එකොමත් එක රටක.. (කවි පෙළක්)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එකොමත් එක රටක.. (කවි පෙළක්)

    එකොමත් එක............. රටක
    නරියෙක් උන්නා ......කැලෑවක
    සිහරජු අසල ............මුල්ලක
    වලිගය ගසා සිටියා අතර පා දෙක

    කටු කකා ගුණ .....ගයා
    සිහ රජුගෙ ඇද ...හොයා
    සිහ රජුන් හැර .....පියා
    නගරයට ඌ .......ගියා

    නගරය ලගා වන විට රෑ බෝ ...වුනා
    නගරය නුහුරු බව නරියට ..වැටහුනා
    අගමුල නොදැන නරියා කලබල .වුනා
    නගරයෙ කපටි රැළකට ඌ ...අසුවුනා

    මේ පොර හොදයි අපෙ අරමුණ ජය ගන්න
    මුගෙ හැඩ හොදයි ඇමයට මූ ..අමුණන්න
    සායම් බාල්දිය මෙතැනට ගෙන ....එන්න
    තද කොළ පාටකින් මූ හොදටම නාවන්න

    මෙළෙස කියූ කපටින්ගේ .නායකයා
    විගැස නරියා කොළ පාටින් නාවපියා
    කවා පොවා නරියා යළි ....ඇරලපියා
    පාර දිගේ යයි නරියා කැළය ..සොයා

    කැලේ සතුන් "කොළ නරියා" දුටුව .කල
    තුෂ්නිම්භූත වී බැලුමට සදයි ........පෙළ
    අමුතු සතෙක් අපෙ කැළයට ඇවිත් බොල
    රජ කරවන්න එකමුතු වෙමු අපේ ....රැළ

    මෙළෙස අනේ රැවටුන ඒ කැලේ ....සතුන්
    පලවා දමා රජකල සිහ රජු ........එතැනින්
    "වෙනසක්" ගෙනෙනු සදහා නව රජු සමගින්
    රජකරවීය කොල නරියා දුටු ........විගසින්

    කල දුටු කලදි වල ඉහගත් කොල නරියා
    වසා තිබූ හැම දොරටුම ඌ .......ඇරියා
    නායක කපටි රැළ කැළයට ඇත ...පිරියා
    රිංගා කැළය තුළ නරියට දී ..... .දිරියා

    අමුතු සතා රජවී දින ගත...........වූවා
    "වෙනසක්" තියා තිබු දේවත් නැති වූවා
    එක එක සතා කෑ කටු ටික ඌ ....කෑවා
    වරිගේ පුරුද්දට හයියෙන් "හූ" ....කීවා

    කැලේ සතුන් තදටම කළබල..... වූවා
    රජ කරවූවෝ ටිකකට ගොලුවන් ..වූවා
    කැලේ කතුන් "කොළ නරියා" නෑ වූවා
    "කැලෑ නරියා" සැනෙකින් යළි මතුවූවා

    අනේ අපොයි අපි රැවටුන ........තරම
    කියා සතුන් පසු තැවුනා මුලු .....රැයම
    පාඩම හොදයි යළි නොකරන්නට එයම
    කියා යතුන් රජ කරවිය සිහ ......රජුම

    -එකොමත් එක කලෙක සිටි නරියාට උපහාහයෙන් මිස අපහාසයකට නොවේ. (සියලු ‍චරිත මන:කල්පිතයි)


     
    Last edited:
    • Like
    Reactions: රඹා

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් පට්ට දුකින් ඉන්නේ.. හැබැයි සිංහ වස් ගත්ත නරි ආයිත් රජකමට ගෙන්න හදන එකත් නරි වැඩක් තමයි