එන්ගලන්තය යූරියා භාවිතාව ලංකාවෙන් ඉගෙනගත යුතුය.......

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එංගලන්තයේ වසරකට ගොවි බිම් වලට රසායනික යූරියා පොහොර මෙට්‍රික් ටොන් දසලක්ෂ 2ක් බාවිතා කරනව
    😳

    ඇත්තටම අපේ ලංකා අණ්ඩුවේ පාලකයන් කියන විදියට නම් යූරියා පොහොර පට්ට වසය, වගාවන් වලට දැම්මොත් වකුගඩු දෙක ලෙප්ට්වෙලා අප්පට සිරිවර්ධන වෙන සීන්එකක් වෙනවලු
    😱

    පහලින් තියෙන පිංතූර දිහා පොඩ්ඩකට බලන්න ,

    271248297_4886307304752856_2028100238188208165_n.jpg

    එංගලන්තයේ සාමාන්‍ය මිනිස්සුන්ට,එනම් පොදු මගී ප්‍රවාහණය සදහා යොදවල තියෙන බස් එකක් සුපිරිම ෆෙරාරි කාර් දෙකකට වඩා වටිනව කියල ඔබ දැන නොසිටින්නට ඇති.
    😳

    රුපියල් වලින් නම් එක් බස් රථයක් කෝටි 15ක් පමණ වේ.
    රටේ යහපත ගැන හිතන,සාමාන්‍ය ජනතාවට සුපිරිම විදියට සලකන රටක් ජනතාවගේ වකුගඩු ලෙප්ට් වෙන වස විස කවයි කියල ඔබ හිතනවද?
    නෑ කොහෙත්ම වෙන්නෙ නෑ.
    එංගලන්තයේ මුළු බිම් ප්‍රමාණයෙන් 65% ක් භාවිතා කරන්නෙ කෘෂි වගාවන් සදහාය.
    ඊට අවශ්‍ය නයිට්‍රජන් පොහොර හෙවත් යූරියා ( නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්) රසායනික පොහොර සෑම වසරකට ටොන් දස ලක්ෂ දෙකක් පසට එකතු කරනව.
    එම රසායනික පොහොර විස වෙලා ජනතාව වකුගඩු රෝගීන් වෙනව කියල එංගලන්තයේ වාර්තා වෙන්නෙ නැත.
    එහෙම සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනව නම් එංගලන්තයේ කිසිම තැනක යුරියා පොහොර බාවිතා කිරීම තහනම් වනු ඇත.
    නයිට්‍රජන් පොහොර විසයි, යූරියා පොහොර මාරයාගෙන් රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ., ජනතාවට පට්ටම Love නිසා තමයි 100% ක් කාබනික පොහොර බාවිතා කරන්න ඕනේ කියල ලංකාවෙ උම්මත්තක පාලකයෝ ගහන බොරු පම්පෝරි ඇහෙද්දී හිනාවෙන්න එක පු#ක් මදිය..
    🤭
    .
    ඒ Love එක වකුගඩු දෙකටත් දරා ගන්න බැරි අප්පට සිරිවර්ධන වෙන දේශප්‍රේමයක්ය...
    🥴

    මම පොඩි සිද්දියක් කියන්නම් ,
    2008 ජුලි මාසයේ එක්තරා දිනකදි ලංඩනයේ මම නැවතිලා හිටපු ගෙදර පිටුපස ඉඩමේ ලොකු කලබලයක් දැක්ක.
    සම්පූර්ණයෙන්ම ඇග අවරණය වන PPE ඇදගෙන දෙන්නෙක් ඇවිත් අඩි දෙක හමාරක් විතර තහඩුවක් වගේ එකක් හොදට පොලිතින් වලින් ඔතාගෙන වහාම ඇරගෙන ගියා. මොකක්ද කියල හොයා බලද්දී,
    ඒ ඉඩමේ කාලෙකට ඉහතින් වැලලිලා ගිය අපි තවමත් ලංකාවෙ වහලවල් වලට දාන ඇස්බැස්ටෝස් තහඩු කෑල්ලක්.
    ඇස්බැස්ටෝස් පිළිකාකාරක නිසා බ්‍ර්තාන්‍ය ‍රජය විසින් 1999 දි තහනම් කරල සම්පූර්ණයෙන්ම ඇස්බස්ටෝස් බාවිතයෙන් ඉවත් කරල තියෙනව. ඇස්බැස්ටෝස් කෑල්ලක් හමුවුනොත් රජයේ හදිසි ඇමතුම් අංශයට දැනුවත් කරාම වහාම
    Control of Substances Hazardous to Health (COSHH) නැමති රජයේ ආයතනයකින් ඇවිත් ආරක්ෂාකාරිව ඉවත් කරනව.
    ඉතින් එහෙම කරන එංගලන්තයේ , යූරියා පොහොර විෂ නම් මෙට්‍රික් ටොන් මිලියන ගණන් පාවිච්චි කරන්න ඉඩදෙයි කියල ඔබ හිතනවද?
    🤔

    ලංකාවෙ හෝ පිටරටක කිසිදු විද්‍යාඥයෙකු යූරියා පොහොර වලින් ලබාගන්න ශාකමය ආහාර මිනිස් ශරීරයට විෂයි කියල කිසිම තැනක කියල නෑ.

