මට ලොකු gratitude එකක් තියනවා අපේ පරණ මිනිස්සු ගැන මචං, ඒ මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් බදු ගෙව්ව නිසා, පාරවල්, බලාගාර, විශ්ව විද්යාල හැමදේම හැදිලා තියෙන්නෙ, ඒ නිසා තමයි අපි දැන් ඒවගේ ප්රතිඵල ගන්නෙ, නොමිලේ ඉගෙන ගන්නෙත් අපේම මිනිස්සු මුං ඇටේට පවා ගෙවන බදු නිසා!
ඒ නිසයි ඒවා හොරා කන උන් එක්ක මට තරහක් තියෙන්නෙත්, මේ කාලේ වැඩ කරන මිනිස්සු තමයි අනාගතේ උන්ට ඵල නෙලන්න දේවල් කරන්නෙ
උබ ලංකාවේ කැම්පස් එක්කින් නොමිලේ උපාධියක් ගන්නවා කියන්නෙ අර පරිප්පු ඇටේ ඉදලා ගෙවන මිනිස්සුන්ට ණයයි කියන එක, ඒකට ආපස්සට ගෙවන්න නම් දෙයක් රටට කරන්න ඕනි, නැතුව පොර වෙන්න ඔය පට්ටම් ඉස්සරහට දාගන හිටියට වැඩක් නෑ,
මොනා උනත් ලංකාවෙ පරණ මිනිස්සුන්ට gratitude එක දෙන්න ඕනි