එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සං

AspenK

Member
Apr 28, 2013
566
130
0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සං

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සංහිදියාවට බාධාවක්
ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතගෙන් චෝදනා
( තරංග රුක්ෂාන් ) 2014-09-25 18:49:47 Views - 100
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ කි‍්‍රයාකාරකම් ශී‍්‍ර ලංකාවේ සංහිදියාවක් ඇති කර ගැනීමේ ප‍්‍රයත්නයට බාධාවක් බව එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා පවසනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සමුළුව ජිනිවාහිදී අද අමතමින් ඔහු මේ බව කියාසිටියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාචික වාර්තාවක්ද රවිනාථ ආරියසිංහ මහතා ප‍්‍රතික්‍ෂේප කළා.

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදීමට සූදානම් වන පිරිස්වලට හා සිවිල් සංවිධාන නියෝජිතයන්ට බිය ගැන්වීම් හා තර්ජනය කිරීම් සිදුවන බවයි අදාළ වාර්තාවෙන් ප‍්‍රකාශ කෙරුණේ.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ඇතැම් ආගමික කණ්ඩායම්වලට තර්ජන සිදුවන බවද එහිදී ප‍්‍රකාශ වී තිබුණා. එහෙත් එම චෝදනා අසම්පූර්ණ හා ප‍්‍රමාණවත් නොවන දත්ත පදනම්ව ඉදිරිපත් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දුන්නේ.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත අන්තර් ජාතික පරීක්‍ෂණය සිය රට ප‍්‍රතික්‍ෂේප කරන බවයි ඔහු යළි කියා සිටියේ.

දැන් කුමන රටක් හෝ සංවිධානයක් කළ යුතුව ඇත්තේ ශී‍්‍ර ලංකාව ධෛර්්‍යමත් කිරිම මිස බාධා කිරීම නොවන බව රවිනාථ ආරියසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.


http://nethfm.com/article/36887
 
රවිනාථය‍ ගේ කතාව ඇත්ත....නමුත් ලංකාව defend කරන්න අමාරුයි...
1. ඔක්කොටම හේතුව මඟුල් අන්තර්ජාතික පරීක්ෂණය. ඒක වළක්වගන්න තිබ්බා මහින්දයා ගේ (විශේෂයෙන් ගෝඨා ගේ) ගොන් වැඩ නිසා තමයි මරාලය වැටුනේ
2. අලුත්ගම සිද්ධියයි, බොදු බල සේනාවේ වැඩයි එක්ක සුළු තර ආගමිකයින්ට කිසි කරදරයක් නෑ කියලා කියන්න බෑ...මොකද මාධ්‍ය වාර්තා තියෙනවා....
කවුරුත් ඒවා පිළිගන්නේ නෑ...
ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නය ආණ්ඩුව කියන කිසි දෙයක් කවුරුවත් පිළිගන්නේ නැති කම