🔴 විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළ සියලු දෙනා අපරාධකරුවන් - පෙසප

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවය පළ කළ සියලු දෙනා අපරාධ කරුවන් ලෙස සැලකිය හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

    එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේ ඔවුන් සියලු දෙනා අධිකරණය හමුවට දිරිපත් කළ යුතු බවයි.

    කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

    මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයත් ජනාධිපති මාධ්‍යය අංශයත් නිවේදනයක් මගින් කියලා තිබුණා ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව විප්ලවීය ඉදිරි පියවරක් ගත්ත කියල. දැන් මේක මැතිවරණය සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේගොල්ලො මේ ගන්න යන්නේ දෙදහස් තිස්අට දක්වා මේ රටේ ජනතාවගේ ජීවිතය ගැන බරපතළ තීන්දුවක්.

    මුදල් අමාත්‍යාංශය 2024 – 6 – 30 දක්වා නිකුත් කළ වාර්තාව අනුව ජුලි මාසය වෙද්දි ලංකාවේ බහු පාර්ශවීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන දොළොස් දහස් එකසිය අනූතුනයි. ද්වීපාර්ශවීය ණය ඩොලර් මිලියන දහදාස් හයසිය විසිපහයි. වාණිජ ණය ඩොලර් මිලියන දාහතරදහස් හත්සිය හතළිස්තුනයි. මේ වාණිජ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන දොළහයි දශම පහක් තියෙන්නෙ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය. මේ දත්තවල තියෙන්නෙ මේ වෙද්දි ගෙවන්න නියමිත පොලිය හැර ණය ප්‍රමාණය විතරයි. අපි දන්නවා දේශීය ණය සහෙ ණය පොලියත් එකතු වුණාම ලංකාව රටක් විදිහට ඩොලර් බිලියන සීයයි දශම හයක පමණ ණය බරක් සහිත රටක්.

    දැන් මේ අවුරුද්දේ ජුලි 3 AGBH කමිටුව එක්ක ලංකාවේ ආණ්ඩුව එකඟතාවයකට ආවා. දෙදහස් විසිපහ – දෙදහස් විසි හත වසර තුනක කාලය ඇතුළෙ අපේ රටේ දළ දේශීය නිශ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන අනු හයක් වෙනවනම් 8.2%ක පොළියක් ගෙවන්නං කියලා තමයි මේගොල්ලො එකඟ වෙලා තියෙන්නේ. දැන් එතකොට අපි 5%, 6%, 7% වගේ පොලී අගයට ගත්ත ණයවලට තමයි මේ 8.2%ක පොළියක් ගෙවන්න සූදානම් වෙන්නෙ. අපි ගත්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණයවලින් ඩොලර් බිලියන දහසයයි දශම හතරක් දෙදහස් තිහ වෙද්දි ගෙවන්න නියමිත වෙලා තිබුණා. හැබැයි දැන් දෙදහස් තිස්අට වෙද්දි ඩොලර් බිලියන දහනමයයි දශම එකක් අපිට ගෙවන්න වෙනවා. එතකොට ඩොලර් බිලියන දෙකයි දශම හතක් වැඩිපුර ගෙවන්න තමයි එකඟ වුණේ.

    මෙතන තියෙන්නෙ පුදුම විහිළුවක්. අපි සාමාන්‍යයෙන් ගමේ කඩේ මුදලාලි එක්ක කතාකරන්නෙත් අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න ක්‍රමයක්. හැබැයි මේගොල්ලො වැඩිපුර ප්‍රමාණයක් ගෙවන්න එකඟ වෙලා. මේ සාකච්ඡාවට ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් මැදිහත් වුන ක්ලිෆඩ් සහ ලසාඩ් කියන සමාගම් දෙකට සේවා ගාස්තු විදිහට ඩොලර් මිලියන එකොළහයි දශම පහක සේවා ගාස්තුවක් ගෙවලා. මේ ගිවිසුමට එකඟ වෙච්ච සියලු දෙනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධකරුවන් විදිහට අධිකරණයට ගෙනියන්න ඕන.

