එතෙර රටවල වාහන වෙළෙඳපොළ ගැනත් දැන ගමු

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    එතෙර රටවල වාහන වෙළෙඳපොළ ගැනත් දැන ගමු

    එතෙර රටවල වාහන වෙළෙඳපොළ ගැනත් දැන ගමු

    vahana.jpg
    තනිකඩව ජීවත් වෙන කාලේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යන්න මිලට ගන්න වාහනයක් තමයි යතුරු පැදිය කියන්නේ. ලොකු මුදලක් වැය නොකර යතුරු පැදියක් පහසුවෙන් මිලට ගන්නට පුළුවන්. කොහොම වුණත් පවුල් පන්සල් වෙලා දෙන්නා තුන්දෙනා හතර දෙනා වෙද්දී යතුරු පැදියකින් ගමන් බිමන් යන එක හරියන්නේ නැහැ කියලා දැනෙන්න පටන් ගන්නවා. මේ වගේ කාලයක් උදාවුණාම බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි, ”දැන් නම් රෝද හතරකට යන්න කාලේ හරි” කියන එක. අවශ්‍යතාව රෝද හතරක් වුණත් එ්කට යන්න තියෙන පාර යතුරු පැදියකට යන්න තියෙන පාරට වඩා වෙනස්. දුෂ්කරයි. එයට හේතුව අපේ රටේ රෝද හතරක්, එහෙමත් නැත්නම් කාර් එකක් ගන්නවා කියන එක සාමාන්‍ය පුද්ගලයකුට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙන නිසයි. දැනට සතියකට විතර කලින් අඩු එන්ජින් ධාරිතාව තියෙන වාහන සදහා (1000ට අඩු) වූ බද්ද ද සෑහෙන ප‍්‍රමාණයකින් ඉහළ ගියා. එ් නිසා අඩු මිලකට, පාවිච්චි කළ කාර් එකක් ගන්නවා කියන එකත් බොහෝ දෙනෙකුට සිහිනයක් බවට පත් වෙලා. හතර වටේට ණය වෙලා වාහනයක් ගත්තත්, ඉන් පස්සේ එය නඩත්තු කරන්න මාසයකට සෑහෙන මුදලක් වෙන් කරන්නත් වෙනවා. මේ නිසා ඇතැම් අය වාහනයක් අරන් නිවස අලංකාර වනසේ එය නවතා තිබෙනවා හැර වෙනත් කිසිවක් කරන්නේ නැහැ.
    වාහනයක් හිමි කරගන්නා විට ඇතැම් අය එය සිදු කරන්නේ ව්‍යාපාරික අදහසකුත් හිිතේ තියාගෙන. ඇතැම් ජපන් වාහනවල වෙළෙ`දපොළ මිල බොහෝ විට අනාගතයේ දී වැඩි වන බව දන්නා ඇතැමුන් එවැන්නක් අඩු මිලට ගන්නට හැකියාව තිබියදී මිලට ගන්නවා. පසුව එහි මිල වැඩි වූ විට වැඩි මිලකට විකුණා ලාභයක් උපයා ගන්නවා. මේ ආකාරයට ‘බයින් ඇන්ඞ් සෙලින්’ අදහස හිතේ තියාගෙන වාහන ගන්න අයත් ඉන්නවා. එ් වගේම අලූත් වාහන මෝස්තර එන කොට පරණ වාහනය ලාබ ඇතිව හෝ නැතිව විකුණා දමා අලූත් වාහනයක් ගන්න පුරුදු වුණු අයත් ඉන්නවා. තවත් අය ජීවිත කාලයටම කියලා එක වාහනයක් අරගෙන එ්ක පාවිච්චි කරනවා. නැවත නැවත විකුණන්න පුරුදු වුණු අය වැඩි වශයෙන්ම ගන්නේ ජපන් වාහන. නමුත් ඉන්දියන් වාහන එක්ක මේ සෙල්ලම කරන්න ටිකක් අමාරුයි. මොකද එ්වායේ වෙළෙ`දපොළ වටිනාකම බොහෝ විට දවසින් දවස අඩු වෙන නිසා.
    අපේ රටට ගෙන්වන වාහනවලට අධික විදියට බදු ගහන්නේ ඇයි කියන එක ගැන හොයා බැලූවොත් එ්කට හේතු කීපයක්ම තියෙන බව පෙනෙනවා. එකක් තමයි රජයට ලැබෙන බදු ආදායම වැඩිකරගැනීම. කොයි තරම් මිල ඉහළ ගියත් මිනිස්සු වාහනයක් ගන්න පොරකන බව පෙනෙවා. එ් නිසා ආදායම වැඩිකර ගැනීමට තියෙන හො`දම මාර්ගයක් විදියට රජය මෙය දකිනවා. තවත් කාරණාවක් තමයි පරිසර දෂණය සහ රටේ වාහන තදබදය අවම කිරීම. වාහන වැඩි වෙනවිට එයින් පිටවන විෂ දුම් පරිසරයට වැඩි වැඩියෙන් නිකුත් වෙනවා. එවිට පරිසරය දූෂණය වෙනවා. එ් වගේම අපේ රටේ මහාමාර්ග නිසි කලට පුුළුල් කරන වැඩපිළිවෙළක් නැති නිසා වාහන වැඩි වූ සැණින් තදබදය ඇති වෙනවා. දහවල් කාලයේ දී තමන්ගේ වාහනයකින් කොළඹින් පිටවෙලා