එජනිසයට ඉතිරි වන්නේ ත්‍රී වීල් පක්ෂ දෙක තŢ
මහින්ද රාජපක්ෂ වැනි නීල කාස හොරෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා බාර දීමට එම සන්ධානය තීරණය කිරීමත් සමග එම සන්ධානයේ ප්‍රබල හවුල් කරුවෙක් වූ ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව අද ප්‍රකාශ කෙළේය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක චම්පික රණවක මහතා මේ බව නිවේදනය කළේය. ජනවාරි 8 වෙනිදා ජනතා බලවේගය ප්‍රධාන පක්ෂ දෙකම තේරුම් ගත්තේ නැතැයි පැවසූ රණවක මහතා තමන් ඒ සඳහා නව පෙරමුණක් අවශ්‍ය බව තේරුම් ගනිමින් සාමූහික වෘත්තීය නායකත්වයක් අලුත් අරුතකින් හදන බව පැවසීය. දූෂිත නූගත් දේශපාලකයන්ට තවත් අවුරුදු 5 ක් කොල්ලා කන්න ඉඩ දෙන්න එපා යැයි ද ඔහු කීය.
ඔවුන් ඉදිරිපත් වන නව පෙරමුණේ නම ‘එක්සත් ජාතික යහපාලන පෙරමුණ‘ නම් වන අතර ‘දියමන්තිය‘ එහි පක්ෂ ලකුණ වේ.
මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න කිහිපයක් මෙසේය.
ප්‍රශ්නය - හිටපු ජනපතිට නාමයෝජනා ලබා දීම ගැන ඔබේ අදහස?
පිළිතුර - ජනතාව ඊට පිළිතුරක් දෙයි. නාමයෝජනා දීම ඒ පක්ෂයේ කාර්යයක්. අපට එය වැදගත් නැහැ. මේ රටේ යහපාලනය ගොඩනගන්න පුළුවන් පෙරමුණක් අපි ගොඩනගනවා.
ප්‍රශ්නය - ජනපති සිරිසේන බලයට ගේන්න ඔබේ පක්ෂයත් වෙහෙසුනා. දැන් ජනපති ඔබේ තීරණයට සහාය දක්වයිද?
පිළිතුර - ජනාධිපතිගේ ආශිර්වාදය අපට ලැබෙයි. ඔහුගේ අරගලය ඉදිරියට ගෙනියන්න තමයි අපි මේ පෙරමුණ හදන්නේ. එතුමා මධ්‍යස්ථ පුද්ගලයෙක්.
ප්‍රශ්නය - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාත් ඔබේ පෙරමුණේ ඉන්නවාද?
පිළිතුර - අනිවාර්යයෙන්ම ඔහුත් සිටිය යුතුයි. එපි හැම ප්‍රගතිශීලි බලවේගයකටම ආරාධනා කරනවා අප සමඟ එකතු වන ලෙස.
ප්‍රශ්නය - පෙරමුණේ නායකයා ඔබද?
පිළිතුර - හැමෝම නායකයන් තමයි
ප්‍රශ්නය - අගමැති අපේක්ෂකයා කවුද?
පිළිතුර - තවම ඒ ගැන තීරණයක් නෑ.
ප්‍රශ්නය - ශ්‍රීලනිපයේ සහාය ලැබෙනවාද?
පිළිතුර - සෑම පක්ෂයකම ප්‍රගතිශීලී බලවේග අප සමඟ එක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.
ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට බලපෑ කාරණා අතර මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දීම පමණක් නොව වත්මන් පාර්ලිමේන්තුවේ සිටි සියළු දෙනාටම නාම යෝජනා ලබා දීමට තීරණය කිරීමත් බලපා තිබේ. මන්ද යත් වත්මන් සියළු දෙනාටම නාම යෝජනා දෙනවා නම් වර්තමානයේ බරපතල දූෂිතයන් වන කුඩු කාරයන්, එතනෝල් කාරයන්, මහජන මුදල් කෝටි ගණනින් හොරකම් කළ වුන්, ඝාතන වලට සම්බන්ධ වුන් ආදී සියළු දෙනාටම නාම යෝජනා ලබා දෙනු ඇත.
ජාතික හෙළ උරුමයේ මෙම පියවර හෙට දවසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කරුවා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ වලටද බලපෑ හැකි බව දේශපාලන විචාරකයෝ කියති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ ආකාරයටම එජනිසයෙන් ඉවත් වුවහොත් එජනිසයට ඉතිරි වන්නේ ත්‍රී වීල් පක්ෂ දෙක තුනක් පමණි.

fake stories 