    ආණ්ඩුව ඊයෙ ගිවිසුමකට ආවා කියලා නිකුත් කරපු ගිවිසුම බැලුවට පස්සෙ පේනවා ජුලි තුන ගිවිසුමයි මේකයි අතරෙ කිසිම වෙනසක් නෑ. ඊයෙ රෑ ප්‍රවෘත්තිවලට කිව්වෙ ලංකාවේ ණය ප්‍රමාණයෙන් 40.3% ක් ප්‍රතිව්‍යුහගතකරණය වෙලා ඩොලර් බිලියන තුනකට වැඩි ඉතිරියක් වුණා කියලා. මේක සම්පූර්ණ අසත්‍ය තොරතුරක්. මෙතන ඇත්තටම වෙලා තියන දේ තමයි ලංකාවේ විදෙස් ණය ප්‍රමාණයෙන් 40%ක් සඳහා අලුතෙන් ප්ලෑන් එකක් ඉදිරිපත් කරල තියනවා. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ඩොලර් බිලියන 9.5ක්, චීන සංවර්ධනය බැංකුවේ ණය ඩොලර් බිලියන දෙකයි දශම පහක්, චීන එක්සිම් බැංකුවේ ණය දෙකයි දශම හතරක්, OCC කමිටුවේ ණය දෙකයි දශම නමයක් විදිහට ඩොලර් බිලියන දාහතයි දශම තුනක මුදලක් සඳහා තමයි මේ එකඟතාවයට ඇවිල්ලා තියෙන්නෙ. හැබැයි මේ ගිවිසුමෙන් රටේ ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නෙ නෑ. දොළොස් වෙනිදා ඉදලා දහඅට වෙනකල් බරපතළ විදිහට මේකට සාකච්ඡා කරාලු. හැබැයි සාකච්ඡා කරල තියෙන්නෙ අර කලින් විනාශකාරී සාකච්ඡාවට මැදිහත් වෙච්ච ලසාඩ් වගේ සමාගම්. කලින් එකඟතාවයේ ද 8.2% පොලියක් ගෙවන්න අපිට නියම වෙලා තිබුණා. අලුත් ගිවිසුමෙන් ඒ ප්‍රමාණය 7.5 දක්වා යම් අඩු කිරීමක් වෙලා තියනවා. හැබැයි මේ අඩුකිරීම අදාළ වෙන්නේ 2032 දක්වා විතරයි. එතනින් එහාට අපි 8%, 9% දක්වා ගිණි පොලී ගෙවන්න ඕන.

    දැන් මේගොල්ලො දල දේශීය නිශ්පාදනය සම්බන්ධ එකඟතාවය යම් වෙනසක් කරගෙන. මුලින් තිබුණ එකඟතාවය තිබුණෙ ද.දෙ.නි ඩොලර් බිලියන අනු තුනත් සීයත් අතර. දැන් ඒ මට්ටම ඩොලර් බිලියන අනු පහතරේ සිට එකසිය හත දක්වා වෙනස් කරලා. හැබැයි අපි දන්නවා මුදලේ මුහුර්ත අගය වැඩි නොවී දල දේශීය නිශ්පාදිතයේ මූල්‍ය අගය විතරක් වැඩි වුනාට වැඩක් නෑ. මොකද දැන් ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ ජීවනෝපායන් අහිමි වෙච්ච සමාජයක. මේගොල්ලන්ට ඕන නම් පුළුවන් ඉලක්කම් විජ්ජාවක් දාලා මේ ප්‍රමාණය පෙන්න. එහෙම වුනොත් අපිට ගිනි පොලියක් ගෙවන්න වෙනවා. මෙතන තියන අනිත් භයානක ම කාරණය තමයි මේ එකඟ වෙච්ච අගයට වඩා වාර්ෂික නිෂ්පාදනයක් අපි කළොත් අපිට අධික පොලියක් එක්ක ණය ගෙවන්න වෙනවා. එතකොට මේ අපිව හිර කරන්න යන්නෙ උගුලක. අපේ නිෂ්පාදනය පවා වැඩිකරගන්න බැරි තත්වයට තමයි ගේන්න උත්සහ කරන්නෙ.

    මේ ගිවිසුමේ අන්තිම පිටුවෙ තියෙන්නෙ ලෝකල් ඔප්ෂන් කියලා වගුවක්. ජාත්‍යන්තර කියන නම ඇලෙව්වට සමහර බැඳුම්කර නිකුත් කරල තියෙන්නෙ ඇත්තට ම ලංකාවේ මූල්‍ය සමාගම්. දැන් මේ ගිවිසුමේ තියෙන්නෙ ඒ ලංකාවේ මූල්‍ය සමාගම් කැමති නම් ඒගොල්ලො එක්ක රුපියල්වලින් ණය ගෙවන්න පුළුවන් කියලා. හැබැයි ප්‍රශ්නෙ තමයි ජාත්‍යන්තර වශයෙන් අපිට ණය කප්පාදුවක් ලැබුනොත් ඒක දේශීය ජාවාරම්කාර බූවල්ලන්ට අදාළ වෙන්නෙ නෑ. ගිනි පොලියත් එක්ක අපි සම්පූර්ණ ණය ප්‍රමාණය ගෙවන්න ඕන. දැන් එතකොට මේ හොර පාරෙන් කරල තියෙන්නෙ ගජ මිතුරන් සැනසීම ම යි. ගිය වතාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියල කලෙත් මේක. ඊපිඑෆ්, ඊටිඑෆ් වගේ අරමුදල්වලින් ගත්ත ණයවලට ගෙවන පොළිය 9%ට අඩු කරලා ධන කුවේරයන්ට 28%, 33% වගේ ලොකු පොලියක් ගෙවන්න එකඟ වුණා. අනිත් කාරණය තමයි අපි මෙතෙක් ණය ගිවිසුම් සඳහා එළඹුමේ ඇමරිකා එක්සත් ජනපද නීතියට අනුකූලව. දැන් කියනවා ණය හිමියන්ගෙන් 20%ක් එකඟ වෙනවනං ඒ නීතිය බ්‍රිතාන්‍ය නීතියට මාරු කරගන්න පුළුවන් කියලා. මෙතන තියන භයානක කාරණය තමයි අසාධාරණ ණය, විලෝපික ණය, අවධානම් ණය නොගෙවා සිටීමේ නෛතික ප්‍රතිපාදන තියෙන්නෙ ඇමරිකානු නීතියේ. බ්‍රිතාන්‍යය නීතියේ ඒ පහසුකම නෑ. දැන් එතකොට අපිට ණය කප්පාදුවකට යන්න තියන අවස්ථාව පවා අහිමි කරගන්න තමයි මේ යන්නෙ.