    හැබැයි විෂ වල්නශක, කෘමි නාෂක අවභාවිතය නිසා ජලපෝෂක දූෂනය වීම වෙනම කතාවකි.

    අද මේ වනවිට ලංකාවෙ යූරියා පොහොර නොමැතිව ගොවි ජනතාව ලක්ෂ විස්සක් අනාථ වී යන එනමන් නැතිවෙලා ඉන්නව.
    ලංකාවෙ ගොවි ජනතාව තමයි රටේ දුෂ්කරම අමාරුම ජීවිතයක් ගෙවන්නෙ.
    දැන් ඔවුන් තමන්ගෙ අඹු දරුවන්ව පෝෂණය කරන්න බැරිව සිය දිවි හානිකරන්න තරමට මානසිකව වැටිල.
    රටේ ජනතාව ලක්ෂ 220 ක් ඔවුන් සපයන ආහාර මත යැපෙනව.
    මෙහෙම ගියොත් තව මාස කිහිපයකින් ලංකාවෙ සාගතයක් එන එක ස්තීරයි.
    රටේ ඉන්ධන වගේම ඊටත් වඩා වැදගත් වෙන්නෙ ආහාර.
    ණය වෙලා ඉන්ධන ගේනව නම් ඇයි බැරි ණය වෙලා හරි ගොවියන්ට අවශ්‍ය යූරියා පොහොර ටික ගෙනත් දෙන්න.
    දැන් ඉතිං ඇටනම ලක්ෂෙන් දැනට ඉතුරු වෙලා ඉන්න අපේ ඇත්තො ටිපර් වෙන්න එපා.. ඇත්ත තේරුම් අරන් ආණ්ඩුව හරි තීරණයක් ගන්න ඕනේ... අපේ ගොවි බිම්, ගොවිජනතාව රටේ කොදු නාරටිය නිසයි මේ සටහන ලිව්වෙ.
    ස්තූතියි
    🙏

    Suranga Vidanage

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කාට කියන්නද බං..මිනිස්සු අැමරිකාවේ හිටපු ඵකෙක් රටේ ජනපති කරේ ලෝකේ ගැන දෙයක් දන්නව කියල හිතල..බලන් යනකොට ඒ මිනිහ තොත්ත බබෙක්.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113

    UK Government considers total ban on solid urea fertiliser​

    2017-06-27_bus_32345872_I1.JPG

    UK farmers are facing a ban on soild urea fertilisers to prevent what the Government says £1bn in damage to public health due to ammonia emissions.

    It has launched a consultation seeking views on reducing ammonia emissions from solid urea fertilisers used for growing plants and crops.

    Ammonia emissions are harmful to natural habitats and our rivers and lakes, as well as to human health, with 87% of the UK’s ammonia emissions coming from farming.

    The UK Government has committed to reducing ammonia emissions by 8% of 2005 levels by 2020, and a 16% reduction by 2030.

    https://www.independent.ie/business...al-ban-on-solid-urea-fertiliser-39705498.html
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොරු විතරක් කියන්න එපා. මේ පෙරේදා නිව්ස් මහින්දානන්ද කිව්වේ හොද නෑ.
    අනික කාබනික ෆේල් නෑ.. හු කිව්වොත් ගහනවා. හිරුනිකාගේ ගෙදර වැටලුවා කියලා.
    ඒගොල්ලෝ කියන දෙයක් තමා හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    ගූ පෝර භාවිතය ගැන ප්‍රොමෝට් කරලා ටුවරිස්ට්ලව ගෙන්න ගන්න බැරි වෙයිත
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    @jayanathek ට මේ පොහොර ප්‍රශ්නෙ තදින් බලපෑව නේද? මොකද උනේ?
    විසදුමක් නැ බන්....... ඉදිරියට පොහොර ආවත් කිලෝ 50 ක් 18000-20000 ක වගේ මිලක තියෙවි.
     
    • Sad
    Reactions: topkollek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    @jayanathek ට මේ පොහොර ප්‍රශ්නෙ තදින් බලපෑව නේද? මොකද උනේ?
    ඔව් ඕකුන් හෙන අවස්තාවාදී ආත්මාර්තකාමී මිනිස්සු බන්.. චන්ද කාලෙට මොකක් හරි හම්බුනාම ඒපැත්තට ෆුක දෙනවා, දැන් උන්ට අමාරු උනාම හෙන ස්වාදීන මිනිස්සු වෙනවා..

