එක ගෑනු කෙනෙක් මහණ වෙන්න කියල ගෙදරින් ගිහින්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    එක ගෑනු කෙනෙක් මහණ වෙන්න කියල ගෙදරින් ගිහින් .අවුරුදු දෙකක් මෙහෙණින් වහන්සේ නමක් වෙලා ඉඳලා..
    පස්සෙ එයාට මහණකම සහ ආරාමය එපා වෙලා ආපහු ගෙදර ඇවිත්.
    දැන් දුව කියනවා අම්මව ගෙදරට ගන්න බෑ කියලා..
    සුදු ඇඳගන මෙහෙණින් වහන්සේ වගෙ ඉඳලා සිවුරු ඇරලා ආවා වාගේ ආවම පිළිගන්න බෑලු..මිනිස්සු මොනව නොකියයිද..පාරෙ බැහැලා යන්නෙ කොහොමද වගේ ප්‍රශ්ණ ගොඩාක් ඒ දුවට..
    මේක ඇහුවම මට පරණ සිද්ධියක් මතක් වුණා.
    මේක වෙලා අවුරුදු දහයක් විතර ඇති.නැත්තං ඊට වැඩි...
    දඹුල්ල කිට්ටුව නගරෙකදි කොල්ලෙක් බස් එකකට යට වෙලා තිබුණා..
    කොල්ලා පාර පනිද්දි මෙහා පැත්තෙන් ආව බස් එකේ වැදුනා කියලා තමයි දැකපු අය කියලා තිබුණෙ.
    කොල්ලගෙ කොණ්ඩෙ සහ ශරීරයෙ හැටියට ආමි එකේ කියලා හිතපු මිනිස්සු වහාම කොල්ලව හොස්පිට්ල් අරන් ගියත් බේරගන්න ලැබිලා නෑ.
    වව්නියා හෝ යාපනේ බස් වල වේගය අමුතුවෙන් කියන්න ඕන නෑ, සහ වරද තරුණයාගේ..
    කොහොම හරි රෝහල් පොලිසීය මළ මිනිය පරීක්ෂා කළාම ලැබෙන්නෙ හාමුදුරු කෙනෙක්ගෙ හැඳුනුම්පතක්...
    ඔව් ..ඒ හාමුදුරුවො තමයි...
    වයස තිස් දෙකයි 25 වසරක් මහනකම දරා
    සිවුරු ඇරලා යනගමන් පාර පනිද්දි හැප්පිලා මැරුණා.
    පන්සලේ ලොකු හාමුදුරුවන්ට මිනිය බාරගන්න දායකයින්ගෙන් තහංචි වැටුණා.(ඒක හරි හෝ වැරදි කීම නෙවෙයි මේ ලිවිල්ලේ අදහස)
    නමුත් ලොකු හාමුදුරුවෝ කඳුලක් හෙලලා රෝහලෙන් පිටවුන බව නම් ආරංචි වුණා.
    දැන් මිනිය බාරගන්න කිසි කෙනෙක් නෑ.
    රෝහලෙන් වළලන්න තීන්දු වෙලා.
    ඒත් එතනදි වත් පාංශකූලේ දෙන්න හාමුදුරුවො කෙනෙක් එන්නෙ නෑ..
    මැරුණ කෙනා මහණවෙලා හිටියෙ උපන් ගමේ පන්සලේමයි.
    ගම්මු එදා ඉඳන් දානෙ දීපු බත් ඇටයක් ගානේ දෙස් දෙවොල් දොස් තිය තියා හිටියා.
    ඔන්න ඔය වෙලාවෙ රෝහලට ගිය වයයක ගෑනියෙක් මේ මිනිය ඉල්ලනවා.
    ඒ තමයි අම්මා.හාමුදුරුවන්ගෙත් ගිහි කාලෙ කොල්ලගෙත් අම්මා..ඒ එකම අම්ම..
    ඇයගේ අනිත් දරුවන්ගෙත් විරුද්ධතාවය මත ඇය මිනිය ගෙදර ගේනව..
    ඔව් ඔව් කලිසම් කමිස අන්ඳලා..
    ඇය හන්දියට ගිහින් කොල්ලන්ට කියනවා "මයෙ පුතා වළලාගන්ඩ උදවු කරන්ඩ" කියලා..
    මෙන්න මෙතනදි අර හන්දියෙ හිටි කොල්ලො ,ඒ කියන්නෙ ගමේ හිටිය රස්තියාදුකාරයො ටික උන්දැට උදව් කරනවා.
    (ඒ තමා හැම ගමකම ඉන්න කිතුලා,ජගා ,පතෝලයා කූරා,චූටි අයියා,ලොක්කයියගෙ නියෝජනය.ඒක වෙනම කතාවක්.)
    මේක ලොකු ලොකු ඈයො එක එක සංස්කෘතික සදාචාර නීති රීති ගරු නම්බු රකින්න ඕන නිසා,සමහර වෙලාවට කැත කුනු ජරාව ගෑවෙන නිසා,වග කියන්න වෙන නිසා මඟාරින තැනක්.
    එක එක හේතු හදන් මහත්තුරු සහ උපාසක මහත්තුරු මනුස්සකම හංගන හුඟාක් වෙලාවට,, එලියට ඇවිත් මනුස්සකම වෙනුවෙන් හිටගත්තෙ ඔය රස්තියාදුකාරයො කියලා කාඩ් ගැහිච්ච එවුන් ..
    කොහෙත් කවදත් මහත්තුරුන්ට වඩා මනුස්සකම තිබ්බෙ රස්තියාදුකාරයො ගාව.මට අනුව නම් ඒක සදාකාලිකම ඇත්තක්...
    කොල්ලො වල කැපුවා.සාමකාමීවම නෙවෙයි.කනත්ත දෙන්න බෑ කියපු එවුන්ව කනත්තෙම කපනව කියලා වලි දාගන.
    පාංශුකූල නෑ..සහෝදරයොත් නෑ.. ගෑනියෙක් දෙන්නෙක් හොරාට ඇවිත් ගියා ,එකත් මිනියට අන්ඳලා තිබ්බෙ මොනවද බලන්න.
    අම්මා තනියෙන් මිනිය ඉස්සරහා තියාගන බුදු පහන ගාවට ගියා.
    "මං ගෙදර බුදුන් නම් මට පව් නෑ බුදුහාමුදුරුවනේ "
    අම්මා තනියෙන් පැන් වැඩුවා
    "ඉච්චිතං පච්චිතං තුය්හං.."
    කොල්ලො මිනිය අරන් ගිහින් වැළලුවා.
    අර අම්මා පස්සෙ දවසක තමන්ට අයිති කුඹුර පන්සලට ලියනවා..
    ඒ ඔප්පුව ලොකු හාමුදුරුවන්‍ට දීලා මෙහෙම කියනව.
    "හාමුදුරුවනේ ඒ මගෙ එකා..අංගුලිමාල වුනත් මගෙම බඩින් වදාපු මගේ එකා මට අතාරින්ඩ බෑ..
    .ඒ වුනාට මගෙ හිත වාවන්නෑ හාමුදුරුවනේ .
    මේ කුඹුර පූජා කරන්නෙ දරුවට පිං සිද්ධ වෙන්ඩ නෙවේ..දරුවාට ගම්මු දුන්න දානෙ ඇටයක් ඇටයක් ගානෙ පව් ගෙවෙන්ඩ.."
    අම්මලා එහෙමයි.මොන අපරාදෙ කළා වුනත් මළාට පස්සෙවත් අතාරින්නෑ..
    අපරාධකාරයෙක් සාන්තුවරයෙක් කියල වෙනසකුත් නෑ.මොන තත්වෙන් වුනත් ගෙදර ආවම බාර ගන්නවා.
    අංගුලිමාල ට හැමොම විරුද්ධ වෙනකොට අම්මා සහයට යනවා ලෝකෙට අංගුලිමාල මිනිමරුවෙක් උනාට අම්මාට රත්තරං පුතෙක්
    ඒත් දරුවො දෙමව්පියො අතින් වරදක් හෝ අපරාධයක් වුනොත් ආපහු බාරගන්න එක ගැන සෑහෙන්න හිතනවා.
    වැරදි සිදුවීම මනුස්ස ගතියක් නම් අපේ අම්මලා තාත්තලාත් මිනිස්සු නම් ඉතිං සාමාන්‍යයිනෙ.
    දරුවන්ට වගේම දෙමාපියන්ටත් වරදිනවා..
    ඇත්තටම අපිට බැඳීම් ඕන හැමදේම හරියට තියෙද්දි සුබ පතන්න නෙවෙයි වැරදුනාම සහය දෙන්න..
    දිනුවාම සමරන්න නෙවෙයි පැරදුනාම බාරගන්න .....
    සුජාතා මැණිකේ ඉහළගෙදර
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    ඔය කෙල්ල ලියන ඒව නම් පට්ට.කතා එහෙම ලියනවා ලොවෙත් නෑ.
    ade meka aththa kathawak nemeida ban?

