එජාපයට ෆොන්සේකා තහනම්!
බාහිර හා අභ්‍යන්තර වියවුල් මැද අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන විපක්ෂය මෙරට මහ මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම පරාජයට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට වාර්තා වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කල්ලි දෙකක් ක්‍රියාත්මක වන අතර ඔවුනොවුන් ගේ එදිරිවාදිකම් නිසා එජාපයේ මැතිවරණ ප්‍රචාරක හා සංවිධාන කටයුතු මුළුමණින් ම පාහේ අඩාල වී පවතී. විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට එජාප ඡන්ද එකක්වත් ලබා නොදිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රබල පාර්ශ්ව දැඩි මතයක සිටිති. මංගල සමරවීර මහතා එජාපයට එක්වීමත් සමඟම ඔහුගේ ‘ම’ පාර්ශ්වය මුළුමණින් ම සී - සීකඩව ගිය අතර මේ වනවිට එජාපයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක බුද්ධික පතිරණ හා මංගල සමරවීර මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ එජාප නාම යෝජනා පත්‍රයේ නමක් වෙනස් කිරීම සම්බන්ධයෙන් පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර මොනරාගල එජාප මැතිවරණ සංවිධාන කටයුතු බිඳ වැටි ඇත.
ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ වූ දිල්රුක්ෂි සූරියආරච්චි මහත්මිය එජාපයේ අපේක්ෂිකාවක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින අතර ඒ මහත්මිය ඉකුත්දා එජාපය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට තීරණය කළා ය.
ජනාධිපතිවරණයේදී එක්ව සිටි එ.ජා.ප - ජ.වි.පෙ, ටී. එන්.ඒ. වැනි දේශපාලන පක්ෂ සියල්ලම මේ වනවිට භේද භින්න වී එකිනෙකාට එරෙහිව තරග වදින අතර ජනාධිපතිවරණයේදී හංසයාට ලැබුණු ඡන්ද බෙදා ගැනීමට මේ පක්ෂ අතර හට ගෙන තිබෙන්නේ උග්‍ර සටනකි.
විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදිති. වැඩිම මනාප ලබාගැනීමට රනිල් හා ෆොන්සේකා යන මහත්වරුන් අතර ද දැඩි තරගයක් හට ගෙන ඇති අතර ඒ නෝක්කාඩුකම් ඉදිරියේදී තවත් උග්‍ර වනු ඇති බවත් පැවසෙයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් විපක්ෂයට ලබා ගත හැකි වන්නේ ආසන 7කට අඩු ප්‍රමාණයක් යැයි උපකල්පනය කෙරෙන අතර එසේ වුවහොත්; එජාපයෙන් සිංහල ජාතිකයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් පැවසෙයි.
මේ යටතේ රවි කරුණානායක, වැනි එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගේ පාර්ලිමේන්තු ආසන රැක ගත නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් පැවසෙයි. දැනට එකිනෙකට එරෙහිව සීතල යුද්ධයක නිරතව සිටින එ.ජා.ප., ජ.වි.පෙ. හා ටී.එන්.ඒ. සංවිධානයත්, සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයත් අතර පවතින මත ගැටුම් ඉදිරියේදී නොවැළැක්විය හැකි ලෙස ප්‍රසිද්ධියට පත්වීමත් ඒ අනුව ජනාධිපතිවරණයේ දී ෆොන්සේකාට ලැබුණු ඡන්ද ලක්ෂ 40 සියයට 30ක් පහළට වැටෙනු ඇති අතර ඉතිරි වන ඡන්ද ප්‍රමාණය එ.ජා.ප., ටී.එන්.ඒ. හා සරත් ෆොන්සේකා පාර්ශ්වය අතර බෙදී යෑමේ තත්ත්වය මත එක්සත් ජනතා නිදහස් සන්ධානය 2/3කට අධික විශිෂ්ට ජනවරමක් ලබාගන්නා බවත් එ.ජා.ප.ය ඇතුළු විපක්ෂය මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත පරාජය වැළඳ ගන්නා බවටත් අනාවැකි පළවී තිබේ.