එන්නත් ලක්ෂ 20ක් අතුරුදන්?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත් එන්නත්කරණ වැඩපිළිවෙළේ දත්ත බාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ එම එන්නත් ජනතාවට ලබා දී ඇති බවත් එහෙත් එකී එන්නත්වල දත්ත නිසි ලෙස ගබඩා කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය ඇතීවී ඇති බවත්ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණය සේම අදාළ එන්නත්කරණයේ දත්ත සටහන් කිරීමද සිදු කළ යුතු බවත් එක් දත්තයක් සටහන් කිරීමට විනාඩි හතරක පහක කාලයක් ගතවන බැවින් දිනකට එන්නත් 7000 – 8000 එක් සෞඛ්‍ය කොට්ඨාසයක් සිදු කරන විට අනෙකුත් රාජකාරි සමඟ එය නිසි ලෙස සිදුකිරීමට ප්‍රායෝගික අපහසුතා ඇති බවත් ඔහු පැවසීය. විශේෂයෙන් අවශ්‍ය ලැප්ටොප් පරිගණක, අමතර කාර්ය මණ්ඩල නොමැති නිසා එක් සෞඛ්‍ය පරීක්ෂකවරයකු හට දැරීමට නොහැකි රාජකාරි ප්‍රමාණයක් මේ දිනවල සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් එම එන්නත් සියල්ල රටේ ජනතාවට ලබා දී ඇති නමුත් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

    ගයාන් ගාල්ලගේ
     
    • Like
    Reactions: pathaleiretta

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මිනිහෙක් ඉගෙනගන්න එකට සල්ලි දීල ඉගෙනගන්න තැනක් දැක්කොත් ඒක වහගන්න දඟලනවා උනාට සල්ලි වලට බෙහෙත් විකිනෙන එකට මොකෙක්ටවත් ප්‍රශ්නයක් නැහැ…
     
    • Like
    Reactions: lilman

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    PHI ge gedara lap ekak nati wenna widiyak na
    unta higana salary dennet na ada kale lap ekak nati geyak hoyanna amaruy
    duppathma eka gana newey kiyanne

    hama ekama danaganna ona kapa kirimak karanna

    masa 3ta 4ta tamange personal dekin hari game eka gahanna ona

    me lagadi rupiyal 20000 salary ekata gov. staff hire kala
    e okkoma mathi amathiyonta kade gihin poster gahala job gatta un
    un nikan innawa fan/ac yatata wela

    PHI kiyanawa man power madilu kawada hadeyda
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම තමයි ඉස්සෙල්ලම මේ ප්‍රශනය හෙළි කරේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,991
    54,595
    113
    Colombo
    PHI ge gedara lap ekak nati wenna widiyak na
    unta higana salary dennet na ada kale lap ekak nati geyak hoyanna amaruy
    duppathma eka gana newey kiyanne

    hama ekama danaganna ona kapa kirimak karanna

    masa 3ta 4ta tamange personal dekin hari game eka gahanna ona

    me lagadi rupiyal 20000 salary ekata gov. staff hire kala
    e okkoma mathi amathiyonta kade gihin poster gahala job gatta un
    un nikan innawa fan/ac yatata wela

    PHI kiyanawa man power madilu kawada hadeyda

    DO ලට පිනට ජොබ් එක දුන්නට උන්ව ඕවට දාන්නෙ නෑ.උන් දැම්මත් උපාදියෙ ගැම්මට ඕවට යන්නෙත් නෑ.උන්ට art,gaq උපාදි තියෙන්නෙ.ඒවගෙන් කරන්න පුලුවන් මගුලකුත් නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    DO ලට පිනට ජොබ් එක දුන්නට උන්ව ඕවට දාන්නෙ නෑ.උන් දැම්මත් උපාදියෙ ගැම්මට ඕවට යන්නෙත් නෑ.උන්ට art,gaq උපාදි තියෙන්නෙ.ඒවගෙන් කරන්න පුලුවන් මගුලකුත් නෑ.

    ehema bane ban production ekak natuwa komada karanne ?