එන්න අයෙත් බිත්තර තම්ම්බන්න

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දැන් උබ ඔය කියන ඒවා ඔප්පු කරපුවද ?
    අනේ පලයන් වහලෝ යන්න

    උබත් උදේ ඉදන් රෑ වෙනකං මේකේ වහල්කම් කරන එකේ උට වහලා කියන එක හරි නෑනේ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බොරු කියල බලේ ඇරන් මොනවද බන් කොරේ අවුරුදු 5 ක්? මිනිස්සු වෙනුවෙන් මොනවම හරි වැදගත් දෙයක් කරානම් මෙහෙම හූල්ල හූල්ල නඩු තීන්දු එනකම් බලන් ඉන්න ඕන නැනේ බන්.



    මෙන්න මේ කතාව නම් ඇත්ත...අවුරුදු 5 ට කරපු ඇති දෙයක් නෑ.....රට විනාශ කරා ඇරෙන්න...දැන් නින්දෙන් නැගිටලා කෑගහනවා රට හදන්න...මෙච්චර කල් මතක් වෙලා නෑ එයා හිටියේ ආණ්ඩු පක්ෂේ කියලා...පියානෝ ජනාධිපති උන නිසා පුතානොවත් ජනාධිපති කරන්න ලු... ඒක තමයි සජිත් ට තියෙන එකම සුදුසුකම.... තාත්තා කරපුවා පුතා නොකරොත් උ නොට්ටිගේ පුතා....


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පියාණෝ...



    ඒ 1990 ජුනි මස 11 වැනිදාය.
    සදාදරණීය පියාණෝ ලංකාව පාලනය කල සමයයි.දකුණේ තරුණ ජීවිත හැට දහසක් ටයර් සෑ උඩ සතපවා මාස කිහිපයක් නික්මුනා පමණි.
    එල් ටී ටී ඊ ත්‍රස්තවාදීහු නැගෙනහිර පලාතේ ආරක්ශක මර්මස්ථාන සීග්‍රයෙන් වටලමින් තිබිණි.
    ඒ රණසිංහ ප්‍රේමදාස ,වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රේමයේ ප්‍රතිපලයක් ලෙස තමන්ට ලැබුණු නවීන අවි වලද පිහිටෙනි.
    සටන් නොකර යටත්වන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට ජනාධිපති හරහා සෘජු නියෝග ලැබිණි.
    මේ මඩකලපු දිස්ත්‍රික්කය තුල සිදුවූ ඒ ඛේදවාචකයේ කතාවයි.

    හරියටම උදේ 8.05 ට කොටි ත්‍රස්තවාදීහු මඩකළපුව පොලිස් ස්ථානය සන්නද්ධ කොටි 200 ක් පමණ වැටලූහ. ඊට කලින්ම පණ බේරා ගැනීම සඳහා සිංහල පොලිස් නිලධාරීන් රැසක් තම අඹුදරුවන්ද රැගෙන ගුවන්තොටුපොළට ගොස් තිබිණ. ඉතිරිව සිටි වැඩබලන පොලිස් ස්ථානාධිපති හා නිලධාරීන් කොටින්ගේ අත්අඩංගුවට පත්විණ.

    මඩකළපු පොලිසිය භාරව තිබූ රුපියල් මිලියන 45 ක රන් අබරණද ටී 56 ගිනි අවි 109 ක්ද ටී 84 ගිනි අවි 77 ක්ද සාමාන්‍ය මැෂින් තුවක්කු 29 ක්ද උණ්ඩ දැමූ ගිනි අවි 28 ක්ද එස්.ඒ.ආර්. අවි 78 ක්ද කොටින් අතට පත්විණ.

    නැගෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් ඉවත්ව නොගියහොත් මෙවැනි දරුණු ඉරණමකට එදා මුහුණදීමට සිදුවන බව කොටි සංවිධානය රජයට දැනුම් දුන්නේය.

    මෙම තත්ත්වය මත පොලිස් නිලධාරීන්ට අවි බාරදී යටත්වන ලෙස එවකට පොලිස්පතිව සිටි අර්නස්ට් පෙරේරා නියෝග කළේය. එම අණ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිළිගත් නමුත් එවකට කල්මුණේ පොලිසිය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු එකහෙළාම එම තීරණයට විරුද්ධ විය.