    දැන් මේගොල්ලො කරන්නෙ අර රොබට් නොක්ස් ලියපු ‘එදා හෙළදිව’ පොතේ තිබුණ කතාවෙ ම අලුත් එක. ණය වෙච්ච පුද්ගලයගෙ කරේ ගල් පටවන ක්‍රමය වෙනුවට අපිව ඇතුන් ලවා පාගවන නීතියකට තමයි මේ තක්කඩි රැළ එකඟ වෙලා තියෙන්නෙ. අනිත් කාරණය තමයි අයි එම් එෆ් එක පවා මේකට අවසන් එකඟතාවයක් තාම දීලත් නෑ. එහෙම තියෙද්දි ඇයි රනිල් මේක අවසන් එකඟතාවය කියන්නෙ? මෙතන තියෙන්නෙ බරපතළ උගුලක්. ඡන්දයට දවසක් තියලා IMF ඇතුළු සමාගම් ලංකාවේ ආණ්ඩුව ලොකු සෙල්ලමක් නටන්න මේ ලෑස්ති වෙන්නෙ. එකක් තමයි රටේ මිනිස්සු මුළා කරන උපායක් මෙතන තියනවා.

    දෙවෙනි එක තමයි ඉදිරියේදී පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ජනතාවට කියන්න පුළුවන් කලින් හිටපු ජනාධිපති මේක අත්සන් කරල ගිහිං තියෙන්නෙ ඒක නිසා අපිට දැන් ඒක වෙනස් කරන්න බෑ කියලා. ඒකට ඕන වටපිටාව තමයි මේ හදාගන්න යන්නෙ. අපිට ජනතාවට කියන්න තියෙන්නෙ මේ ඔබේ අනාගතය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්. මේ එකඟ වෙන සියලු අසාධාරණ ණය ගෙවීම් අන්තිම දශමෙට වෙනකල් ගෙවන්න වෙන්නෙ ඔබට. ඒක නිසා මේ ලොකු ආර්ථික කතා අනේ අපිට තේරෙන්නෑ කියලා බලාගෙන ඉන්න එපා. වහාම මේ ගිවිසුම් පරාජය කරන්න මැදිහත් වෙමු.’’
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යන යකා කොරහත් බිඳගෙන යනව කියන්නෙ ඕකට තමයි..
    මේ නිව්ස් එක ඡන්දෙ අස්සෙ ගොඩක් හයිලයිට් උනේ නෑ.. බලමු NPP එක මේකට මුහුණ දෙන්නෙ කොහොමද කියල ..
    ඔන්න බලපං කැරි රනිල්ගේ රට හැදීමේ උවමනාව
     
    • Sad
    Reactions: sylvaticus

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඔවුන් සේරම බෝට්ටුවකින් උතුරු කොරියාවට යැව්වනම් හරි
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    NPP එක මේකට මුහුණ දෙන්නෙ කොහොමද

    අළුත් DSA එකකට යන කතාවක් තමයි කියන්නෙ. වැඩි විස්තරයක් නැහැ.

    The National People’s Power (NPP) intended to secure a better deal with the International Monetary Fund (IMF) regarding the debt sustainability analyses (DSAs). However, if the renegotiation process dragged on or proved costly, the party would adhere to the existing DSA, NPP presidential candidate Anura Kumara Dissanayake said on Monday (16) during an Ada Derana political programme.

    24/09/18 - The Island
    ------ Post added on Sep 20, 2024 at 11:23 PM

    🆙
    ------ Post added on Sep 21, 2024 at 11:29 AM