ගමට එන්න උත්සාහ කරන සියලූ දෙනාටම මේ අත්දැකීම තියෙනවාට සැකයක් නැහැ. මෑත කාලයේ දී අඩු සිලින්ඩර් ධාරිතාව ඇති වාහනවල මිල ඉහළ දමන්නට රජය තීරණය කළේත් අපේ රටේ වාහන තදබදය පාලනය කිරීමේ අරමුණින් බව මේ වනවිට රජය නිවේදනය කොට තිබෙනවා. එ් වගේම විදේශ විනිමය පිටතට ගලා ගෙන යාම අවම කරන්නටත් වාහනවලට බදු පැනවීමව සිදු වෙනවා. රජය මෑතකදී වාහන හිමියන්ගේ හිත රිදෙන තවත් දෙයක් සිදු කළා. එ් තමයි ගෙදර වාහනයක් තිබේ නම් ආදායම් බදු ගෙවන්න ඕනෑය කියපු කතාව. කොහොම වුණත් පසුව රජයෙන් කීවේ වාහන තියෙන හැමෝම ආදායම් බදු ගෙවන්න ඕනෑ නැති බවයි. මේ කරුණු කාරණා මොකක් වුණත් තමන්ටම කියා වාහනයක් මිලට ගන්නට මිනිසුන් තුළ ඇති හීනය නම් නැති කරලා දමන්න බැහැ.
    සාමාන්‍යයෙන් අපේ රටේ වාහනවලට අධික ලෙස බදු පනවන නිසා වාහනයේ සැබෑ මිලට වඩා වැඩි වටිනාකමක් ගෙවන්න සිදු වෙනවා. අපි උදාහරණ කීපයක් අරන් බලමු. අඩු මිලට හො`ද පෙනුමක් ඇති වාහනයක් මිලට ගන්නට සිහින මවපු අපේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණු මෝටර් රථයක් තමයි ‘රෙනෝල්ට් ක්විඞ්’ කියන්නේ. සාමාන්‍යයෙන් මෙහි මිල ලක්ෂ 22 ක් පමණ වෙනවා. මේ මෝටර් රථය නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ. ඉන්දියානු රුපියල්වලින් මෙහි වටිනාකම 370,000ක් පමණ වෙනවා. එ් මුදල අපේ රටේ මුදලට හැරෙව්වොත් එය රුපියල් 870,000 ක් පමණ වෙනවා. එවිට බදු ලෙස ලක්ෂ 13ක් පමණ ගෙවන්නට සිදු වෙලා තියෙන බව පෙනෙනවා. තවත් විදියකින් කිව්වොත් වාහනයේ සැබෑ වටිනාකමට වඩා දෙගුණයකටත් වඩා බදු ගෙවන්න වෙනවා. ‘සුසිකි ස්විෆ්ට්’ කියන්නෙත් සාමාන්‍ය ආදායමක් ඇති අය මිලට ගන්න කැමති වාහනයක්. වාහන අලෙවි මධ්‍යස්ථානවල මේවායේ ගණන් මිනුම් විවිධ වෙනවා. වාහනය නිෂ්පාදනය කොට ඇති වර්ෂයත් වාහනයේ මිලට බලපාන බව කවුරුත් දන්නා දෙයක්. 2010 වර්ෂයේ නිෂ්පාදිත මේ වර්ගයේ මෝටර් රථයක මිල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 27ක් පමණ වෙනවා. නමුත් මෙය ඉන්දියාවේ දී අලූතින්ම ගන්නවා නම් මිල ඉන්දියානු රුපියල් උපරිම වශයෙන් ලක්ෂ 8ක් පමණ වෙනවා. එ් මුදල අපේ රටේ දී රුපියල් ලක්ෂ 18ක් පමණ මුදලක්. එ් කියන්නේ අපි බදු විදියට රුපියල් ලක්ෂ 9ක් විතර ගෙවනවා කියන එකයි.
    ‘සුසුකි වැගන් ආර්’ කියන ජනප‍්‍රිය මෝටර් රථය අපේ රටේ එක්තරා කල්බදු සමාගමක් හරහා ගන්නා විට රුපියල් ලක්ෂ 35ක් පමණ වන බව පැවැසෙනවා. මෙය නිෂ්පාදනය කරන ඉන්දියාවේ මෙහි මිල උපරිම වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 6ක් පමණ වෙනවා. එය අපේ රටේ මුදලින් රුපියල් ලක්ෂ 14ක් පමණයි. අපේ රටේ දී බදු වශයෙන් පමණක් ලක්ෂ 21ක් පමණ ගෙවනවා. එ් කියන්නේ වාහනයේ සැබෑ වටිනාකම මෙන් දෙගුණයකටත් වඩා වැඩි බද්දක් නොගෙවා වාහනයක් හිමි කරගන්නට බැහැ. හො`දම දේ ඉන්දියාවේ පදිංචි වෙන එක කියලා ඔබට සිතෙන්නටත් පුළුවන්.
    ‘මරුති ඇල්ටෝ’ කියන්නේත් වාහනයක් ගැන සිහින මවන අය අතර ජනප‍්‍රිය තවත් නමක්. අපේ රටේ මෙහි මිල ලක්ෂ 20ක් පමණ වෙනවා. මේ වාහනය නිෂ්පාදනය කරන්නෙත් ඉන්දියාවේ. එහි මෙහි මිල උපරිම වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ හතර ඉක්මවා යන්නේ නැහැ. අපට එ් මුදලටම අපේ රටේ දී මේ මෝටර් රථය මිලට ගන්නට පුළුවන් නම් අප සොයා ගත යුතු වන්නේ රුපියල් ලක්‍ෂ 9 - 10 ත් මුදලක් පමණයි.
