එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට..😲😂😂

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    චීන දූතයන් ගිය පසු ඉහළ මට්ටමේ ඇමරිකානු නියෝජිතයන් ලංකාවට



    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ මසදී මෙරටට පැමිණීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
    ඔහුගේ පැමිණීම අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කර ඇත. ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ මෙන්ම චීන විරෝධී සන්ධානයක් සඳහා වන යුධ සහයෝගීතා ගිවිසුමක් එක්සත් ජනපදය හා ඉන්දියාව අතරද අත්සන් කිරීමට අපේක්ෂාවෙන් ඔහු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සමඟ නවදිල්ලියේ නිල සංචාරයකින් පසුව සති දෙකකින් මෙරටට පැමිණීමට නියමිත බව වෙනත් ආරංචි මාර්ගයක් වාර්තා කර ඇත.
    පසුගිය වසරේදී සිදු කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සංචාරය කල් දැමූ ලේකම් පොම්පියෝ මෙවර ඔක්තෝබර් 27 වනදා මෙරටට පැමිණීමට නියමිතය.

    ජෝන් කෙරී මහතා මින් පෙර 2015 වසරේදීදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවෙන් පසු පසු මෙරට සංචාරය කරන එක්සත් ජනපද කැබිනට් මට්ටමේ ඉහළම තලයක නිලධාරියා මයික් පොම්පියෝ වනු ඇත.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    • Love
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ඉන්දියන් සාගරේ බලේ අල්ලගන්න ගේම් එකක්.ඉන්දියන් නේවි එක කොච්චර ලොකු වුනත් වුන්ට නැගෙනහිර වෙරලයි බටහිර වෙරලයි වෙන වෙනම වගේ තමා සලකන වෙන්නේ යුද්දෙකදී,ලංකාව සුද්දන්ට අල්ලගන්න ඕනි වුනෙත් ඉන්දියාවේ වෙරළ දෙකම එකපාර පාලනය කරන්න ඕනි නිසා.ඇමරිකාවට දියාගො ගාර්සියා තියනව ඉන්දියන් ඕශන් එකට ගහන්න.චීනා ඒකට චැලේන්ජ් කරන්න වගේ හදන්නේ ලංකාව බේස් කරගෙන.ඇමරිකාවට ඕනි නවත්තන්න.මොකක් වුනත් එක බලවතෙක්ට කඩ්‍රෙ ගියාම අනිකා බලන්නේ කකුලෙන් අදින්නනේ
     
    • Like
    Reactions: acryan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බුහ්හහහා දැන් බලමු මේ චීන විරෝධී ඉන්දියන් අැමරිකන් බයියා මූ අැවිත් ණයක් දීල ගියහම ත්‍රෙඩ් දායිද කියලා..💀:lol:

    https://elakiri.com/threads/ජිං-පිං-ගෙන්-ඇමරිකානු-ඩොලර්-මිලියන-500ක-ණයක්.1956533/
    අන්න අධිරාජ්‍යයා එනවා. බුරපාං :lol: :lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    පොම්පියෝ තමයි රටවල් වලට සම්බාධක දාන්න ට්‍රම්ප් ට උපදෙස් දෙන්නේ. උතුරු කොරියාව එක්ක සාකච්චා අඩාල කර එක්කෙනෙක් තමයි මෙයත්. පොම්පියෝ කියන්නේ මස් රාත්තලම ඉල්ලන මිනිහෙක්. බලෙන් ඒ ගොල්ලන්ගේ දේවල් වලට අවනත වෙන්න කියනවා.නැත්නම් සම්බාධක දානවා. ඒක තමයි මෙයාගේ ක්‍රමේ.