්ට බොරුවක් බව, මා අප්‍රිකාවේ පසුව ඇවිද මේවා සොයා බැලූ විට පෙනී ගිය දෙයකි.

    මිණී මස් කෑමේ සිරිතක් කලාතුරකින් යම් යම් අප්‍රිකාණු ගෝත්‍ර වල තිබුණු බව සැබැවි. එහෙත් ඔවුන් එය කරන්නේ සතුරා සමඟ සටන් වැද පරාජය කර පළිගැනීමේ අදහසින් පමණි. ඔවුන් මේ එක සමාජයකට වැටුණු විට මිණී මස් නොකති. තවද දැවැන්ත අප්‍රිකාවේ සියළුම ජන කොටස් එකම අදහස් උදහස් සහ විශ්වාස තිබි අය නොවේ.

    විකුණන ලබන කිසියම් වහළෙක් පැන ගියහොත් ඔහු දරුණු දඬුවම් ලබනු ඇත. එක් දඬුවමක් වන්නේ, පාදය හරහා යන යකඩ උලක් පොළවට ගැසීමය. එසේ පැන යාමට ලැබුණු දඬුවම් අති අමානුෂික විය. එසේ නැත්නම් පාදය ඇඟිලි වලට තරමක් ඉහළින්, පොරවකින් කපා දමනු ලැබේ. නැතිනම් ලිංගේන්ද්‍රිය කපා දැමීම කෙරේ.

    එහෙත් යුරොපීයයන් කොතරම් කාරුණික සහ ප්‍රජාතන්ත්‍රවාදී වූවාද කියනවා නම්, වහළාට ඉහත කී දඬුවම් දෙකෙන් එකක් තෝරා ගත හැක. මෙවැනි සිදුවීමක් ඇමරිකානු ජාතික ඇලෙක්ස් හේළී ගේ ‘මුල්’ හෙවත් ‘Roots’ යන පොතේ ඇත. එය පසුව චිත්‍රපටයකට ගොනු විය.’ ඇලෙක්ස් හේළී’ ගේ හත්වන මී මුත්තා, ගැම්බියාවෙන් වහළෙක් සේ අල්ලාගෙන ගිය ‘කුන්ටා කින්ටේ’ නම් කෙනෙක් විය.

    දරදඬු වහළුන් දමන්නට ඉතා කුඩා කාමර තිබිණ. ඒ කාමරයක ප්‍රමාණය බල්ලෙක් දමන කූඩුවක් මෙන් විය. සමහරවිට අනෙක් වහළුන්ට පාඩමක් සේ, එවැනි දරදඬු වහළෙක් ඒ කාමරයේම මිය යන්නට සැළැස්වීම සිදු විය. මේ ආකාරයේ කාමර සහිත සිර ගෙවල් අද කෞතුකාගාරයක් සේ පවත්වා ගෙන යන ඝානාවේ, කේප් කෝස්ට් ප්‍රදේශයේ ඇත. මේ සිරගෙයක් බැලීමට පැමිණි දකුණු අප්‍රිකාවේ ජනාධිපති දිවංගත නෙල්සන් මැන්ඩේලා, එවැනි සිරගෙයක් ඇතුලට ගොස් පැය භාගයක් පමණ සිටි බව කියැවේ. ඔහු එළියට පැමිණ ඇත්තේ හඬමිනි.

    ඔවුන්ට ලැබුණු ආහාරය අර්තාපල් වැනි දෙයක් විය. ඇඳුම් වැරහැළි වීම නිසා ඒවා රස්නයට හෝ සීතලට ප්‍රමාණවත් නොවීය. කිසිසේත්ම ඔවුන්ට නිදා ගැනීමට ලබාදෙන කාලය ප්‍රමාණවත් නොවීය. වැඩ කරන කාලය බොහෝ දිග විය. මේ හෙයින් වහලාගේ ජීවිත කාලය සාමාන්‍ය මිනිසෙක් ජීවත් වන කාලයෙන් භාගයක් පමණ විය.

    අත්ලාන්තික සාගරය හරහා කෙරුණු මේ අමානුෂික වහල් වෙළඳාම ලෝක ඉතිහාසයේ බලෙන් කෙරුණු විශාලතම වෙළඳාම සේ සඳහන් වේ. 16 වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට 19 වන ශත වර්ෂයේ මැද භාගය තෙක් කෙරුණු මේ වහල් වෙළඳාමේදී අප්‍රිකාණුවන් මිලියන දහයත් එකොළහත් අතර ප්‍රමාණයක් බටහිරට ගෙන යන ලදී. මුල් කාලයේ මුසල්මානුවන් අල්ලා ගෙන ගිය ප්‍රමාණය මෙයට ඇතුළත් නැත. යුරෝපය වහළුන් ආනයනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය.

