එන්ජින් ඩ්‍රැග් ටෝර්ක් කොන්ට්‍රෝල් සිස්&
එන්ජින් ඩ්‍රැග් ටෝර්ක් කොන්ට්‍රෝල් සිස්ටම්(MSR)
මොකක්ද මේ එන්ජින් ඩ්‍රැග් ටෝර්ක් කොන්ට්‍රෝල් ස්ස්ටම් එක එහෙම නැත්නම් MSR කියන්නේ?ඩච් භාෂාවෙන් MSR කියන්නේ Motor Schleppmoment Regelung කියන එක.එකේ ඉංග්‍රිසි තේරැම තමයි Engine Drag Torque Control කියලා
කියන්නේ.
ඉලෙක්ට්‍රොනික් ස්ටැබිලිටි කොන්ට්‍රෝල් කොන්ට්‍රෝල්(ESP)සිස්ටම් එකටම අයිතිවෙන කොටසක් තමයි මේ එන්ජින් ඩ්‍රැග් ටෝර්ක් කොන්ට්‍රෝල් එහෙම නැත්නම් MSR කියන්නේ.ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්(TC)සිස්ටම් එහෙම නැතනම් ඇන්ට් ස්කිඩ් කොන්ට්‍රෝල්(ASR)සිස්ටම් එකේ දී වෙන්නේ ඇක්ස්ලේටර් කිරීමක දී රෝද එක තැන ලිස්සනවා නම් රෝද වලට යන එන්ජින් ව්‍යාවර්ථය කපාහැරීමයි.ඒත් මේ MSR එකේ දී වෙන්නේ මේ ASR/TC සිස්ටම් එකේ දී සිද්ධවෙන ක්‍රියාවට ප්‍රතිවිරැද්ධ ක්‍රියාවක්.ඒ කියන්නේ රෝද ලිස්සා යාමකදී ඇක්ස්ලේටර් පැඩල් එක අතහැරීමක දී හරි එහෙම නැත්නම් ඉතා ඉක්මනින් අඩු ගියර් වලට මාරැ කිරීමක් කරනවා නම් එන්ජිම බ්‍රේකිං වෙලා එහෙම නැත්නම් එන්ජින් ව්‍යාවර්ථය අඩු වෙලා වාහනයේ ධාවනය වෙමින් තියෙන රෝද ලිස්සලායනවා.එතකොට තාවකාලිකව වාහනයේ ස්ථාවරත්වය නැතිවෙනවා.මෙන් මේ වගේ අවස්ථාවලදී මේ කියන MSR සිස්ටම් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා වාහනයේ දිශා ස්ථාවරත්වය පවත්වාගැනීමට උදව් වෙලා ආරක්ෂාව ලබා දෙනවා.
කොහොමද මේ MSR සිස්ටම් එක වාහනය ලිස්සලා යන එක වලක්වලා වාහනයේ ස්ථාවරත්වය පාලයන කරන්න උදව් කරන්නේ?
මේ MSR කොන්ට්‍රෝල් යුනිට් එකට කැන් ඩාටා බස්(CAN data BUS)හරහා වීල් ස්පීඩ් සෙන්සර්,එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක සහ ට්‍රාන්ස්මිෂන් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් අවශ්‍ය කරන දත්ත ලබාගන්නවා.වාහනයේ ධාවනය වෙන රෝද ලිස්සා යනවා කියලා MSR කොන්ට්‍රෝල් යුනිට් එකෙන් අඳුරගන්ත්තොත් MSR කොන්ට්‍රෝල් යුනිට් එකෙන් කැන් ඩාටා බස් හරහා සිග්නල් එකක් යවනවා රෝද ලිස්සලා යනවා ඒ නිසා එන්ජින් වේගය ටිකක් වැඩි කරන්න කියලා.එතකොට එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකෙන් යවන සිග්නල් එක හරහා ත්‍රොටල් කොන්ට්‍රෝල් මෝටරය ක්‍රියාත්මක වෙලා ත්‍රොටල් වෑල් එක ඇරලා ලිස්සලා යන රෝද නැවත වතාවක් මාර්ගය වේගය තරම් වේගයෙන් කරකැවෙන තෙක් එන්ජින් වේගය තරමක් වැඩි කරනනවා.මේ නිසා වාහනයේ දිශා ස්ථාවරත්වය සහ හැසිරවීම පවත්වාගෙන යාමට උදව්වෙලා වාහනයේ ආරක්ෂාව සහතික කරනවා.මේ MSR සිස්ටම් එකේ මෙහෙයුම් සම්පූර්ණ වේගය පරාසය තුලම ක්‍රියාත්ම වෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
17/02/2017