ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළබෙන ජූලි මාසයේ සමීක්ෂණයක් හරහා සිය ජනප්‍රියත්වය මැණ බලන බවත් එහිදීත් ඔහුට හිමි වනුයේ තුන්වන තැන නම් ජනපතිවරණය සදහා ඉදිරිපත් නොවනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.
ආණ්ඩුව වහාම ණය ගෙවීම ඇරඹිය යුතුයි
අපට දැන් ඩොලර් බිලියන 5.1ක් සංචිත තිබෙනවා කියලා ආණ්ඩුව ආඩම්බරයෙන් කියන විට ඩොලර් බිලියන 6.4ක් නොගෙවූ කල් පැනපු ණය තිබෙනවා. මේ වන විට අපි ණය ගෙවීම නවත්වලා මාස 26ක් වෙනවා. සෑම මාසයකම වගේ කල් ඉකුත් වුණු ණය කීයකින් හරි ඉහළ යනවා. ආණ්ඩුව තවමත් ණය ප්රතිව්යුහකරණය පිළිබඳ බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට එළැඹෙන්න අසමත් වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මේ ගැන කනස්සල්ල පල කරලා තිබෙනවා. මේක කල් මරන්න කල් මරන්න පාඩුව ලංකාවටයි. එක පැත්තකින් කල් ඉකුත් වූ බැඳුම්කර හිමියන් ගණන ඉහළ යනවා. අපට සාකච්ඡා කරන්න ඉන්න බැඳුම්කර හිමියන් ගණන වැඩි වෙන්න වැඩි වෙන්න එකඟතාවයක් හදා ගන්න එක දුෂ්කර වෙනවා. අනිත් පැත්තට අපේ රටේ සංචාරක ඉපැයීම්, විදේශීය ශ්‍රමික සංක්‍රමණ වැඩි වෙන්න වැඩි වෙන්න පොලී කපා හැරීමට ණයහිමියන් එකඟ කර ගන්නා එක අතිශයින්ම දුෂ්කර වෙනවා. අතේ සල්ලි තියා ගෙන ණය ගෙවන්න බෑ කියලා කවුරු හරි කිව්වොත් ඕනෑම ණයහිමියෙකුට කේන්ති යනවා.
ආණ්ඩුව දැන් කළ යුත්තේ කල් ඉකුත් වූ ණය තව දුරටත් වැඩි වීම වලක්වා ගන්න මේ මාසයේ ඉඳන්ම ණය ආපසු ගෙවීම ඇරඹීමයි. ලබන සතියේ ඩොලර් මිලියන 500ක බැඳුම්කර ගෙවිය යුතු දිනය එනවා. ඔය තිබෙන ඩොලර් බිලියන සංචිතයෙන් ඒක ගෙවලා දැම්මාම කල් ඉකුත් වූ බැඳුම්කර හිමියන් තව දුරටත් ඉහළ යෑම නවතිනවා. ආණ්ඩුව සිතා මතා ඉදිරියට කල් පිරෙන ණයවත් ආපසු ගෙවීම ආරම්භ කරන්නේ නැත්තේ ඇස් බැන්දුමක් විධියට දැවැන්ත සංචිතයක් පෙන්වලා ඡන්ද කටේ ජනතාව රවටන්න කියලායි අපට හිතෙන්නේ.
රනිල්ගේ උපාය මෙන්න
රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් නොවෙනවා නම් දේශපාලන කාර්යාලයක් විවෘත කරයි ද? රැස්වීම් පවත්වමින් රට වටේ යාවි ද? රටට දරා ගන්න බැරි සහන දෙන්න ඉදිරිපත් වේවි ද? කියලා සමහරු අපෙන් අහනවා. ඒ නිසාම රනිල් මැතිතුමාගේ උපාය පැහැදිලි කිරීම අපේ වගකීමක් වෙනවා.
එතුමා දැන් ඉන්නේ අපේක්ෂකයින් අතර තුන්වන තැන. එතැනින් ඉදිරියට යන්න කළ හැකි හැම දෙයක්ම කරනවා. ඉඩම් බෙදනවා. ගෙවල් බෙදනවා. වැටුප් වැඩි කරනවා. සහන ලබා දෙනවා. විපක්ෂයේ මන්ත්‍රිවරු දිනා ගන්න උත්සහ කරනවා. රාජපක්ෂවරු ආණ්ඩුවෙන් යවා ගැනීමට උත්සාහ කරනවා. රනිල් පිල දකින ආකාරයට පොහොට්ටුව හැර ගිය මන්ත්‍රිවරුන්, සජබ මන්ත්‍රිවරුන්, දෙමළ ඡන්ද සහ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමට තිබෙන ලොකුම බාධාව තමයි රාජපක්ෂවරුන් සමග සිටීම. ඒ නිසා රාජපක්ෂවරුන් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමත් රනිල් පිලේ ප්‍රධානම උපායක්. හැබැයි රාජපක්ෂවරුත් මේ වෙලාවේ ආණ්ඩුව අත් හැරියොත් තමන්ව විනාශ වන බව දන්නා නිසා රාජපක්ෂවරු හලා ගැනීම ලෙහෙසි වෙන්නේ නෑ.
මේ සේරම කරලා ජූලි මාසයේ සමීක්ෂණයක් කරලා බලනවා දැන් කොතැනද ඉන්නේ කියලා. එතකොටත් ඉන්නේ තුන්වන තැන නම් ඡන්දය ඉල්ලන්නේ නෑ. ලෝක ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය ගත් ජනාධිපති වෙලා හරි ලංකාවේ තුන්වන තැනට තල්ලු වුණු ජනාධිපති වෙලා හරි නරක වාර්තාවක් තියලා දේශපාලනයෙන් සමු ගන්න එතුමා කැමැති වෙන්නේ නෑ.
කෙතරම් උත්සාහ කළත් එතුමාට තුන්වන තැනින් ඉදිරියට එන්න බැරි නිසා තමයි අපි එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා කියන්නේ. හැබැයි එවැනි අවස්ථාවක් නැතිවාම නොවේ. පසුගිය ජනාධිපතිවරණයේ දී වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා යළිත් වතාවක් කට වරද්ද ගන්න පටන් අරන් තිබෙනවා. එතුමා වාචාය සංවරො සාධු කියන බුදු බණ සිහිපත් කර ගත්තේ නැතිනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තුන්වන තැනින් උඩට ඇවිත් දැනට පළමු තැන ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාව තුන්වන තැනට තල්ලු කරන්න අවස්ථාවක් තිබෙනවා.