    යුරෝපීයයන් විසින් මුල්ම කාලයේ වහළුන් පෘතුගාලයට ගෙන ගියේ සීණි නිෂ්පාදනයට අවශ්‍ය උක් ගස් වැවීම සඳහා විය. එහෙත් කාර්මික විප්ලවයේ පිබිදීම සමඟ වහළුන් ගේ අවශ්‍යතාවය තව තවත් වැඩි විය. දහ අට වන ශතවර්ෂයේ මැද භාගය පමණ වනවිට, දුම්රිය පාරවල් තැනීමට සහ කර්මාන්ත ශාළාවල් වලට විශාල ශ්‍රමයක් අවශ්‍ය විය.

    වහළුන් උදේ පාන්දර සිට දහවළ තෙක් වැඩ කල යුතුය. නැවත හවස දෙකේ සිට අඳුරු වැටෙන තුරු වැඩ කල යුතුය. කුඩා වරදකට වුවද ඔවුන්ට නිර්දය ලෙස පහර කෑමට සිදු විය. එසේ වැදුණු පහරවල් නිසා තුවාලයක් නොමැති වහළෙක් නොවීය.

    ...”ලෝක නිර්මාපකයා වන සර්වබලධාරී දෙවියන් ලෝකයේ සිටින මනස උසස් හෙවත් මනුෂ්‍යයාට මෙවන් වහල් මෙහෙයක් ලබා දෙන්නට බලාපොරොත්තු වූයේ මන්ද? . -Thoughts Upon Slavery, John Wesley, Published in the year 1774, John Wesley: Holiness of Heart and Life, 1996 Ruth A. Daugherty)

    උගත් අප්‍රිකානුවන් අදද වහල් මෙහෙය පවතින බව කියති. එහෙත් එය වෙනත් ස්වරූපයක් ගනී. එය නම් ආගම සේ එන මානසික වහල් මෙහෙය නිසා වන ආර්ථික වහල් භාවය වේ. වහල් මෙහෙය තහනම් කල දහනම ශතවර්ෂයේදී කතෝලික ඉවැන්ජලික සභාවල් වලින් ඇති කරන දේව භක්තිය අදද මේ වහල් මෙහෙයයේ නවතම පරිච්චේදය වේ.

    එනම් මෙහිදී මිනිසුන් ශාරීරිකව වහළුන් කර නැති වුවද, ශුක්ෂම වශයෙන් මානසික වහළුන් වූ සර්වබලධාරී දෙවියන්ගේ සේවකයන් කර ඇත. ඒ දෙවියන් සහ, කලක් වහළුන්ට දෙවියන් මෙන් ගෞරවනීය සහ බිය ජනක වූ යුරෝපීය වහල් ස්වාමීන් වරුන් අතර ඇති වෙනසක් නැත. නීති වල ලොකු වෙනසක් නැත. ඒ කියන දේ පිළිපැදිය යුතුය.

    නයිජීරියාවේ අගනුවර වූ ලාගොස් හී පමණක් ඇති යාඥා මධ්‍යස්ථාන ප්‍රමාණය පුදුම සහගත ප්‍රමාණයකි.

    අප්‍රිකාවේ තෙල් සම්පතෙන් අනුන, අප්‍රිකාණු රටවල් අතරින් වැඩි ඒක පුද්ගල ආදායම ඇති නයිජීරියාවේ සාමාන්‍ය මිනිසුන් ඉතා දුප්පත් අය වේ. බටහිර තෙල් සමාගම් වලින් ශුක්ෂම සේ මෙහෙයවන ලද කිතුණු පාදිලි වරුන්, දෙවියන්ගේ ක්‍රියා ප්‍රශ්ණ කල යුතු නැති බවට උපදෙස් දෙති. මේ අතර ජාත්‍යන්තර සමාගම් වලින් ඔවුන්ගේ තෙල් සම්පත සූරා කන්නේය. මෙය නවතම වහල් මෙහෙය වේ. අප්‍රිකානුවා තමන්ගේම මානසික හිර ගෙදරක හිරවී දුක් විඳී.

    ඇත්ත වශයෙන්ම කිතුණු පල්ලිය මගින් එම නැති වී ගිය කීර්තිය මෙන්ම, වතිකානුවට මෙන්ම බටහිරට ඇදුණු ධනය නැවත ලබාගැනීමට මේ ක්‍රම සාර්ථකව භාවිතා කෙරේ. ඒ නැති ව ගිය ධනය නැවතත් ඇද ගැනීමට හැකියාව ඇත්තේ අප්‍රිකාණු සහ ආසියාතික රටවල් හරහා බව ඔවුන් හොඳාකාරවම දනී. එහෙත් මෙය කරන ආකාරය ඉතා සූක්ෂම සහගතව බටහිර ජාත්‍යන්තර සංවිධාන සමඟ අත්වැල් බැඳ කරන බව කෙලින්ම නොපෙන් වීමට ඔවුන් වග බලා ගනිති.

    නයිජීරියාවේ ඇති තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වල කාර්යය අඩාළ වීම බටහිර තෙල් සංවිධාන මගින් සූක්ෂම ආකාරයෙන් සිදු කෙරේ. එනම් මේ දූෂණයේ හඬ පොදු මහජනතාවට නොයෑම සඳහා, මේ සමාගම් මගින් දූෂීත දේශපාලනඥයන්ව අල්ලස් මගින් මුදළට ගෙන ඇත. ඒ අනුව යම් ආකාරයක උද්ගෝෂණයක් ඇති වූ විට මේ දේශපාලනඥයන් විසින් ඒ උද්ගෝෂණ හඬ යටපත් කරනු ලැබේ.

