එදා අත දුන්නානමි..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    # ඔබේ දැනුමට #

    එදා අත දුන්නානමි.. ලංකාවෙන් පිටට වාහන අපනයනය කරන්නත් තිබුනා. ලංකාවෙි ප්‍රථම ට්‍රක් රථය.. ' ලංකානී '

    ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි,
    මේ තමයි ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ට්‍රක් එක. මෙය හැදුවේ මොරටුවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 1975----1976 වගේ කාලයේදි ය.මා දාන්නා තරමින් මේ සදහා දායක වුනා ....

    Mr.Brekwek(germany),director of C.G.T. T. I., Mr. Gunathilaka, Mr. Piyasena, Mr. Mahindharathna, Mr. Peiris, Mr. Patrick Mendis,

    සහ,මාගේ කාලයේ ආධුනිකයන්ව සිටි හයදෙනෙකුත්,සහ තවත් බොහෝ දෙනා.මෙය හදනවිටත් නොයෙක් ගැටලු එන්න ඇති.බලපත්‍ර ගැනීමේදි,.කෙසේ වෙතත් හරි අපූරු අත්දැකීම් සම්භාරයක් ලබමින් අපි මෙය හැදුව .

    මංගල ගමන ගියේ ආදිවාසී නායක තිසාහාමි මහතාගේ ගෙදරට.කැලේ මදින් ඇල දොල හරහා ගිය මේ ගමනට යන්න මටත් වාසනාව ලැබුන .Mr. Brekwek උපරිම උත්සාහ කරා චෙසිය කඩාදමන්න, ඒත් කිසිම හානියක් වුනේ නෑ.මොකද මේ ගියේ testrun එකක් නිසා.වාහනයට නම තිබ්බේ Mr. Sidni. නම තමයි ලංකානි .ලංකා කාර්මික නිශ්පාදන,ලංකානි චෙසිය නැව්වේ වේරහැර මධ්‍යම වැඩපල. චෙසිය ජොයින්ට් වෙන වෙල්ඩින් පාර ගැහුවේ Mr Mahindharathna, ඉතින් මෙවැනි වාහන තුනක් අපි හැදුව .එන්ජින් ඩිෆරන්සල් ,වොල්ක්ස්වොගන් සමාගමේ පරිත්‍යාග .සෑහෙන කාලයක් මෙම වාහන තුන පාවිච්චි කරා.

    සෑහෙන කාලයකට පස්සෙ මම මගේ බිරිදත් දරුවනුත් කැටුව ගියා c.g.t.t.i. එකේ තිබුනු ප්‍රදර්ශනයක් බලන්න .බොහොම උජාරුවෙන් අපි හදපු වාහන පෙන්නන්න.පේන්න නොතිබුන නිසා මම අහල බැලුවම දැනගන්න ලැබුන ඒව පරන යකඩවලට විකුනූ බව.එවෙලෙ මගේ හදවත කඩාගෙන වැටුන .අපේ ඉතිහාසය පරන යකඩ වලට විකුනල .

    මෙම ලිපිය සකස් කිරීමේදී යම් අතපසුවීමක් වී ඇත්නම් සමාවන්න .මෙම සිදුවීම අවුරුදු 45ක් පැරනි නිසා .මගේ කන්ඩායමේ හයදෙනාගෙන් තිදෙනෙකුත් මේ වනවිට අවසන් ගමන් ගොසිනි....

    උපුටා ගැනීම සරත් සිල්වා මහතාගේ මුහුණු පොතෙන්.

    https://www.facebook.com/story.php?...pT4mjm72vQ1Sjhs4ofHT9V3A9SAsl&mibextid=Nif5oz
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිරිමාවෝ කාලේ ඉවසුවා නම් දැන් කාර් වලින් ස්වයංපෝෂිතයි

    ගෝඨාභය කාලේ ඉවසුවා නම් දැන් කාබනික වගාවෙන් ස්වයංපෝෂිතයි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තව ටික කාලෙකින් Vega ගැනත් මෙහෙම හෑලි ලියවෙයිනෙ. එදා අත දුන්නා නම් ලංකාවෙත් Elon Musk කෙනෙක් බිහිවෙන්න තිබුණා කියලා 😌
     
    • Haha
    Reactions: TechnWeb

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    VEGA ත්‍රීවීල් ඵකක් හදලා අන්න..ඒකත් ඵකක් විතරක් හදල නවත්තයිද දන්නෑ..
     
    • Haha
    Reactions: TechnWeb

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිරිමාවෝ කාලේ ඉවසුවා නම් දැන් කාර් වලින් ස්වයංපෝෂිතයි

    ගෝඨාභය කාලේ ඉවසුවා නම් දැන් කාබනික වගාවෙන් ස්වයංපෝෂිතයි
    මසුරං කියමන
    කාබනික නැතිව.. තෙල් ටිකයි,පොර ටිකයි දුන්නා නම් හාල්, එළවලු විතරක් නෙමේ චිකන්, බිත්තර වගේ දේවලුත් ස්වයංපෝෂිතයි
     
    • Haha
    Reactions: Mr.dark