එජාපයේ නීති ලේකම් ට ට්‍රැක පැනලා

ekpeters

Well-known member
  • Nov 18, 2024
    1,002
    550
    113
    එයාට Track පැනල නෑ. මේක තමයි ලංකාවේ තියෙන අවුල. මිනිස්සුන්ව කිසිම විදියකින් educate කරන්න බලන්නේ නෑ. පුළුවන් තරම් බාගෙට දේවල් කියල එක එක මත හදනවා. analys කරල තනියෙම දෙයක් තේරුම් ගන්න බෑ. සමහර දේවල් බාගෙට කියල තියෙන්නේ. සමහර නීත සහ වැඩ කරන ක්‍රිමවේදයන් ගැන කිසිම දෙයක් අපි දන්නේ නෑ. මේ හැම මාධ්‍යකම සාකච්චා වෙන්නේ එන මිනිස්සු සහ වැඩසටහන කරන අය අතරේ. ඔවුන්ගේ දැනුම් මට්ටම් අතරේ වෙන්නේ ඒ දේවල්. අපිට ඒ දැනුමවත් එතන හංගල ගහන දේවත් තේරෙන්නේ නෑ. චමුදිගේ youtube සංවාද හොඳ example. ආ අරක නේ... එදා මට කිව්වේ... අරයා කිව්ව එක් නේ.. වගේ කෑලි ඕන තරම් තියෙනව.. ඒවා බලන අපි දන්නවද ඒගොල්ලො මොනවාද කියන්නේ කියල... ඉතින් තාර්කික බුද්ධිය දැනුම අවබෝධය අඩු වහල්කමේ උපරිම ඉන්න මිනිස්සු මොකක් හරි පක්ෂයකට ගැතිවෙනවා.. වැරදි ක්‍රියාවට වැරදි කියන්නෙත් නෑ...
    අවසානයේ මිනිස්සු ඇත කොටා ගන්නවා.
    රට වලපල්ලට යනනවා. ඒකේ අවාසිය පීඩනය මිනිස්සුන්ටම තමයි.

    නීති ලේකම්ගෙන් කියවුන සමහර දේවල් බලු පොරය නිසා යටගියා. මොකද සිරස ආවේ සිද්ධ වෙන්නේ එදා සිද්ධ වුනේ මොකක්ද කියන එක අපිට පැහදිලි කරන්න නෙවෙයි..

    අර ගිවිසුම ගැන අජිත් කියද්දි දෙපැත්තේ දෙන්නගෙන් ඇහුවද විස්තරාත්මකව ඒ ගැන.. වසන්තනම් phone එකෙන් ඒ ගැන බලල නිකන් කිව්වා විතරයි ඒක ගැන තර්ක කරන්න ගියේ නෑ. එහෙම සංවාදයක් ගොඩ නැගුනනම් ඇති කරා නම් මිනිස්සුන්ට educate වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නෑ. කරන්නෙත් නෑ. අජිත් ඒක කියද්දි බැඳුම්කරයක් ඇදල ගත්තා තේරුමක් නැතුව. ඊට පස්සේ ඒක ගැන තොරතුරක් කියාගෙන එනකොට නඩු දාපු කතාවක් කතාවකුත් කිව්වා නමුත් අරක මේක කියල කෑ ගහල කතාව සම්පූර්ණ ව එළියට ගත්තේ ප්‍රශ්න අහල.. මිනිස්සු හැඩ ගස්සල තියෙන්නේ රණ්ඩු බලන්න… කෙනෙක්ව නැති කරල දාන්න. නිරුත්තර කරන්න... geopolitical දෙයක් විදියට තමයි මම දකින්නේ. මිනිස්සු දෙවල් ගැන අවබෝධයක් නැත්තන් එක එක දේවල් කියල පටලවන්න පුළුවන්. දැන් මේ Elakiri එකේ උනත් මේ වගේ දේවල් ගැන කොච්චර Argument යනවද? දේවල් බාගෙට දන්න නිසා පැටලිලා ඉන්න නිසා... දැනුත් එහෙමයි. හැම ආණ්ඩුවක්ම geo political game වල ලොකු ගොදුරක් වෙනවා. වර්තමානයෙත් එහෙමයි. හෙටත් එහෙමයි . ආණ්ඩු මාරු උනාට ප්‍රශ්න විසඳන්න බැරි ඒකයි... මිනිස්සුන්ගේ අවබෝධයක් නොමැතිකම රැල්ලට දුවන එක සහ එකමුතු බවක් නොමැතිවීම.