    මුදල් යහමින් තියෙන අය බොහෝ විට සොයන්නේ ජපන් වාහන. ජපන් වාහනවලට කැමැත්තක් දක්වන අයගේ ජනප‍්‍රියම නමක් තමයි ‘ටොයොටා ප‍්‍රියස්’ කියන්නේ. ජපානයෙන් මේ වර්ගයේ, වාහනයක් ගන්නා විට මිල ඇමෙරිකානු ඩොලර් 26,700 ක් පමණ වෙනවා. එ් කියන්නේ අපේ රටේ මුදල්වලින් නම් රුපියල් ලක්ෂ 43ක් පමණ. නමුත් අලෙවියට තිබෙන කලින් පාවිච්චි කළ, 2013 වර්ෂයේ නිෂ්පාදනය කළ පි‍්‍රියස් එකක වටිනකම රුපියල් ලක්ෂ 60ක් පමණ වෙනවා. බදු විදියට ලක්ෂ 17ක් ගෙවන්න සිදු වෙනවා.
    මේ විදියට වාහනවල මිල ගණන් තවත් ඕනෑ තරම් සදහන් කළ හැකියි. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකයෙන්ම අපේ රටේ විතරද වාහනයක් මිලට අරන් පාවිච්චි කරන්න මේ තරම් දුෂ්කර කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. වාහනයක් පාවිච්චි කරන්න අපට වඩා දුෂ්කර රටවල් ගණනාවක්ම ලෝකයේ තියෙනවා. උදහරණයක් විදියට ගත්තොත් උතුරු කොරියාවේ නම් වාහනයක් ගන්නවා කියන එක හීනයක්ම විතරයි. පාලක පක්ෂයේ ඉහළ තනතුරක ඉන්න කෙනෙකුට මිලට ගන්න ලැබෙන්නෙත් බාල වර්ගයේ උතුරු කොරියානු නිෂ්පාදනයක් පමණයි. කියුබාව කියන්නෙත් අධික වාහන මිලක් ඇති රටක් 2011 වසරේ දී එහි යම්තාක් දුරකට නිදහස් වෙළෙදපොළක් ඇති කළත්, අලූත් වාහන සදහා එ්කාධිකාරය තවමත් පවතින්නේ රජය යටතේ. එහි ‘පර්ජෝ 508’ කියන මෝටර් රථයේ මිල ඇමෙරිකානු ඩොලර් 262,000ක් වෙනවා. නමුත් එහි ජාත්‍යන්තර මිල ඇමෙරිකානු ඩොලර් 43,250ක් වනවා. එවැනි වාහනයක් මිලට ගන්න කියුබානුවකුට ගෙවන්න සිද්ධ වෙන බදු මුදල පමණක් ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ දහඅටදහසක් පමණ වෙනවා.
    යුරෝපයේ රටවල් අතරින් වාහනවල මිල අධිකතම රටක් තමයි එක්සත් රාජධානිය කියන්නේ. බ‍්‍රසීලයත් වාහන මිල අධික රටක්. චීනයේ වාහන නිෂ්පාදනය කළත්, එහි වාහනවල මිල අධික බව පැවැසෙනවා. ‘අවුඩි 6 2.4’ වාහනයක ජාත්‍යන්තර මිල ඇමෙරිකානු ඩොලර් 7,600 - 10,700 ක් අතර පැවැතියත් චීනයේ දී මේ වර්ගයේ මෝටර් රථයක් ස`දහා ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 62,000 ක් පමණ වෙනවා. එයට හේතුව චීන මෝටර් රථ ස`දහා ඇති වෙළෙ`දපොළ රැකගැනීම බවයි දැනගන්නට ලැබෙන්නේ. නමුත් බොහෝ චීන මෝටර් රථ ගුණත්වයෙන් එතරම් යහපත් නොවන නිසා ආනයන කළ වාහනයක් හිමි කරගැනීමට බොහෝ චීන ජාතිකයන් කැමැත්තෙන් සිටිනවා.
    මෝටර් රථ නිෂ්පාදනය කරන රටවල් අතින් අඩුම මිල ගණන් යටතේ වාහන මිලට ගත හැකි ප‍්‍රමුඛ පෙළේ රටවල් දෙකක් වන්නේ ඉන්දියාව සහ ජපානයයි.
    කෙහොම වුණත්, වාහන වෙළෙදපොළ යනු රජයේ බදු ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා ගතහැකි මාර්ගයක් නිසාත්, බදු ප‍්‍රමාණය අඩුකිරීමෙන් අපේ රටේ මාර්ගවල වාහන සංඛ්‍යාව ඉහළ ගොස් මාර්ග තදබදය ඇති විය හැකි නිසාත්, පෙනෙන තෙක් මානයක දී නම් අපේ රටේ වාහනවල මිල අඩුවීමක් ගැන අනාවැකි පවසන්නට හැකියාවක් නැහැ. එ් නිසා අලූතින් වාහනයක් මිලට ගන්නට සිහින මවන ඔබටත්, මටත් අප හැමෝටමත් සිදුවන්නේ අප, අප ගැනම අනුකම්පා කොට පොදු ප‍්‍රවාහනයෙන් ගමන් බිමන් යාම පමණයි.