    monada yako, hama magultama redde political adala gnta epa :angry: :angry: :angry: appiriyai :sick:
    sirawata
    monada yako, hama magultama redde political adala gnta epa :angry::angry::angry: appiriyai :sick: (2)
    ------ Post added on Feb 26, 2022 at 11:30 PM
     
    • Like
    Reactions: Avatar998

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    monada yako, hama magultama redde political adala gnta epa :angry: :angry: :angry: appiriyai :sick:

    methane monada politics??

    apiriyanam ignore karala yanna sahodaraya,
    oya comment karapu nisa, dan balanna nikarune matath comment karanna una.

    ade meka aththa kathawak nemeida ban?


    sirawata
    monada yako, hama magultama redde political adala gnta epa :angry::angry::angry: appiriyai :sick: (2)
    ------ Post added on Feb 26, 2022 at 11:30 PM

    sirawata dan balanna thread eka kanne oyala thamai, ignore karala gihin thibunoth wede iwarai
    ------ Post added on Feb 26, 2022 at 11:33 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    methane monada politics??

    apiriyanam ignore karala yanna sahodaraya,
    oya comment karapu nisa, dan balanna nikarune matath comment karanna una.



    sirawata dan balanna thread eka kanne oyala thamai, ignore karala gihin thibunoth wede iwarai
    ------ Post added on Feb 26, 2022 at 11:33 PM
    ane palyan ynta :angry: reddak comment krla den baila ghnwa :growl:
     
    • Like
    • Haha
    Reactions: SK29 and SLK_sri

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ade meka aththa kathawak nemeida ban?


    sirawata
    monada yako, hama magultama redde political adala gnta epa :angry::angry::angry: appiriyai :sick: (2)
    ------ Post added on Feb 26, 2022 at 11:30 PM
    ඒක නම් දන්නෙ නෑ.හැබැයි ඔය කෙල්ල ඔහොම දේවල් නිතර ලියනවා.
     
    • Like
    Reactions: SK29

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    Sad Doctor Who GIF