එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්‍රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය.
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජෙනරාල් මේ කරන්න හදන වැඩෙන් රටටම හානියක් වෙන්නේ.... කාත් එක්ක තියෙන තරහක්ද මේ පිරිමහන්න හදන්නේ..?? අපිත් එක්කද..??
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආණ්ඩුව බොරුවට කෑ ගහන්නේ, මිනිස්සුන්ව රවට්ටන්න. ජී ඇල් නිව් යෝක් ගිහින් කැමතිවෙලයි ආවෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජෙනරාල් මේ කරන්න හදන වැඩෙන් රටටම හානියක් වෙන්නේ.... කාත් එක්ක තියෙන තරහක්ද මේ පිරිමහන්න හදන්නේ..?? අපිත් එක්කද..??

    ආණ්ඩුව කියනවා කිසිම නීති විරෝධී දෙයක් යුද්ධයේ අවසන් දින කිහිපයයේ වුනේ නෑ කියලා.

    මුකුත් වුනේ නැත්නම් මොකටද දඟලන්නේ?

    ඕනෙ එකෙකුට ඇවිලා බලලා යන්න කියන්න පුලුවන්නේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආණ්ඩුව කියනවා කිසිම නීති විරෝධී දෙයක් යුද්ධයේ අවසන් දින කිහිපයයේ වුනේ නෑ කියලා.

    මුකුත් වුනේ නැත්නම් මොකටද දඟලන්නේ?

    ඕනෙ එකෙකුට ඇවිලා බලලා යන්න කියන්න පුලුවන්නේ.

    ඇත්තටම වුනා නම්..?? කොහොම වුනත් කොටි මරපු එකට අපිව වැරදි කාරයෝ කරන් බලාගෙන ඉන්නේ... එහෙම වුනොත් මොකද වෙන්නේ..??
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ආණ්ඩුව කියනවා කිසිම නීති විරෝධී දෙයක් යුද්ධයේ අවසන් දින කිහිපයයේ වුනේ නෑ කියලා.

    මුකුත් වුනේ නැත්නම් මොකටද දඟලන්නේ?

    ඕනෙ එකෙකුට ඇවිලා බලලා යන්න කියන්න පුලුවන්නේ.

    :yes::yes::yes: මොනා හරි හංගන්න දගලනවා විකල්ප එකේ තියන articles බලන්න
    එව්වා බොරු නෙවේ නේ :baffled:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇත්තටම වුනා නම්..?? කොහොම වුනත් කොටි මරපු එකට අපිව වැරදි කාරයෝ කරන් බලාගෙන ඉන්නේ... එහෙම වුනොත් මොකද වෙන්නේ..??

    කෝමද වැරදි කියලා ඔප්පුකරලා දැම්මොත් සම්බාධක
    හි#නවා නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes: මොනා හරි හංගන්න දගලනවා විකල්ප එකේ තියන articles බලන්න
    එව්වා බොරු නෙවේ නේ :baffled:

    සුදු කොඩි නෙමෙයි... මොනවා උස්සන් ආවත් කොටි මරපු එක වැරදිද..??
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ජෙනරාල් මේ කරන්න හදන වැඩෙන් රටටම හානියක් වෙන්නේ.... කාත් එක්ක තියෙන තරහක්ද මේ පිරිමහන්න හදන්නේ..?? අපිත් එක්කද..??

    ow apith ekkada koheda tharaha.....

    mewa nisa thamai GSP+ ekath nathi une.... eken anatha wenne duppath aya...
    nathuwa Gotabaya hari Mahinda hari nemei....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝමද වැරදි කියලා ඔප්පුකරලා දැම්මොත් සම්බාධක
    හි#නවා නේ

    අන්තිමට බලනකොට කෙලවෙන්නේ කාටද...? අපිටම තමයි... ලොක්කෝ බේරෙයි.. මහින්ද බේරයි... ෆොන්සේකා බේරයි.. ඔක්කොම රට පනී... අපි කොහේ පනින්නද..?? සිංහලයා බලු වෙයි... කොටියා රජ වෙයි...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    සුදු කොඩි නෙමෙයි... මොනවා උස්සන් ආවත් කොටි මරපු එක වැරදිද..??

    කොටි මරන්නේ නැතුව හුරතල් කරන්න යැ :oo:
    එතකොට කොළබ බෝම්බ් පුපුරවපුවා මුන්ට පේන්නේ නැ
    එව්ව වලින් මැරෙන්නේ civilians නෙවේද??

    ප්‍රස්නේ තියෙන්නේ ඔය සුදුකොඩි සීන් එක විතරක් නෙවේ නේ civilians :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow apith ekkada koheda tharaha.....

    mewa nisa thamai GSP+ ekath nathi une.... eken anatha wenne duppath aya...
    nathuwa Gotabaya hari Mahinda hari nemei....

    කවුරුත් රට ගැන හිතන්නේ නෑ... ෆොන්සේකා තරහා පිරිමහගන්න හදනවා... ආණ්ඩුව බඩ වඩා ගන්න හදනවා.... මේ අයගේ යුද්දෙට මැදි වෙලා අපි තැලෙනවා....
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත්................