එක ‍මොහොතක් හැකිද ඔබට...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    එක ‍මොහොතක් හැකිද ඔබට

    මගෙ නෙතු වෙන්න...

    සාගරයක් වගේ ගලන

    කඳුළු දකින්න...



    එක මොහොතක් හැකිද ඔබට

    මගෙ ලය වෙන්න...

    නිමක් නැතිව හෙලන සුසුම්

    හඬ කන් දෙන්න...



    එක මොහොතක් හැකිද ඔබට

    මගෙ හිත වෙන්න...

    දිවිය පුරා දරාන උන්

    දුක විඳගන්න...



    එක මොහොතක් හැකිද ඔබට

    මම වී ඉන්න...

    ජීවිතයම රිදවූ

    පාළුව උහුලන්න...



    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    පද රචනය : අයිරාංගනී මද්දුම බන්ඩාර

    සංගීතය : කරුණාරත්න විජේවර්ධන