එජාපයෙන් තනි ආණ්ඩුවක්-ශ්‍රිලනිප පිරිසක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    එජාපයෙන් තනි ආණ්ඩුවක්-ශ්‍රිලනිප පිරිසක්

    ශ්‍රිලනිප පිරිසක් හා ද්‍රවිඩ සන්ධාන සහයෙන් එජාපයෙන් තනි ආණ්ඩුවක් - Inside Report



    111.jpg


    ශ්‍රිලනිප පිරිසක් හා ද්‍රවිඩ සන්ධාන සහයෙන්
    එජාපයෙන් තනි ආණ්ඩුවක්
    - Inside Report

    පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීම නිසා ප්‍රතිඵලවලින් දිනකට පසුවත් අභ්‍යන්තර දේශපාලන අර්බුදය තවදුරටත් තීව්ර වන ලකුණු පහළවෙමින් පවතී. දේශපාලනඥයින් දිගටම එකිනෙකා අතර මුණගැසීම් සාකච්ඡා පවත්වමින් තීන්දු ගනිමින් පවතී.
    ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මෙම ගැටලුව ගැන සාකච්ඡා සිදුවුණ බව පළවූ ආරංචි සමග පහළ ස්ථරයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කැළඹීමට පත්වූ නිසා දෙදෙනා අතර ඇති වූ එකඟතාවයන් පිළිබඳව පළවෙන මාධ්‍ය ප්‍රතිකේෂ්ප කරන බවට ඊයේ සවස ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය.
    “පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන
    මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ඇති වුවා යැයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබේ.පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවයකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කෙරේ.”එම නිවේදනය සටහන් වූයේ එපරිද්දෙනි.
    ඒ නිවේදනය කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුණ පරිදි ජනපති මෛත්‍රීපාල සිරිසේනත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ ආරම්භ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග හා අග්‍රාමාත්‍යවරයා එක්සත් ජතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි.
    අගමැති හා එජාප අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසුවේ ජනතා මතය අනුව වෙනස්කම් සිදුවිය යුතු බවත් ඒ අනුව ජනපති හා අගමැති අතර අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අවසන් තීරණයකට එනු ඇති බවත්ය.
    එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතින බව එජාප සිරිකොත ආරංචි මාර්ග පවසා තිබුණි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් නව රජයක් පිහිටුවීම සඳහා ඔහුගේ අනුමැතිය ඉල්ලා ඇති බවත් දැනගන්නට ලැබේ.
    ඊයේ (12) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමතිවරු තීරණය කර තිබුණි.
    නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටී. ඒ අනුව ලබන 15 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එජාපය සූදානම් වනු ඇත.
    පසුගිය මහ මැතිවරණයට අනුව එජාපය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 106 ක් හිමිව තිබේ.
    මේ අතර රනිල් බහුතරය සකස් කරගැනීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද
    වාර්තා වේ.
    එජාප ආණ්ඩවක් සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ සෙසු පක්ෂ ද කැමැත්ත පළකර තිබෙන අතර ඒ අනුව එජාපයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු ආසන 08 ක් පමණි. වත්මන් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය එජාප ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඇමතිධූර ලබා නොගෙන සහාය දැක්වීමට අදහස් කරගෙන සිටින බවද වාර්තා වෙයි.
    කෙසේ වෙතත් මේ ආණ්ඩුව සුළුතර එකක් වනු ඇත.
    මේ ආකාරයෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය අවැසි අවස්ථාවල දී දෙමළ ජාතික සන්ධානයේ සහය ගැනීමට අවශ්‍ය වනු ඇති අතර ඒ ගැන සාකච්ඡාද ආරම්භ වී ඇත.

