එජාප නායකයෝ ජනරාල් අතහරී

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
එජාප නායකයෝ ජනරාල් අතහරී

ජනරාල් නිදහස් කර ගත හැක්කේ තමන්ට පමණක් බව කී එජාප නායකයෝ ජනරාල් අතහරී දේශීය 2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 09:15
Prisson.jpg
පසුගිය කාලයේදී හංසයා ලකුණින් තරඟ කිරීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය ප්‍රකාශ කළ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පෙරමුණට එක් කරගැනීමේ ක්‍රියාවලියේදී සිර මැදිරියට ගොස් ඔහුව බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව කී එක්සත් ජාතික පක්ෂ නායකයින් මේ වන විට ජනරාල් සරත් ෆොන්සේකා මහතා බේරා ගැනීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇත.


පසුගියදා සරත් ෆොන්සේකා මහතා රඳවා සිටින සිරමැදිරියට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ නෙරාල්ගේ නීතිඥයා වන්නේ තමන් බැවින් ඔහු බේරා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා එක් විය යුතු බවයි. ඒ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පවසා ඇත්තේ එජාපය අත්හැරීමෙන් ජනරාල් අතරමං වන බවයි.

කෙසේ වෙතත් මෙළෙස පම්පෝරි ගැසූ එක්සත් ජාතික පක්ෂය මේ වන විට සිය බලඅරගලයේ නිරතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්හැර ඇත. පසුගිය කාලය පුරාවටම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන නායකයෝ ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සටනේ නිරතව සිටි අතර, ඒ වෙනුවෙන් කිසිදු දායකත්වයක් දැක්වීමට එජාප නායකයෝ කටයුතු කර නැත.

පසුගිය 08 දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනරාල් සිරගත කර මාසයක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ දැවැත්ව ජන රැලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නායකයෙකු සහභාගී නොවූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින ලාල් පෙරේරා පමණක් විනාඩි 15 ක පමණ කාලයක් වේදිකාව පිටුපස සිට පසුව පිටත්ව ගියේය. නමුත් වෙනත් කිසිදු එක්සත් ජාතික පක්ෂ නායකයෙකු මෙම රැලිය සඳහා සම්බන්ධ වූයේ නැත.

ඒ අතරම පසුගියදා සිය දියණියන්ට ඇමතීමට දුරකතනය ගෙන යාමට නුදුන් අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැය 42 ක උපවාසයක් සිදු කළ අතර, එම උපවාසයට අතරතුරදී හෝ උපවාසයෙන් පසුව හෝ කිසිදු අවස්ථාවක උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයින්ගෙන් කිසිවෙකු හෝ අවම වශයෙන් දුරකතනයෙන් හෝ තත්ත්වය පිළිබඳ විමසා නැත.

කෙසේ වෙතත් සිය බල අරගලයේ නියැලීම සිය දේශපාලනය බව පෙන්වමින් මෙවර මහ මැතිවරණයේ සිය මනාප සටන වෙනුවෙන් ජනරාල් නිදහස් කර ගැනීමේ සටන අත්හැරීමට එක්සත් ජාතික පක්ෂ නායකයෝ කටයුතු කර ඇත.