ඇලස්කාවේදී අතුරුදන් වූ ගුවන්යානය හමුවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඇලස්කාවේදී අතුරුදන් වූ ගුවන්යානය හමුවෙයි

    ඇලස්කාවේදී අතුරුදන් වූ ගුවන්යානය හමුවෙයි​



    අමෙරිකාවට අයත් ඇලස්කා ප්‍රාන්තයේ දී අතුරුදන් වූ මගී ගුවන්යානයේ සුන්බුන් මුදාගැනීමේ කණ්ඩායම් විසින් මේ වනවිට සොයාගෙන තිබේ.
    පුද්ගලයින් 10දෙනෙකු රැගත් මෙම මගී ගුවන්යානය ඇලස්කා ප්‍රාන්තයේ නෝම් නගරයට සැතපුම් 34ක් පමණ දුරින් වූ හිම සහිත කදුකර ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (7) වාර්තා කළේය.

    ඒ අනුව යානයේ නියමුවා ඇතුළු එහි සිටි මගීන් සියලු දෙනාම මියගොස් ඇති බවට බලධාරීන් විසින් තහවුරු කර ගෙන ඇත.
    ඉන් තිදෙනෙකුගේ මළසිරුරු මේ වන විට මුදාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ.

    බේරින්ග් එයාර් ගුවන්සමාගමට අයත් කුඩා වර්ගයේ මගී ගුවන්යානයක් වන යානය පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් විය.

    යානය සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊට බාධා සිදුවූ බව විදෙස් වාර්තා කළේය.