එතකොට ප්ලේන් එක ඉස්සුවේ පයිලට්මද???

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    එතකොට ප්ලේන් එක ඉස්සුවේ පයිලට්මද???

    අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවය ඇතුළු පරීක්ෂකයෝ පවසති. මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිති.

    මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී ඇත.

    මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ.

    මැලේසියාවේ පුට්රාජයා නගරයේ අධිකරණයක පසුගිය මාර්තු 07 දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂනායක වරයාගේ සමීපතමයකු මෙන් ම පිස්සුවකින් මෙන් ඔහු අදහමින් සිටි කපිතාන් ෂා විපක්ෂනායක වරයාට සිරදඩුවම් නියම වීමෙන් පසු කෙලින්ම ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඩුවම් නියමවීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතුයැයි පරීක්ෂකයෝ පවසති.

    1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බොයිං 777 වර්ගයේ එම්.එච්.370 යානයෙන් මාර්තු 08 අලුයම 12.41 ට ගුවන් ගත වන්නේ කිලෝ මීටර 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යාමේ අපේක්ෂාවෙනි.

    නමුත් අලුයම 1.33 ට යානයේ නියමුවා කීවේ ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පමණි. යානයට ඉන්පසු සිදුවූ දෙයක් තවමත් කිසිවෙකුත් දන්නේ නැත. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.

    වෛද්‍යවරු පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේ දී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපයුම් පැළ
    ද ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.


    යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන 'ට්‍රාන්ස්පොන්ඩරය' අක්‍රිය කැර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බොයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියළු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානයේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියළු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.

    කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගන්නේ නම් ඒ පිළිබද අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත.

    කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ යානය පකිස්ථානය හා ඉන්දියාව දෙසට යොමු වී ඇති බවයි. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව දෙසට ඇති ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ සෙවුම් කටයුතු ආරම්භකර ඇත.

    බලධාරීන් පවසන්නේ යානය හැරී ගමන්ගත් දිශාවේ මේ යානය ගොඩබැස්සවිය හැකි ස්ථාන 634ක් දැනටමත් හදුනාගෙන ඇති බවයි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ජනාවාස නොමැති දූපත් ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති.

    බලධාරීන් පවසන්නේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා ක්‍රියාවිරහිත කළේ නම් යානයේ කළු පෙට්ටිය ද ක්‍රියාවිරහිත කරන්නට ඇති බවයි.

    මැලේසියාවේ විපක්ෂ නායකවරයාට සිරදඩුවම් නියමවීමේ සිද්ධිය හා යානය පැහැර ගැනීම අතර සම්බන්ධයක් ඇත්නම් එය මැලේසියාවේ දේශපාලනය උණුසුම් කිරීමට හේතුවනු ඇතැයි බලධාරීන් පවසයි.:shocked::shocked::shocked::shocked:

     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ආන් ඒකට, අපේ විපක්ෂයා හිරේට නෙවේ කජ්ජ ගැහුවත්, අපේ උන් හ්ම්ම් කියන්නේ නෑ...... :rofl: :P :lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආන් ඒකට, අපේ විපක්ෂයා හිරේට නෙවේ කජ්ජ ගැහුවත්, අපේ උන් හ්ම්ම් කියන්නේ නෑ...... :rofl: :P :lol:

    කොයි තරම් වාසනාවක්ද?
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ආන් ඒකට, අපේ විපක්ෂයා හිරේට නෙවේ කජ්ජ ගැහුවත්, අපේ උන් හ්ම්ම් කියන්නේ නෑ...... :rofl: :P :lol:
    පව් අපේ අසරණයා.. පොර කොහොම කියල ඔහොම වැඩක් කරන්නද???