    නිරංජන් චාමින්ද කරුණාතිලක
     
    Last edited:
    • Like
    Reactions: rusiyanuwa

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ උන්ට ඔවා වෙන රටවල වාහාන වල ගනන් කිවුවොත් , කියන එකා අමු බොරු කාරයෙක් පිස්සෙක් කියලා හිතන්නෙ :lol:
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලන්කාවෙ උන්ට ඔවා වෙන රටවල වාහාන වල ගනන් කිවුවොත් , කියන එකා අමු බොරු කාරයෙක් පිස්සෙක් කියලා හිතන්නෙ :lol:

    එච්චරට වෙනස්:eek::eek::eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එච්චරට වෙනස්:eek::eek::eek:

    පිලිගන්නෙ නැ බන් , දැනුම නැ වහාන වල ඇත්ත ගනන් දන්නෙ නැ වාහාන හදන company වෙබ් සයිට් එකට ගිහිල්ලා ගනන් බලන්නෙ නැ, අනිත් එක ලන්කාවෙ අලුත් වගෙ විකුනන්නෙ පාවිච්චි කරපු එවා කියලා වත් පිලිගන්නෙ නැ දන්නෙත් නැ හිතෙ ලොකු කමයි ශො එකයි තමයි මුලික දෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ :baffled:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඇයි සින්ගප්පූරුව. එහෙත් පට්ට ගනන් වාහන. මම හිතන්නෙ මෙහෙටත් වඩා වැඩී.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය වාහන ගනන් කියන රටවල් වල ඒක පුද්ගල ආදායම,පබ්ලික් ට්‍රාන්ස්පෝට් වල තත්වයත් පොඩ්ඩක් දාන්න.එතකොට කම්පෙයා කරලා බලන්න ලේසියි
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    වාහනයක් ගන්න හීන මවන අහිංසක මිනිස්සුන්ට කෙලවන්නෙත් උන්ගෙම එවුන්ම තමයි. මස් කට්ටක් දුන්නම ඕන එකක්.........................ලොන්ත වේස බල්ලො.:rofl::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    වාහනයක් ගන්න හීන මවන අහිංසක මිනිස්සුන්ට කෙලවන්නෙත් උන්ගෙම එවුන්ම තමයි. මස් කට්ටක් දුන්නම ඕන එකක්.........................ලොන්ත වේස බල්ලො.:rofl::P

    ow. ara ekek kivve mama gatta. dan wadi kalata awlak na traffic wadi nisa kiyala. :growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔය වාහන ගනන් කියන රටවල් වල ඒක පුද්ගල ආදායම,පබ්ලික් ට්‍රාන්ස්පෝට් වල තත්වයත් පොඩ්ඩක් දාන්න.එතකොට කම්පෙයා කරලා බලන්න ලේසියි

    UK, Singapore ehema average salaries wadi ban godak.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ලන්කාවෙ උන්ට ඔවා වෙන රටවල වාහාන වල ගනන් කිවුවොත් , කියන එකා අමු බොරු කාරයෙක් පිස්සෙක් කියලා හිතන්නෙ :lol:

    doopath maanasikathwaya
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඇයි සින්ගප්පූරුව. එහෙත් පට්ට ගනන් වාහන. මම හිතන්නෙ මෙහෙටත් වඩා වැඩී.

    singapore wala podu prawahana sewaya lankawata wada diwunui. singapore vishalathwayen lankawata wada podi ratak.

    singapuruwe wishalathwaya 719.9 km²

    sri lankawe wishalathwaya 65,610 km²

    Sri Lankawa Singapuruwata wada 92 Times Wishalai

    https://mapfight.appspot.com/lk-vs-sg/sri-lanka-singapore-size-comparison

    Singapore wala jana ganathwayath lankawata wada wadi.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    singapore wala podu prawahana sewaya lankawata wada diwunui. singapore vishalathwayen lankawata podi ratak.

    singapuruwe wishalathwaya 719.9 km²

    sri lankawe wishalathwaya 65,610 km²

    Sri Lankawa Singapuruwata wada 92 Times Wishalai

    https://mapfight.appspot.com/lk-vs-sg/sri-lanka-singapore-size-comparison

    Singapore wala jana ganathwayath lankawata wada wadi.

    machan oawa nemei methana baluwe waahana wala mila gana witharane

    Anika lankawata wada loku jana ganathwaya adu ratawal thiyenawa wahana ganan adu. Anika indiawe waahala laaba unaata public transport godaak ma hondayi kiyanna bahane.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මටත් අප හැමෝටමත් සිදුවන්නේ අප, අප ගැනම අනුකම්පා කොට පොදු ප‍්‍රවාහනයෙන් ගමන් බිමන් යාම පමණයි.
    අනේ පව්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය වාහන ගනන් කියන රටවල් වල ඒක පුද්ගල ආදායම,පබ්ලික් ට්‍රාන්ස්පෝට් වල තත්වයත් පොඩ්ඩක් දාන්න.එතකොට කම්පෙයා කරලා බලන්න ලේසියි

    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    එතෙර රටවල වාහන වෙළෙඳපොළ ගැනත් දැන ගමු

    vahana.jpg
    තනිකඩව ජීවත් වෙන කාලේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යන්න මිලට ගන්න වාහනයක් තමයි යතුරු පැදිය කියන්නේ. ලොකු මුදලක් වැය නොකර යතුරු පැදියක් පහසුවෙන් මිලට ගන්නට පුළුවන්. කොහොම වුණත් පවුල් පන්සල් වෙලා දෙන්නා තුන්දෙනා හතර දෙනා වෙද්දී යතුරු පැදියකින් ගමන් බිමන් යන එක හරියන්නේ නැහැ කියලා දැනෙන්න පටන් ගන්නවා. මේ වගේ කාලයක් උදාවුණාම බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි, ”දැන් නම් රෝද හතරකට යන්න කාලේ හරි” කියන එක. අවශ්‍යතාව රෝද හතරක් වුණත් එ්කට යන්න තියෙන පාර යතුරු පැදියකට යන්න තියෙන පාරට වඩා වෙනස්. දුෂ්කරයි. එයට හේතුව අපේ රටේ රෝද හතරක්, එහෙමත් නැත්නම් කාර් එකක් ගන්නවා කියන එක සාමාන්‍ය පුද්ගලයකුට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙන නිසයි. දැනට සතියකට විතර කලින් අඩු එන්ජින් ධාරිතාව තියෙන වාහන සදහා (1000ට අඩු) වූ බද්ද ද සෑහෙන ප‍්‍රමාණයකින් ඉහළ ගියා. එ් නිසා අඩු මිලකට, පාවිච්චි කළ කාර් එකක් ගන්නවා කියන එකත් බොහෝ දෙනෙකුට සිහිනයක් බවට පත් වෙලා. හතර වටේට ණය වෙලා වාහනයක් ගත්තත්, ඉන් පස්සේ එය නඩත්තු කරන්න මාසයකට සෑහෙන මුදලක් වෙන් කරන්නත් වෙනවා. මේ නිසා ඇතැම් අය වාහනයක් අරන් නිවස අලංකාර වනසේ එය නවතා තිබෙනවා හැර වෙනත් කිසිවක් කරන්නේ නැහැ.
    වාහනයක් හිමි කරගන්නා විට ඇතැම් අය එය සිදු කරන්නේ ව්‍යාපාරික අදහසකුත් හිිතේ තියාගෙන. ඇතැම් ජපන් වාහනවල වෙළෙ`දපොළ මිල බොහෝ විට අනාගතයේ දී වැඩි වන බව දන්නා ඇතැමුන් එවැන්නක් අඩු මිලට ගන්නට හැකියාව තිබියදී මිලට ගන්නවා. පසුව එහි මිල වැඩි වූ විට වැඩි මිලකට විකුණා ලාභයක් උපයා ගන්නවා. මේ ආකාරයට ‘බයින් ඇන්ඞ් සෙලින්’ අදහස හිතේ තියාගෙන වාහන ගන්න අයත් ඉන්නවා. එ් වගේම අලූත් වාහන මෝස්තර එන කොට පරණ වාහනය ලාබ ඇතිව හෝ නැතිව විකුණා දමා අලූත් වාහනයක් ගන්න පුරුදු වුණු අයත් ඉන්නවා. තවත් අය ජීවිත කාලයටම කියලා එක වාහනයක් අරගෙන එ්ක පාවිච්චි කරනවා. නැවත නැවත විකුණන්න පුරුදු වුණු අය වැඩි වශයෙන්ම ගන්නේ ජපන් වාහන. නමුත් ඉන්දියන් වාහන එක්ක මේ සෙල්ලම කරන්න ටිකක් අමාරුයි. මොකද එ්වායේ වෙළෙ`දපොළ වටිනාකම බොහෝ විට දවසින් දවස අඩු වෙන නිසා.
    අපේ රටට ගෙන්වන වාහනවලට අධික විදියට බදු ගහන්නේ ඇයි කියන එක ගැන හොයා බැලූවොත් එ්කට හේතු කීපයක්ම තියෙන බව පෙනෙනවා. එකක් තමයි රජයට ලැබෙන බදු ආදායම වැඩිකරගැනීම. කොයි තරම් මිල ඉහළ ගියත් මිනිස්සු වාහනයක් ගන්න පොරකන බව පෙනෙවා. එ් නිසා ආදායම වැඩිකර ගැනීමට තියෙන හො`දම මාර්ගයක් විදියට රජය මෙය දකිනවා. තවත් කාරණාවක් තමයි පරිසර දෂණය සහ රටේ වාහන තදබදය අවම කිරීම. වාහන වැඩි වෙනවිට එයින් පිටවන විෂ දුම් පරිසරයට වැඩි වැඩියෙන් නිකුත් වෙනවා. එවිට පරිසරය දූෂණය වෙනවා. එ් වගේම අපේ රටේ මහාමාර්ග නිසි කලට පුුළුල් කරන වැඩපිළිවෙළක් නැති නිසා වාහන වැඩි වූ සැණින් තදබදය ඇති වෙනවා. දහවල් කාලයේ දී තමන්ගේ වාහනයකින් කොළඹින් පිටවෙලා ගමට එන්න උත්සාහ කරන සියලූ දෙනාටම මේ අත්දැකීම තියෙනවාට සැකයක් නැහැ. මෑත කාලයේ දී අඩු සිලින්ඩර් ධාරිතාව ඇති වාහනවල මිල ඉහළ දමන්නට රජය තීරණය කළේත් අපේ රටේ වාහන තදබදය පාලනය කිරීමේ අරමුණින් බව මේ වනවිට රජය නිවේදනය කොට තිබෙනවා. එ් වගේම විදේශ විනිමය පිටතට ගලා ගෙන යාම අවම කරන්නටත් වාහනවලට බදු පැනවීමව සිදු වෙනවා. රජය මෑතකදී වාහන හිමියන්ගේ හිත රිදෙන තවත් දෙයක් සිදු කළා. එ් තමයි ගෙදර වාහනයක් තිබේ නම් ආදායම් බදු ගෙවන්න ඕනෑය කියපු කතාව. කොහොම වුණත් පසුව රජයෙන් කීවේ වාහන තියෙන හැමෝම ආදායම් බදු ගෙවන්න ඕනෑ නැති බවයි. මේ කරුණු කාරණා මොකක් වුණත් තමන්ටම කියා වාහනයක් මිලට ගන්නට මිනිසුන් තුළ ඇති හීනය නම් නැති කරලා දමන්න බැහැ.
    සාමාන්‍යයෙන් අපේ රටේ වාහනවලට අධික ලෙස බදු පනවන නිසා වාහනයේ සැබෑ මිලට වඩා වැඩි වටිනාකමක් ගෙවන්න සිදු වෙනවා. අපි උදාහරණ කීපයක් අරන් බලමු. අඩු මිලට හො`ද පෙනුමක් ඇති වාහනයක් මිලට ගන්නට සිහින මවපු අපේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණු මෝටර් රථයක් තමයි 1.‘රෙනෝල්ට් ක්විඞ්’ කියන්නේ. සාමාන්‍යයෙන් මෙහි මිල ලක්ෂ 22 ක් පමණ වෙනවා. මේ මෝටර් රථය නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ. ඉන්දියානු රුපියල්වලින් මෙහි වටිනාකම 370,000ක් පමණ වෙනවා. එ් මුදල අපේ රටේ මුදලට හැරෙව්වොත් එය රුපියල් 870,000 ක් පමණ වෙනවා. එවිට බදු ලෙස ලක්ෂ 13ක් පමණ ගෙවන්නට සිදු වෙලා තියෙන බව පෙනෙනවා. තවත් විදියකින් කිව්වොත් වාහනයේ සැබෑ වටිනාකමට වඩා දෙගුණයකටත් වඩා බදු ගෙවන්න වෙනවා. 2.‘සුසිකි ස්විෆ්ට්’ කියන්නෙත් සාමාන්‍ය ආදායමක් ඇති අය මිලට ගන්න කැමති වාහනයක්. වාහන අලෙවි මධ්‍යස්ථානවල මේවායේ ගණන් මිනුම් විවිධ වෙනවා. වාහනය නිෂ්පාදනය කොට ඇති වර්ෂයත් වාහනයේ මිලට බලපාන බව කවුරුත් දන්නා දෙයක්. 2010 වර්ෂයේ නිෂ්පාදිත මේ වර්ගයේ මෝටර් රථයක මිල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 27ක් පමණ වෙනවා. නමුත් මෙය ඉන්දියාවේ දී අලූතින්ම ගන්නවා නම් මිල ඉන්දියානු රුපියල් උපරිම වශයෙන් ලක්ෂ 8ක් පමණ වෙනවා. එ් මුදල අපේ රටේ දී රුපියල් ලක්ෂ 18ක් පමණ මුදලක්. එ් කියන්නේ අපි බදු විදියට රුපියල් ලක්ෂ 9ක් විතර ගෙවනවා කියන එකයි.
    3.‘සුසුකි වැගන් ආර්’ කියන ජනප‍්‍රිය මෝටර් රථය අපේ රටේ එක්තරා කල්බදු සමාගමක් හරහා ගන්නා විට රුපියල් ලක්ෂ 35ක් පමණ වන බව පැවැසෙනවා. මෙය නිෂ්පාදනය කරන ඉන්දියාවේ මෙහි මිල උපරිම වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 6ක් පමණ වෙනවා. එය අපේ රටේ මුදලින් රුපියල් ලක්ෂ 14ක් පමණයි. අපේ රටේ දී බදු වශයෙන් පමණක් ලක්ෂ 21ක් පමණ ගෙවනවා. එ් කියන්නේ වාහනයේ සැබෑ වටිනාකම මෙන් දෙගුණයකටත් වඩා වැඩි බද්දක් නොගෙවා වාහනයක් හිමි කරගන්නට බැහැ. හො`දම දේ ඉන්දියාවේ පදිංචි වෙන එක කියලා ඔබට සිතෙන්නටත් පුළුවන්.
    ‘මරුති ඇල්ටෝ’ කියන්නේත් වාහනයක් ගැන සිහින මවන අය අතර ජනප‍්‍රිය තවත් නමක්. අපේ රටේ මෙහි මිල ලක්ෂ 20ක් පමණ වෙනවා. මේ වාහනය නිෂ්පාදනය කරන්නෙත් ඉන්දියාවේ. එහි මෙහි මිල උපරිම වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ හතර ඉක්මවා යන්නේ නැහැ. අපට එ් මුදලටම අපේ රටේ දී මේ මෝටර් රථය මිලට ගන්නට පුළුවන් නම් අප සොයා ගත යුතු වන්නේ රුපියල් ලක්‍ෂ 9 - 10 ත් මුදලක් පමණයි.
    මුදල් යහමින් තියෙන අය බොහෝ විට සොයන්නේ ජපන් වාහන. ජපන් වාහනවලට කැමැත්තක් දක්වන අයගේ ජනප‍්‍රියම නමක් තමයි 4.‘ටොයොටා ප‍්‍රියස්’ කියන්නේ. ජපානයෙන් මේ වර්ගයේ, වාහනයක් ගන්නා විට මිල ඇමෙරිකානු ඩොලර් 26,700 ක් පමණ වෙනවා. එ් කියන්නේ අපේ රටේ මුදල්වලින් නම් රුපියල් ලක්ෂ 43ක් පමණ. නමුත් අලෙවියට තිබෙන කලින් පාවිච්චි කළ, 2013 වර්ෂයේ නිෂ්පාදනය කළ පි‍්‍රියස් එකක වටිනකම රුපියල් ලක්ෂ 60ක් පමණ වෙනවා. බදු විදියට ලක්ෂ 17ක් ගෙවන්න සිදු වෙනවා.
    මේ විදියට වාහනවල මිල ගණන් තවත් ඕනෑ තරම් සදහන් කළ හැකියි. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකයෙන්ම අපේ රටේ විතරද වාහනයක් මිලට අරන් පාවිච්චි කරන්න මේ තරම් දුෂ්කර කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. වාහනයක් පාවිච්චි කරන්න අපට වඩා දුෂ්කර රටවල් ගණනාවක්ම ලෝකයේ තියෙනවා. උදහරණයක් විදියට ගත්තොත් උතුරු කොරියාවේ නම් වාහනයක් ගන්නවා කියන එක හීනයක්ම විතරයි. පාලක පක්ෂයේ ඉහළ තනතුරක ඉන්න කෙනෙකුට මිලට ගන්න ලැබෙන්නෙත් බාල වර්ගයේ උතුරු කොරියානු නිෂ්පාදනයක් පමණයි. කියුබාව කියන්නෙත් අධික වාහන මිලක් ඇති රටක් 2011 වසරේ දී එහි යම්තාක් දුරකට නිදහස් වෙළෙදපොළක් ඇති කළත්, අලූත් වාහන සදහා එ්කාධිකාරය තවමත් පවතින්නේ රජය යටතේ. එහි ‘පර්ජෝ 508’ කියන මෝටර් රථයේ මිල ඇමෙරිකානු ඩොලර් 262,000ක් වෙනවා. නමුත් එහි ජාත්‍යන්තර මිල ඇමෙරිකානු ඩොලර් 43,250ක් වනවා. එවැනි වාහනයක් මිලට ගන්න කියුබානුවකුට ගෙවන්න සිද්ධ වෙන බදු මුදල පමණක් ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ දහඅටදහසක් පමණ වෙනවා.
    යුරෝපයේ රටවල් අතරින් වාහනවල මිල අධිකතම රටක් තමයි එක්සත් රාජධානිය කියන්නේ. බ‍්‍රසීලයත් වාහන මිල අධික රටක්. චීනයේ වාහන නිෂ්පාදනය කළත්, එහි වාහනවල මිල අධික බව පැවැසෙනවා. ‘අවුඩි 6 2.4’ වාහනයක ජාත්‍යන්තර මිල ඇමෙරිකානු ඩොලර් 7,600 - 10,700 ක් අතර පැවැතියත් චීනයේ දී මේ වර්ගයේ මෝටර් රථයක් ස`දහා ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 62,000 ක් පමණ වෙනවා. එයට හේතුව චීන මෝටර් රථ ස`දහා ඇති වෙළෙ`දපොළ රැකගැනීම බවයි දැනගන්නට ලැබෙන්නේ. නමුත් බොහෝ චීන මෝටර් රථ ගුණත්වයෙන් එතරම් යහපත් නොවන නිසා ආනයන කළ වාහනයක් හිමි කරගැනීමට බොහෝ චීන ජාතිකයන් කැමැත්තෙන් සිටිනවා.
    මෝටර් රථ නිෂ්පාදනය කරන රටවල් අතින් අඩුම මිල ගණන් යටතේ වාහන මිලට ගත හැකි ප‍්‍රමුඛ පෙළේ රටවල් දෙකක් වන්නේ ඉන්දියාව සහ ජපානයයි.
    කෙහොම වුණත්, වාහන වෙළෙදපොළ යනු රජයේ බදු ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා ගතහැකි මාර්ගයක් නිසාත්, බදු ප‍්‍රමාණය අඩුකිරීමෙන් අපේ රටේ මාර්ගවල වාහන සංඛ්‍යාව ඉහළ ගොස් මාර්ග තදබදය ඇති විය හැකි නිසාත්, පෙනෙන තෙක් මානයක දී නම් අපේ රටේ වාහනවල මිල අඩුවීමක් ගැන අනාවැකි පවසන්නට හැකියාවක් නැහැ. එ් නිසා අලූතින් වාහනයක් මිලට ගන්නට සිහින මවන ඔබටත්, මටත් අප හැමෝටමත් සිදුවන්නේ අප, අප ගැනම අනුකම්පා කොට පොදු ප‍්‍රවාහනයෙන් ගමන් බිමන් යාම පමණයි.

