එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමට හැකිදැයි රජය සොයයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    india-sri-lanka.jpg



    ආන්දෝලනාත්මක ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි.

    මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08 වැනිදා) ඊට අනුමැතිය හිමි වී තිබේ.

    පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය හේතුවෙන් එම යෝජනාව 2018 ඔක්තෝබර් මාසයේදී හකුළා ගැනිණි. එසේ වෙතත් එට්කා ගිවිසුම බල ගැන්වීම සඳහා ඉන්දු – ලංකා දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට 12 ක් පවත්වා ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුප් යටතේ සීමාවකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇතැයි චෝදනා එල්ල විය.

    මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳ ඊයේ (09 වැනිදා) පැවැත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘අරුණ’ විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ රජය සලකා බලනු ඇති බවයි. ‘එට්කා’ ගිවිසුමට අමතරව දැනට ක්‍රියාත්මක ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ;ASFTA), පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) නැවත සමාලෝචනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දැන් වලලන්න දුන්න එක සාධාරණීකරණය කරන්න රචනා ලිය ලිය ඉන්න උන්...මේක ගැනත්් ලියන්න වෙනවා නේද කියලා මතක් උනාම
    confused confusion GIF
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ගුපියොයි ජෙප්පොයි ආයෙ නාන්ඩ යන්නෙ ,