    මේ නව ආණ්ඩුව පිළිබඳ තවම මාධ්‍ය වලට හෙළි කර නැතත්
    "ඉදිරියේදී යම්කිසි ගැටලුවක් පැන නැඟුණහොත් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය අපට තිබෙනවා"යි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ (12දා) අරලියගහ මැඳුරේදී රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණි.
    මේ අතර හෙට (14දා) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ දුරට තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    පෙ.ව. 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නිමිතය.
    2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව රටේ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන රටට දැනෙන වෙනස ගැන මේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කතාබහ කිරීමට සූදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වේ.
    මීට අමතරව වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේදී සිදුකළ යුතු වෙනස්කම් ගැන අමාත්‍යවරුන් කිහිපදෙනකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනමතයට ගරු කරල ගෙදර නොයා...ඒකාධිපති වියරුවෙන් හැසිරෙනවනම් ඒවට බේත් ඉක්මනටම හම්බෙනව...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තවත් මොන ආණ්ඩුද? අවුරුදු 3ක් රටට කෙලියා මදිද? :angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    හිටං හුටං දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දැන් ගන්න යන තීරණය, මාධ්‍ය හමුවක් තියලා කෙළින්ම කියන්න කොන්දක් නැද්ද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    තවත් මොන ආණ්ඩුද? අවුරුදු 3ක් රටට කෙලියා මදිද? :angry:

    26.gif

    හික්... හිකිස්...
    රෙදි ගැලවිලා ලන්කට් එක පිටින් ඉන්නෙ ඒත් යන්න හිතෙන්නෙ නෑ වගේ,
    ඊලඟ එකේදි ලන්කට් එකත් ගලවයි... අත් දෙකෙන් වහගෙන දුවන්නමවෙයි එතකොට


    195819014713-02-2018(1).jpg
     
    Last edited:

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ජනමතයට ගරු කරල ගෙදර නොයා...ඒකාධිපති වියරුවෙන් හැසිරෙනවනම් ඒවට බේත් ඉක්මනටම හම්බෙනව...

    Katada Dan na ekadipathi viyaruwa thibbe.thamath baleta enna Mara asawak ponna mahindayata thiyenne.balahnko eida kiyaka.auwrudu 12k rata Kala.hadana hati kiyanna enawa.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    26.gif

    හික්... හිකිස්...
    රෙදි ගැලවිලා ලන්කට් එක පිටින් ඉන්නෙ ඒත් යන්න හිතෙන්නෙ නෑ වගේ,
    ඊලඟ එකේදි ලන්කට් එකත් ගලවයි... අත් දෙකෙන් වහගෙන දුවන්නමවෙයි එතකොට


    195819014713-02-2018(1).jpg


    :lol:
     

    epamaUnaa

    Member
    Feb 13, 2018
    12
    0
    0
    පක්ෂ දෙකක් එකතු වෙලා ආන්ඩුවක් පිහි‍ටුවන්න හදන එක දේශපාලන බලුපූට්‍ටුවක්.කොහොම උනත් ආන්ඩුවට හයෙන් පහක බලයක් තියෙනවා.අලුත් ආන්ඩුව සරල බහුතරයක් තියෙන යූන්පි ආන්ඩුවක්.එහෙම නැත්නම් මේක කරන්න දැන් යන විදිහට මෛත්‍රිපාලම ආන්ඩුවට වෙට්‍ටු දදා යන එකනේ.මෛත්‍රීට ජන බලයක් නෑ.ශ්‍රී ලංකා කරයෝ මෛත්‍රීට නෑ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ජනමතයට ගරු කරල ගෙදර නොයා...ඒකාධිපති වියරුවෙන් හැසිරෙනවනම් ඒවට බේත් ඉක්මනටම හම්බෙනව...

    ජනමතයට ගරුකරන්න මේක පාර්ලිමේන්තු මැතිවරණයක්ද මැට්ටෝ ???? දේසපාලන විද්‍යාව කියන එකේ අ යන්නවත් දැනගන කතාකරපන් !! මහින්දයත් එහෙමනේ , හැගීම්බර ගොන්කතා කීවට මොලේ නෑ නේ !!!

    තොපි කියන හැටියට පසුගිය අ.3 ගැන මිනිස්සු අකැමතිවෙලා ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවනම් , ආණ්ඩුව කරේ පක්ෂ 2ක් නිසා ඒ පක්ෂ 2කේ චන්ද එකතුකරපං !! එතකොට බයියා පරාදයි !!!

    ඊට අමතරව MR 2015 ගත්ත ප්‍රතිශතයට වඩා අඩු ප්‍රමානයක් තමා අරගන තියෙන්නේ .... මේ විදිහට MRට ආණ්ඩුවක් පිහිටවන්න බෑ ..උගේ බහින කලාව තමා !!!
     

    Similar threads