    දේශපාලුවා ආයේ කැරට් අලේ ෆුකේ එබුවම, ආයෙ ඒ පැත්තට ආවඩනවා.. ඕක තමයි සයිකල් එක ඕකුන්ගේ..

    බලපන්, කාගේ හරි පෝස්ට් එකක් අලවන එක තමයි කරන්නේ, එක වචනයක් කියන්නෙ නෑ උන්ගේ හාමුලට විරුද්දව.. අනාත ජීවත
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඕකුන් හෙන අවස්තාවාදී ආත්මාර්තකාමී මිනිස්සු බන්.. චන්ද කාලෙට මොකක් හරි හම්බුනාම ඒපැත්තට ෆුක දෙනවා, දැන් උන්ට අමාරු උනාම හෙන ස්වාදීන මිනිස්සු වෙනවා..

    දේශපාලුවා ආයේ කැරට් අලේ ෆුකේ එබුවම, ආයෙ ඒ පැත්තට ආවඩනවා.. ඕක තමයි සයිකල් එක ඕකුන්ගේ..

    බලපන්, කාගේ හරි පෝස්ට් එකක් අලවන එක තමයි කරන්නේ, එක වචනයක් කියන්නෙ නෑ උන්ගේ හාමුලට විරුද්දව.. අනාත ජීවත
    මෙන්න කඩේ නොයන ස්වාදීන පොරක් ටෝක් දෙනවා.....
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113

    UK Government considers total ban on solid urea fertiliser​

    2017-06-27_bus_32345872_I1.JPG

    UK farmers are facing a ban on soild urea fertilisers to prevent what the Government says £1bn in damage to public health due to ammonia emissions.

    It has launched a consultation seeking views on reducing ammonia emissions from solid urea fertilisers used for growing plants and crops.

    Ammonia emissions are harmful to natural habitats and our rivers and lakes, as well as to human health, with 87% of the UK’s ammonia emissions coming from farming.

    The UK Government has committed to reducing ammonia emissions by 8% of 2005 levels by 2020, and a 16% reduction by 2030.

    https://www.independent.ie/business...al-ban-on-solid-urea-fertiliser-39705498.html
    This is different issue why they banned solid Urea due to AMONIA EMISSION NOT DR PADENIYA'S reasoning and kidney failure.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    SIvpClh.png

    ඉන්දියාවෙන් රුපියල් 300/= විකුණපු නැනෝ යූරියා එක ලංකාවෙදි රුපියල් 1200/= විකුනන්න උනේ ඇයි? @erozan 🖕

    ශෂීන්ද්‍ර රාජපක්ෂ දවසකට කලින් රෙජිස්ටර් කරපු කොම්පැනියකින් පොහොර ගත්තෙ ඇයි? කෙලින්ම ඉන්දියාවෙන් ගන්නෙ නැතුව @erozan 🖕

    ------ Post added on Mar 23, 2022 at 9:38 AM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    හැබැයි උනුත් දැන් යුරියා භාවිතට අඩු කරන්ඩ යනවා නේද?
     
    • Wow
    Reactions: jayanathek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    SIvpClh.png

    ඉන්දියාවෙන් රුපියල් 300/= විකුණපු නැනෝ යූරියා එක ලංකාවෙදි රුපියල් 1200/= විකුනන්න උනේ ඇයි? @erozan 🖕

    ශෂීන්ද්‍ර රාජපක්ෂ දවසකට කලින් රෙජිස්ටර් කරපු කොම්පැනියකින් පොහොර ගත්තෙ ඇයි? කෙලින්ම ඉන්දියාවෙන් ගන්නෙ නැතුව @erozan 🖕

    ------ Post added on Mar 23, 2022 at 9:38 AM
    300 ය 3. ගානෙන් වැඩි කරල ගාන හදාගනින් බන්,

    ඔප්පු කරපන් ඕක ශශේන්ද්‍රගෙ කොම්පැනියක් කියල කයිය විතරනෙ තොපේ අඩුම ගානෙ ලප කොටාලටවත් බැරිද ඔප්පු කරන්ඩ??

    ‐‐------------------

    එන්ගලන්තය යූරියා භාවිතාව ලංකාවෙන් ඉගෙනගත යුතුය​

    Saudi Arabia and Belgium have the highest estimated CKD prevalence (24%), followed by Poland (18%), Germany (17%) and the UK and Singapore (16%). Norway and the Netherlands have the lowest estimates at 5%. The United States' estimated prevalence is 14%, while Canada and Australia are 13%....
     
    Last edited:
    • Dislike
    Reactions: dimuthmike