    සෑම විටම දෙවියන් ගෙන් ලැබී ඇති දෙයට වඩා වැඩියෙන් ඉල්ලීම කල යුතු නැති බව අවධාරණය කෙරේ. දෛනිකව ජීවත් වීමට අවශ්‍ය මුදල් හෝ බලාපොරොත්තු පමණක් තබා ගැනීමට අවසාන බලාපොරොත්තුව වේ.

    රටින් රට කොල්ල කෑමේ ලා භාවිතා කල උපක්‍රම එකිනෙකට වෙනස් විය. අප්‍රිකාව උදාහරණයකට ගතහොත්, අප්‍රිකානුවන් ස්වභාවයෙන්ම නැටුමට ප්‍රිය අය වේ. එසේ හෙයින් සියලුම ආකාරයේ යාඥා නටමින් කිරීමට උපදෙස් දීම වේ. ඔබ එවැනි යාඥා මඩුවක් බැලීමට ගියොත්, එය නැටුම් ශාලාවක් කියා සැක කරනු ඇත. මෙහි ලංකාවට ඇති සම්බන්දය හොඳින් බලන්න. සමහර පල්ලි වල ගොක් කොළ කළාව සහ සම්ප්‍රදායික නැටුම් රංගන ඔබ නිරීක්ෂණය කරනු ඇත.

    දැන් අප අප්‍රිකාවේ පැවතුනු සහ අදද පවතින වහල් මෙහෙයට, ලංකාවේ පවතින වක්‍ර ආකාරයේ වහල් මෙහෙය සංසන්දනය කර බලමු.

    ලංකාව ආක්‍රමණය කල බටහිර ජාතීන් වන පෘතුගීසින්ද, ලංදේසි සහ බ්‍රිතාන්‍යයන් හේතුවෙන් අපගේ සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, භාෂා විලාශය, කෑම යනාදිය මහත් සේ වෙනසකට භාජනය විය. ඔවුන්ගේ ආගම් වැළඳ ගන්නා සේ බල කෙරිණ. එය තුවක්කුවේ මෙන්ම නොයෙක් ආකාරයේ අල්ලස් සහ දීමනා ලබා දෙමින් සිදුවූ බව මෑත ඉතිහාසය කියවන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් සොයා ගත හැක.

    මේ අනුව ඔවුන් බෙදා වෙන් කර රට පාලනය කිරීමේ ක්‍රම භාවිතා කලහ. [divide and rule policy]. ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1815 තෙක් ඔවුන්ගේ සිරිත් විරිත් ඇදහීම් යනාදිය වපුරන්නට ලංකාව තෝතැන්නක් කර ගන්නා ලදී. එහෙත් අප්‍රිකාවට සාපේක්ෂව ලංකාවේ තිබුණු දෘඩ සංස්කෘතිය නිසාදෝ ලංකාව සම්පූර්ණ පිලිපීනයක් කිරීමට ඔවුන්ට නොහැකි විය. යුරෝපීයයන් එන්නට පෙර ලංකාවේ මිනිසුන් කන්නාඩි සහ සීණි දැක තිබිණ.

    උපතින් කිතුණුවෙක් වූ පුරන් අප්පු, මේ බටහිර පාලනයට එදෙරිව සටන් කලේය. ඔහු මෙසේ කියා ඇත. ...“මා මෙන් දුසිම් භාගයක් මිනිසුන් ලංකාවේ සිටියා නම්, නුවර ප්‍රදේශයේ සුද මිනිසුන් සිටින්නේ නැත. ...

    Artical by lalith කරුණාරත්න
     
    • Like
    Reactions: sgrdk1

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave education system eketh samahara places vala VAHAL method eka atha. Reason eka, Suddha visin mea education system eka athi kaley unge pahasuva sadahaya. Un dena subject api pass kala yuthuya.Bari eka ta nosalakai. exam fail vena ekata nosalakai. Meya vahal method eke laksanayaki. Venna one-----vadiyen salakanna ona ,exam fail vena kenata nedha ?[specially grade 5 scholarship denna ona , fail vena podi ekataa nedha ??]
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Lankave education system eketh samahara places vala VAHAL method eka atha. Reason eka, Suddha visin mea education system eka athi kaley unge pahasuva sadahaya. Un dena subject api pass kala yuthuya.Bari eka ta nosalakai. exam fail vena ekata nosalaki. Meya vahal method eke laksanayaki. Venna one-----vadiyen salakanna ona ,exam fail vena kenata nedha ?[specially grade 5 scholarship denna ona fail vena podi ekataa nedha ??]

    anna hari ban ape wahal adyapanayak tiyenne
     
    Oct 4, 2017
    231
    13
    0
    අපේ රටේ ඉන්නෙත් වහල් මානසිකත්වයක් තියන උඹල වගේ උන් තමා