    නිරංජන් චාමින්ද කරුණාතිලක

    කියවද්දි ඇඩුනා කියහන්කෝ. . මූට මුලින් වාහන වල ටැක්ස් ගැන කියලා දීලා ඉන්න වෙනවා. . වාහන වර්ග නිශ්පාදිත රට දන්නෙත් නෑ. . යුසඩ් වාහන ගොන් විදියට සන්සන්දනය කරලා ටැක්ස් හොයන් තියෙන්නේ. .

    1. මේකේ කලින් ටැක්ස් එක ලක්ශ 14යි අලුත් ටැක්ස් එක ලක්ශ 15යි. . බදු ගැන කියද්දි ඒ රටේ මිලයි මේ රටේ මිලයි සන්සන්දනය නොකර කෙලින්ම ටැක්ස් එක හොයන් කියන්න ඕනා. .

    2. පරන වාහනයකින් දැන් පවතින ටැක්ස් එක හොයන්න බෑ. . මෙහිද ටැක්ස් එක ලක්ශ 15ක් වෙනවා. .

    3. මේක සම්පූර්නම වැරදි කතාවක්. . ලක්ශ 35ක් වුනේ ජපන් වැගන් ආර් එක. . ඒකේ ටැක්ස් එක කලින් 825000යි දැන් 1250000යි. .

    4. ඒ දවස්වල බද්දයි දැන් බද්දයි සම්පූර්නෙන්ම වෙනස්. . ප්‍රියස් එකක බද්ද විතරක් ලක්ශ 81ක් වෙනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අනිත් දේ ඉන්දියාව චීනේ වගේ රටවල තමන්ගේ වාහන නිශ්පාදනය කරන නිසා වෙන රටවලින් වහන ආනයන කරද්දි ලොකු ටැක්ස් එකක් ගහනවා. . ඒ තමන්ගේ වාහන රැකගන්න. .
    සින්ගප්පුරුවේ ටැක්ස් වැඩි රට පොඩි නිසා. .

    ඒ මොන ලබ්බක් වත් නැති ලංකාවේ ටැක්ස් ගහන්නේ ආන්ඩුවට හම්බකරගන්නයි, පාරවල් ලොකුකරලා හදාගන්න බැරි නොහැකියාවයි නිසා. .
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    මගේ දැනුමෙනුත් එලකිරිවාසින්ට යමක් කියන්න ඕන කියල හිතුන නිසා මේ comment එක දානවා.

    ඉන්දියාව ගැන කියල තිබුනන්නේ... මටත් ඉන්දියාවට කීපවතාවක් යන්න අවස්ථාව හම්බුනා office එකෙන්...

    හිතාගෙන ගියේ ලංකාවට වැඩ පට්ට චෝර රටක් කියල... එත් එහෙම නැ... උන් පට්ට දියුණුයි...

    අපේ පාරවල් වල වැහි වහල තියෙන alto, nano, indigo ,kwid වගේ වහනයක් දෙකකේ කලාතුරකින් මචන්ලා... ඔක්කොම තියෙන්නේ හොද වාහන... Toyota, Mitsubishi බ්‍රෑන්ඩ්

    තව Renault ලගේ Duster කියල මොඩෙල් එකක් තිබුන ගොඩක් තැන වල... ටොයෝට වාහන හැබැයි මෙහෙ තියෙන ඒවා නෙමේ දැක්කේ... ඔක්කොම indian version. හැම company එකකම වගේ ප්ලන්ට්ස් දාල තියන්නේ එහෙ ( Even BMW)

    උන් අර වගේ තුට්ටු දෙකේ වාහන ගහන්නේ අපි වගේ හිගන රටවල් වලට. එහෙ උන් පුදුම උන alto එකක ලංකාවේ price එක අහල....

    තව දෙයක්....
    අපේ පාරවල් වල තියෙන තුට්ටු දෙකේ layland bus එහෙ නැහැ... හොද quality & comfortable බස් තියන්නේ.... අපේ වගේ පටවල යන්නෙත් නැ... :(

    පාරවලුත් ගොඩක් හොදයි. එත් traffic wadei. but population eke hatiyata ok.
    ගොඩක් තියෙනවා elevated roads (පාරක් උඩ පාරක් ගහල ) - ලංකාවේ තව අවුරුදු 50 ටවත් හැදෙයි කියල හිතන්න බැරි.....:sorry:

    මම main areas 4 ක වගේ ඉදල තියෙනවා.. ඕක තම තත්වය... අපි හිතන් ඉන්න විදිහට චෝර නැ උන්... දියුනුඉ ගොඩක් පැති ලංකාවට වැඩ.....

    අපි එතින් මෝඩයෝ වගේ චන්දෙ දදා බලන් ඉමු miracle එකක් වෙනකම්...
    අන්තීමට දන්නෙත් නැතුවම වයසට ගිහින්..... :(:(:(
     
    Similar threads