එජාපයට_අද_66_යි

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ක්‌සත් ජාතික පක්‍ෂයේ 66 වැනි සංවත්සරය අදට (06 වැනිදා) යෙදී තිබේ.

    1946 වසරේ සැප්තැම්බර් මස 06 වැනි දින කොළඹ, ගිල්µ්‍රඩ් ක්‍රෙසන්ට්‌හි පාම්කෝට්‌ මන්දිරයේදී පැවැති රැස්‌වීමකදී යෝජනා ස්‌ථිරත්වයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ආරම්භ කෙරිණි.

    පසුව 1947 වසරේදී පැවැති ප්‍රථම මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක්‌ දිනාගනිමින් ආණ්‌ඩු බලය ලබාගත් අතර මෙරට ස්‌වාධීන රාජ්‍යයක්‌ බවට පත් කිරීමටද එජාපයට හැකි විය.

    නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සංවත්සර උළලේදී වැඩ සටහන් රාශියක්‌ සංවිධානය කර තිබේ.

    ඒ අනුව සංවත්සරය නිමිත්තෙන් එජාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 160 දෙනකු සංකේතවත් කරමින් විශේෂ සම්මාන ප්‍රදානයක්‌ අද පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී සිදු කරන බව එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින" ට පැවසීය.

    නවීකරණය කරන ලද සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයද අද දින විවෘත කෙරෙන අතර එජාප සභාපතිවරයකු වූ එන්. ජී. පී. පණ්‌ඩිතරත්න මහතාගේ නමින් අනුස්‌මරණ ශාලාවක්‌ද විවෘත කෙරේ.

    පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨයින් සඳහාද විශේෂ ඇගැයීමක්‌ කෙරෙන බව එජාප මහලේකම්වරයා පවසයි.
     
    • Like
    Reactions: CrazyKitty

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Captan ජැක් ස්පැරෝ;13359336 said:
    549660_192021107597349_1973404344_n.jpg

    Ai moko:angry::angry::angry::angry::angry: