එට්කා විරෝධය යනු නොදන්නාකම ප්‍රදර්ශනය කි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එට්කා විරෝධය යනු නොදන්නාකම ප්‍රදර්ශනය කි

මහින්ද රත්නායක


ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවත් සමඟ අත්සන් කරන්නට යන භාණ්ඩ හා සේවා ගිවිසුමට ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් වෘත්තිකයෝද තම විරෝධය පළකරති. එකී ගිවිසුම ගැන අසන ලද ප්‍රශ්න කිහිපයකට, මේ විෂය ගැන ප්‍රාමාණික උගතකු වූ මහාචාර්ය රොහාන් සමරජීව දෙන පිළිතුරු මෙසේ ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන්නට නියමිත භාණ්ඩ හා සේවා ගිවිසුම ගැන ඔබට තිබෙන්නේ සුභවාදී අදහසක්. ඒ ගැන කථාකිරීමට පෙර මා දැනගන්නට කැමතියි, මේ විෂය ක්ෂේත්‍රය ගැන ඔබට තිබෙන අත්දැකීම් මොනවාද යන්න.

ජාත්‍යන්තර ගිවිසුම් ගැන මා කටයුතු කිරීම ආරම්භ කළේ දශක දෙකකටත් වැඩි කාලයක සිට. කැනඩාවත්, මැක්සිකෝවත්, ඇමෙරිකාවත් අතර නැෆ්ටා කියන ඉතා පුළුල් ගිවිසුම ඇතිකර ගත්තේ ඒ කාලේ. ඒ දිනවල මම ආචාර්යවරයෙකු ලෙස ඇමෙරිකාවේ සේවය කළා. එතැන් පටන් දිගටම මේ විෂය සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ අතරම මේ අවස්ථාවේ මා කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් නොව ස්වාධීන බුද්ධිමතෙක් හැටියට බවත් අවධාරණය කරන්නට ඕනෑ.

මේ ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වාසියක් නොවන බව ඇතැම් අය කියනවා. එහෙත් ඔබ කියන්නේ මෙවැනි ගිවිසුම් අත්සන් නොකර අද අපේ රටට ඉදිරියට යන්නට බැරි බවයි. ඇයි එහෙම කියන්නේ?

අපි අද මැදි ආදායම් ලබන රටක් වීම අපට තිබෙන එක් අභියෝගයක්. මැදි ආදායම් ලබන රටක් වූ විට අපේ ඵලදායිත්වය ඉහළ නැංවිය යුතුමයි. ඒ තුළින් තමයි අපි වැඩි ආදායම් සහිත රටක් බවට පත්වන්නේ. අපේ රටේ ආර්ථිකයේ ප්‍රමාණය අනුව අපි අපනයන කටයුතුවල යෙදිය යුතුයි. අපනයන කිරීම සඳහා ආනයන කටයුතුවලත් යෙදෙන්නට සිද්දවෙනවා. එහිදී ගෝලීය සැපයුම් දාම කියන ඒවාට සම්බන්ධ විය යුතුයි. ඒ හැර එම කටයුත්ත කරගැනීමට වෙනත් විකල්පයක් අද අපට නෑ. ගෝලීය සැපයුම් දාම යන්නෙන් හඳුන්වන්නේ යම්කිසි නිෂ්පාදන ක්‍රියාදාමයකට. උදාහරණ යක් වශයෙන් මොබයිල් ෆෝන් එකක් ගන්නට පුළුවන්. මේවා ලෝකයේ බොහොම අලෙවි වන භාණ්ඩ වර්ගයක්. මේක මොන රටේ නිෂ්පාදනය කළාද යන්න කිසි කෙනෙකුට අද කියන්නට බෑ. මේකේ කවරය එක රටක. මේක ඇතුළේ තිබෙන චිප් තව රටක. මේකේ බැටරිය නිෂ්පාදනය කරන්නේ තවත් රටක. මේකේ ඩිසයින් එක වෙනත් රටක. මේවා එක එක තැන්වලින් එකතු කරලා තමයි ෆෝන් එක නිෂ්පාදනය කරලා තිබෙන්නේ. මේක හොඳ උදාහරණයක් ගෝලීය සැපයුම් දාමයට.

මේ ගිවිසුම අත්සන් කිරීමෙන් ලංකාවට ලැබෙන වෙනත් වාසි තිබෙනවාද? ඒ වාසි මොනවාද?

රැකියා පිළිබඳ නිල ලේඛන බැලුවොත්, අපේ විරැකියා තත්ත්වය නරක නැති බව කෙනෙකුට කියන්නට පුළුවන්. අපේ තරුණ තරුණියන් ඉල්ලන්නේ අව්වට නොවේලෙන සහ වැස්සට නොතෙමෙන රැකියාවන්. එවැනි රැකියාවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ යටතේ තමයි රැකියා දශලක්ෂයක් උත්පාදනය කරන බව පවතින ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයෙන් අවධාරණය කළේ. එම ප්‍රකාශනය කෙරෙහි මගේ අවධානය යොමුවීමට එය එක් හේතුවක්. මක්නිසා ද කියනවා නම් ගුණාත්මක වශයෙන් හොඳ, ඉහළ ප්‍රමිතියෙන් යුතු රැකියා තමයි නිර්මාණය කළ යුත්තේ. එවැනි රැකියා උත්පාදනය කරන්නට සේවා සහ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි.

මේ ගිවිසුම අත්සන් කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව හිතන්නට වෙනත් සුවිශේෂ හේතු තිබෙනවාද?

ඔව්, මේ රටේ ආර්ථිකය වර්ධනය කරගන්නට අද අපට විශේෂ අවස්ථා උදාවී තිබෙනවා. ඒ දිනවල අකර්මණ්‍යව තිබූ බෙංගාල බොක්ක ප්‍රදේශය දැන් විස්මය දනවන ලෙස සක්‍රියවීම ඒ අවස්ථාව ලෙස හඳුනාගන්නට පුළුවන්. පරාක්‍රමබාහු රජුගේ කාලයේද බෙංගාල බොක්ක හරහා ඔය වෙළඳාම බහුලව තිබුණා. බංගලි දේශය ඉතා දුප්පත් රටක් යැයි අපි සිතා සිටියා. ඒ අය අපව ක්‍රිකට්වලින් පරාජය කළා පමණක් නොවෙයි, ආර්ථික වශයෙන්ද විශාල ජවයක් ඇතිව, එනම් 6%-7%ක වර්ධන වේගයක් හැම වසරකම පවත්වා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. බෙංගාල බොක්කේ දොරටුව තිබෙන්නේ ලංකාව හරහා. ඒ නිසා එයින් ප්‍රයෝජනය ගන්නට අපට විශාල අවස්ථාවක් තියෙනවා. ආර්ථික වර්ධනය 7%-10%ක් ඇති ලෝකයේ විශාල ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව ද මේ සමීකරණයට ඇතුළත් කිරීමට මම කැමැතියි.

ඔබ කියන ඔය ගෝලීය සැපයුම්දාමවලට ඇතුළු වෙන්නට මෙවැනි ගිවිසුම් අවශ්‍යමද?

මේ සැපයුම් දාමවලට ඇතුළත් වෙනවා නම් නෛතික ස්ථාවරභාවයක් හා රාමුවක් තිබිය යුතුයි. ඒක තමයි ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්නය. ඒ නෛතික රාමුව නැත්නම් ඒ සමාගම් ඒක දකින්නේ අවදානමක් හැටියට. මේ නෛතික රාමුව නැති අවිනිශ්චිත තැනකට කොහොමද අපේ සැපයුම් දාමයේ මේ කොටස දෙන්නේ කියන ප්‍රශ්නය ඒ අයට ඇති වෙනවා. මක්නිසාද කියනවා නම් එතැන නීතිරීති වෙනස් වුවහොත්, බදු දෙගුණ වුවහොත්, ලාභාංශ පිටරට ගෙනියන්නට නොහැකිවන ලෙස නීතිය වෙනස් කළොත්, ඉඩම් අයිතිය පිළිබඳ නීතිය වෙනස් කළොත්, ඒ අයගේ කටයුතු ඉදිරියට කරගන්නට හැකිවන්නේ නෑ. එපමණක් නොවෙයි, ඒ බලපෑම මුළු සැපයුම් දාමය තුළම අවහිරතාවක් ඇති කරනවා. ඒ මගින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල වෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ. මෙය ඉතාමත් කාර්යක්ෂම වෙන්නට නම් මේ හැම කොටසම හොඳින් වැඩකරන්නට අවශ්‍යයි.

ලංකාව මෙවැනි ගිවිසුමකට අත්සන් කරන්නට යන්නේ ප්‍රථම වතාවටද? එහෙම නැතිනම් වෙනත් රටවල් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන්කර තිබෙනවාද? ඒ ගිවිසුම් මොනවාද?

මේ විෂය හදාරන මා ඇතුළු බොහෝදෙනා දන්නවා ලෝක වෙළෙඳ සංවිධානය යටතේ සියලුම රටවල් එකතු වී හදා ඇති ගිවිසුම. ඒ ගිවිසුම යටතේ අපි කටයුතුකර තිබෙනවා. මා විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වැඩකරන කාලයේදී එනම් 1995-98 වගේ කාලයේදී ලංකාවත් මේ ගිවිසුමට ඇතුළු වුණා. විදුලි සංදේශ ක්ෂේත්‍රය ලංකාවේ දියුණුවක් පෙනෙන ක්ෂේත්‍රයක් ලෙස කවුරුත් පිළිගන්නවා. ඒ ක්ෂේත්‍රයේ මා වැඩකරන කාලයේ ඉහත කී ගිවිසුම අපි පාවිච්චි කළා. අද සමහරු ඉදිරිපත් කරනවා මේ සේවා ගිවිසුම් අලුත් දෙයක් හැටියට. සේවා ගිවිසුම් ලෝක වෙළෙඳ ගිවිසුම යටතේ 98 සිට ලංකාවේ වලංගුව පවතින එකක්. ඒ කියන්නේ අපේ විදුලි සංදේශ සේවාවම අපි මේ තත්ත්වයට ගෙනාවේ ආයෝජන පමණක් නොව විදේශ විශේෂඥයන් මෙන්ම විදේශ නිලධාරීන්ද රට තුළට කැන්දාගෙන. ඒ දවස්වල විදුලි සංදේශ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල දේශීය ප්‍රධාන විධායක නිලධාරියෙක් නාමිකව සිටියේ. ගාමිණී ගුණවර්ධන මහතා හිටියා, එක බලපත්‍රලාභී සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක්. නමුත් ඒ පොඩි සමාගම් හැර විශාල ජංගම දුරකථන සමාගම්වල ඒ දවස්වල ලාංකිකයෙක් ලෙස සිටියේ එක් අයෙක් පමණයි. ඒ තමයි ආචාර්ය හාන්ස් විජේසූරිය. අද ඩයලොග් ආයතනයේ ප්‍රධානියා ලෙස ඉන්නේත් ඔහුයි. මේ වන විට අර විදේශීය නිලධාරීන් සහ විශේෂඥයන් තමන්ගේ රටවලට ගිහිල්ලා.

ලංකාව කුඩා රටක් වන නිසා ඉන්දියාව වාගේ විශාල රටක් සමඟ මෙවැනි ගිවිසුම්වලට ඇතුළු වීමෙන් අවාසියක් මිස වාසියක් නොවන බව ඇතැමුන් කියනවා. මෙහි ඇත්තක් තිබෙනවාද? අනික් අතට එවැනි අවාසි තිබෙනවා නම් ඒවා මගහරවා ගන්නට ක්‍රමයක් නැද්ද?

අන්තර් ජාතික ගිවිසුම් අත්සන් කරන විට සෘණ ලැයිස්තුවක් කියා එකක් තිබෙනවා. ඉන්දියාවත් සමඟ අපි භාණ්ඩ ගිවිසුමට ඇතුළත් වූ ආකාරය උදාහරණයට ගනිමු. 98දී පමණ අප ඇතිකරගත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වුණේ 2000දී. එහිදී සෘණ ලැයිස්තු දෙකක් රටවල් දෙකෙන් ඉදිරිපත් වුණා. ඒ සෘණ ලැයිස්තුවේ ක්ෂේත්‍රයට ගිවිසුම බලපාන්නේ නෑ. මහපාර දෙස බැලූවිට අද අපට වැඩිපුර පෙනෙන්නේ බජාජ්, මරුති, අල්ටෝ යන වාහන. මේ ඉන්දියානු වාහන අපි දැම්මා සෘණ ලැයිස්තුවට. අපේ ආණ්ඩුවට විශාල ආදායම් ප්‍රමාණයක් ලැබෙන්නේ මේ වාහන බදුවලින්. මේ බදුවලින් තමයි ආණ්ඩුව පවත්වාගෙන යන්නට ආදායම් උපයාගන්නේ. ආණ්ඩුවේ ආදායම් විශේෂයක් තමයි ඔය තීරු බදු. වාහනවලට අපි 100%ක් විතර බදු අය කරනවා. සාමාන්‍යයෙන් ඔය ගිවිසුම්වල ඒවාට ඉඩ දෙන්නේ නෑ. ලෝක වෙළෙඳ ගිවිසුමේ ඒවාට වැඩිය ඉඩදෙන්නේ නෑ. නමුත් යාබද රටවල් නිසා ඔය වගේ එකඟතාවන් ඇතිකර ගන්නට පුළුවන්.

හොඳයි, භාණ්ඩ ගිවිසුම් සම්බන්ධයෙන් එහෙම වුණත් සේවා ගිවිසුම් සම්බන්ධයෙන් තිබෙන්නේ එයට වෙනස් තත්ත්වයක් නේද?

සේවා ගිවිසුම්වල එවැනි තීරු බදු නෑ. සේවා, රේගුව හරහා යන දේවල් නොවෙයි. ඒ හරහා ගියොත් තමයි තීරු බදු අය කරගන්නට පුළුවන් වෙන්නේ. සේවා යන්නේ වෙනත් විධිවලට. ඒ නිසා සේවා පිළිබඳව තාක්ෂණිකව වෙනත් ක්‍රමයක් ජාත්‍යන්තර වශයෙන් සකස්කර තිබෙනවා. සේවා සම්බන්ධව ජාත්‍යන්තරව ප්‍රථමයෙන් ම අත්හදා බැලුවේ අර උතුරු ඇමෙරිකානු, නැත්නම් නැෆ්ටා ගිවිසුම තුළින්. ඊට පසු ඒ ක්‍රමවේදය දියුණු කරලා තමයි ලෝක වෙළෙඳ සංවිධානයේ ගැට් නැමති ගිවිසුම ඇති කළේ. මේක වෙළෙඳාම සහ සේවාවන්ට අදාළ ගිවිසුමක්. ඒක ඇතුළත් කළේ ධන ලැයිස්තු කියන ක්‍රමයට. යම්කිසි ක්ෂේත්‍රයක් ඇතුළත් කළේ නැත්නම් ඒ ක්ෂේත්‍රය ගිවිසුමෙන් ආවරණය වන්නේ නෑ. ඒ කියන්නේ සේවා සම්බන්ධයෙන් කේවල්කර එය ඉවත්කරගත යුතුයි. මේක ලැයිස්තුව ඇතුළට දැම්මේ නැත්නම් ඒක ඇතුළත් වෙන්නේ නෑ. නමුත් හැම ක්ෂේත්‍රයම අයින්කර සේවා ගිවිසුම් අත්සන් කරන්නටත් බෑ. ඒක තමයි සේවා ගිවිසුම්වල ක්‍රමවේදය. ඒ සුඛනම්‍ය බව තිබෙත්දීත්, හරියට නොදැන ඇතැම් අය මේ ගිවිසුමට විරුද්ධ වෙනවා. රූපවාහිනි වැඩසටහන්වලට මා ගියාම, ඇතැම් අය අහවල් වෘත්තියේ විශේෂඥයෙක් කියලා කථාව පටන්ගන්නා අතරම මේ ගිවිසුම් විෂය ගැන දන්නේ නෑ කියලා තමයි පටන්ගන්නේ. ඒ විතරක් නොවෙයි මේ අය කෑගහනවා මේකට විරුද්ධයි කියලා. එතකොට මා අසන්නේ ඔබතුමා මේ ගැන දැනගෙනද විරුද්ධ වෙන්නේ කියලා. මෙන්න මේකයි මේ ගිවිසුම් සම්බන්ධයෙන් රටේ තිබෙන දැනීම.

මේ ගිවිසුමෙන් තම රැකියාවලට තර්ජනයක් වන බව පවසා අපේ ඇතැම් වෘත්තීයවේදීන් විරෝධය දක්වනවා. මේ ගැන ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද?

මේ සම්බන්ධයෙන් 4වෙනි මාදිලිය කියා එකක් තිබෙනවා. දැන් ආණ්ඩුව කියලා තිබෙනවා අපි 4වෙනි මාදිලිය පාවිච්චි කරන්නෙක් නැති බව. ස්වාධීන විද්වතෙක් ලෙස ඒකට මම එකඟ නෑ. මේ වෘත්තිකයන්ට අවශ්‍ය තම ඒකාධිකාරය පවත්වාගන්නට. නමුත් මට තේරෙනවා ආණ්ඩුව ඒ වගේ දේවල් කියන්නට හේතුව මොකද්ද කියලා. ඒක ආණ්ඩුවට තිබෙන අයිතියක්. ඒක ගනුදෙනුවේදී කරගත යුතු දෙයක්. පුද්ගලයෙකුට රටවල් දෙකක් අතර එහාට මෙහාට යන්නට තිබෙන සීමිත නිදහස ඇරෙන්නට විසා නැතිව එහාට මෙහාට යන්නට ලෝකයේ කොහෙවත් නිදහස දී නෑ. ඕනෑම ගිවිසුමක් තිබිය හැකි නමුත් ආගමන විගමන නීති ක්‍රියාත්මකයි. එහිදී යම් ප්‍රමාණයකට ලිහිල්කර තිබෙන්නේ යුරෝපා සංගමය කියන සුවිශේෂ තැන පමණයි. ඇමෙරිකාවේ විශේෂඥයන්ට කැනඩවට ගිහිල්ලා ඕනෑ දෙයක් කරන්නට හැකියාවක් නෑ. ඒ ඒ පියවර හරහා තමයි යන්නට ඕනෑ. නමුත් ඒ පියවරවල නිශ්චිත බවක් හා කිසියම් ලිහිල්බවක් මේ ගිවිසුම්වල තිබෙනවා. ඒක තමයි වෙනස. ඒ ප්‍රභේදය ගැන තමයි ආණ්ඩුව මේ මොහොතේ සාකච්ඡා කරමින් සිටින්නේ.

පොතේ ඔය නම්‍යතා තිබුණාට ඕවා ඇත්තටම කරන්න පුළුවන්ද කියලා ඇතැමෙක් අහනවා. මේ ගැන ඔබට කියන්නට තිබෙන්නේ මොනවාද?

මේ ගිවිසුම් හදන අපේ අයට තිබෙන දැනුම සමඟයි මේක බැඳී තිබෙන්නේ. එතැනදී අපේ විද්වත් මණ්ඩලවලින් ආණ්ඩුව ඒ තාක්ෂණික සහාය ලබාගත යුතුයි. මේවා පරිස්සමෙන් කළ යුතුයි. අපි සමඟ සෘජුවම තරග කරන වියට්නාමය අපට පිටුපසින් සිටියත්, අද ගිවිසුම් ගණනාවකට ඔවුන් ඇතුළත් වී තිබෙනවා. ට්‍රාන්ස් පැසිෆික් වගේ ඉතා සංකීර්ණ ලෝක ආර්ථිකයේ 40%ක් ආවරණය වන මහා ගිවිසුමටත් වියට්නාමය ඇතුළත් වන්නට එකඟවී තිබෙනවා. ඒ ගිවිසුම්වලට ඔවුන් ඇතුළත්වී තිබෙන්නේ ඉතාමත් දක්ෂ ලෙසයි. වියට්නාමය මේ ආකාරයට ගිවිසුම්වලට ඇතුළත් වුණාම අපිට වෙන්නේ දත නියව නියව බලාගෙන ඉන්ට. ඔය තත්ත්වය අපි තේරුම්ගත යුතුයි. ඔය අහේතුක භීතිය නිසා ලංකාවේ මෑත ඉතිහාසයේ අපිට තිබුණු අවස්ථා ගණනාවක් අප පැහැර හැර තිබෙනවා. මේක සුවිශේෂ අවස්ථාවක්. මේ අභියෝගයට මුහුණ දෙන්නට හා අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට හොඳ, නම්‍යශීලි මෙවලම් තිබෙනවා. මේ මෙවලම් යොදාගෙන ඉදිරියට යන ලෙසයි මා යෝජනා කරන්නේ. ඒක කළොත් මෙම අවස්ථාව අපේ ග්‍රහණයට ගෙන, අර ඉහළ මට්ටමේ රැකියා දසලක්ෂය උත්පාදනය කරන්නට මෙන්ම අපේ රට මැදි ආදායම් මට්ටමෙන් ඉහළ ආදායම් තත්ත්වයට ගෙනෙන්නට හැකියාව තිබෙනවා.
 

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    "පුද්ගලයෙකුට රටවල් දෙකක් අතර එහාට මෙහාට යන්නට තිබෙන සීමිත නිදහස ඇරෙන්නට විසා නැතිව එහාට මෙහාට යන්නට ලෝකයේ කොහෙවත් නිදහස දී නෑ. ඕනෑම ගිවිසුමක් තිබිය හැකි නමුත් ආගමන විගමන නීති ක්‍රියාත්මකයි."

    "මේ ගිවිසුම් හදන අපේ අයට තිබෙන දැනුම සමඟයි මේක බැඳී තිබෙන්නේ. එතැනදී අපේ විද්වත් මණ්ඩලවලින් ආණ්ඩුව ඒ තාක්ෂණික සහාය ලබාගත යුතුයි. "

    Good Post Machan!
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    14691039_1681940665455495_841271845425272218_n.png
     
    • Like
    Reactions: Miami-Vice

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ අතරම මේ අවස්ථාවේ මා කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් නොව ස්වාධීන බුද්ධිමතෙක් හැටියට බවත් අවධාරණය කරන්නට ඕනෑ.

    ඒ යටතේ තමයි රැකියා දශලක්ෂයක් උත්පාදනය කරන බව පවතින ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයෙන් අවධාරණය කළේ.
    පුක හිනාවෙන්න ගත්තේ මගේ විතර ද?:rofl::rofl::rofl:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මේත් රනිල්ට පුක අල්ලන ලොල්ලෙක්ද කොහෙද ? අපේ රටේ බුධිමතුන් කියන මේ වගේ හරක් දෙන උපදෙස් පිළිපැදල තමා අපෙ රට තාම මේ විදිහට තියෙන්නේ. නැත්තන් මේ වගේ මහා ආර්ථික මොලකාරයෝ හිටපු රටක් කොච්චර දියුණු වෙන්ට ඕනෙද ? . ලේකම් පට්ටමකට උපදේශක කමකට ඕනේ ගු වැඩක් කරයි මේ වගේ උන්.
    නොදකින්...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    "පුද්ගලයෙකුට රටවල් දෙකක් අතර එහාට මෙහාට යන්නට තිබෙන සීමිත නිදහස ඇරෙන්නට විසා නැතිව එහාට මෙහාට යන්නට ලෝකයේ කොහෙවත් නිදහස දී නෑ. ඕනෑම ගිවිසුමක් තිබිය හැකි නමුත් ආගමන විගමන නීති ක්‍රියාත්මකයි."

    "මේ ගිවිසුම් හදන අපේ අයට තිබෙන දැනුම සමඟයි මේක බැඳී තිබෙන්නේ. එතැනදී අපේ විද්වත් මණ්ඩලවලින් ආණ්ඩුව ඒ තාක්ෂණික සහාය ලබාගත යුතුයි. "

    Good Post Machan!
    ඔව් මේකේ හතර වෙනි කැටගරි එක ඒ කියන්නේ වෘත්තීමය සංචරන නිදහස අයින් කරලා තියෙන්නේ මේ රටේ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න. මේකේ ඇඩ්මින්ලා තොරතුරු තාක්ෂනයට සම්බන්ද ජොබ්ස් කරන ඩයල්.උන් ටික දත් කිඹුලා,මලකඩයා වගේ පොන්ස්ලා බය කරලා ලනු ගිල්වලා මේක නිකන් කලු කරලා මෙම්බර්ස්ලගේ ඇස් පොට්ට කරා.ඇඩ්මින්ලාගේ ජොබ්ස් ගන්න ඉන්ඩියන්ස්ලා එන්නේ නෑ.කාගෙවත් ජොබ්ස් වලට තර්ජනයක් නෑ. යකෝ මේකේ ඉන්නේ රෙඩ් ඉන්ඩියන්ස්ලට වඩා ගෝත්‍රිකයන්නේ.