මගේ තාත්තා අගමැති වෙන්න ඉන්නේ... මම කාටවත් බය නෑ...
Sunday, 24 February 2013 18:33
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත් කල්කුඩා මුහුදු වෙරළේදි නැඟෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයාට පහර දි තිබේ.
අද(24) සවස මෙම පහරදිම සිදුකර ඇති අතර ඒ හේතුවෙන් ඔහු මඩකලපුව රෝහලට ඇතුලත් කර තිබේ. අද සවස නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාගේ බිරිද සහ ඔහුගේ පුත්‍රයා වෙරළේ දිය නාමින් සිට ඇති අතර එම අවස්ථාව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුතා විසින් විඩියෝ කරමින් සිට තිබේ. එහිදි එම අශෝබන ක්‍රියාව ඉවසා ගත නොහැකි වු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතා මේ පිළිබදව ඇමති පුතාගෙන් විමසා තිබේ. එහිදි ඔහු පවසා ඇත්තේ ,.....මගේ තාත්තා මේ රටෙ හෙට අනිද්දා අගමැති වෙන්න ඉන්න කෙනෙක් ....මට ඔනෑ දේ මම කරන්නේ යනුවෙන් පවසා..තිබේ.
කතාව දුරදිග ගොස් ඇති අතර අධික ලෙස මත්පැන් පානය කර සිටි ඇමති පුත්‍රයා සහ ඔහුගේ මිතුරා පසුව නියෝජ්‍ය පොලිස්පතිගේ පුත්‍රයාට දරුණු ලෙස පහරදි තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරිමට උත්සහ දැරුවද පසුව එල්ලවූ බලපෑම් මත අතහැර දමා ඇති අතර සිද්ධිය මාධ්‍යට ලැබිමට තිබුණු අවස්ථා සියල්ලද සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ. ඇමති අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මේ වන විටත් කල්කුඩා ගොස් ඇති අතර සිද්ධිය සම්පුර්ණයෙන් යටගසා පුත්‍රයා බේරා ගැනිමේ මෙහෙයුමක් දියත්වෙමින් පවතින බව ලැබෙන අරංචි මාර්ග පවසයි.
බලේ ලැබෙන්න කලින් මෙහෙම නම් ලැබුනම????????????????????????
Tho wage ponnayek hadanne nathuwa thpe thatha sarame phiyadaganna tibbe. Kade yana ekai, borukiyana ekai unath tikak wadagath widiyata karapan.