    පොලිසිය යටත් වුණොත් අනිවාර්යයෙන්ම උන් අපිව සමූලඝාතනය කරාවි. නැගෙනහිර පොලිස් ස්ථාන බේරගන්නට නම් ගුවන් යානා හා කාලතුවක්කු අපට ලබාදෙන්න. ඔහු කොළඹ ආරක්ෂක මූලස්ථානයට දැන්වීය. එයට පිළිතුර නිහඬතාවයි.

    මෙම යුගයේ ජනපතිවරයා වූයේ ආර්. ප්‍රේමදාසය. විදේශ ඇමතිවරයා වූයේ ඒ. සී. එස්. හමීඞ්ය. ඔහු එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගෙන් ඒ ගැන විමසීය.

    “අයියෝ බයවෙන්න එපා. ඒගොල්ලො පොලිස් නිලධාරීන් සතියක් විතර තියාගෙන නිදහස් කරාවි.” මේ දිනවල කොටි සංවිධානය සමග ශ්‍රී ලංකා රජය සාම සාකච්ඡා අරඹා තිබිණ. එම සාකච්ඡා සඳහා ඇන්ටන් බාලසිංහම් හෙවත් ස්ටැනිස්ලාවූස් කොටි හමුදා නායකයකු වූ යෝගරත්නම් යෝගි සමඟ සන්නිවේදන අංශයේ ජූඞ් ඇතුළු පිරිසක් කොළඹ ගලධාරී හෝටලයේ අංක 429 හා අංක 430 යන රහස් කාමරවල සැප විහරණ මැද ලැගුම්ගෙන සිටියහ.

    මෙම වාතාවරණය මැද ඇන්ටන් බාලසිංහම්ගේ වදන් විශ්වාස කිරීමට මේ රටේ දේශපාලන හා ආරක්ෂක අධිකාරිවල බලවතුන්ට සිදුව තිබිණ. කොටින්ට යටත්වන ලෙස නියෝග කෙරුණේ ඒ නිසාය.

    තම ස්වාමීන්ගේ කීම අනුව යටත් වූ පොලිස් නිලධාරීන් 600 ක් පමණ කොටි ත්‍රස්තවාදීන්ගේ ඇනුම් බැණුම් පහරදීම් මැද දෑත් පිටිතල හයා බැඳ තිරුක්කෝවිල් මහ වනයට ගෙනයනු ලැබිණ. ඊළඟ මොහොතේ ඔවුන් පේළියට තබා මැෂින් තුවක්කු ප්‍රහාර එල්ලකර අමුඅමුවේ මරාදමනු ලැබිණ.

    කලින් දින රාත්‍රියේ කොටි හමුදාව කලවංචිකුඩි පොලිසිය වටලා ඇති බව එහි කොටුවී සිටි බම්බලපිටියේ රාජකාරි කළ පොලිස් පරික්ෂකවරයකු බියමුසු හඬින් මූලස්ථානයට දැනුම් දුන් අතර කෙසේ හෝ තමන් බේරාගන්නා ලෙස ආයාචනා කළේය. ඒ සමගම කොටි, පොලිස් පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය විනාශ කිරීම නිසා සම්බන්ධීකරණය නැතිව ගියේය.

    නිහඬ අඳුරු මූසල රැය පහන්වනතුරු වෙඩිහඬ හා මරළතෝනි, තිරුක්කෝවිල් ප්‍රදේශය දෙදුරුම් කෑවේය. මෙම අපරාධයේ තොරතුරු සංගමන්කන්ද විශේෂ කාර්ය බළකායේ ජනෙත් විමල ඇතුළු කණ්ඩායමක් විසින් රූපස්කුලම් වන ගැබේ කළ ගවේෂණයකදී දැකබලා ගැනීමට මාධ්‍යයට හැකි විය. ඒ ඝාතනය සිදුවී සතියකට පසුවය.

    හරිහැටි ගැඹුරට නොසෑරූ සමූහ මිනී වළෙන් මළ සිරුරුවල අත්පා හිස් ඇටකටු හා මස් වැදලි මතුවී තිබූ අතර හැඳුනුම්පතක්ද හමුවිය. මෙම මළ සිරුරු පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුවනු ඇතැයි සියල්ලෝම සිතූහ. එහෙත් සිරුරු ඥාතීන්ට භාරදීමට තරම් වත් කෘතඥ නොවූ බලධාරීහු අම්පාර ප්‍රදේශයේ සිට බැකෝ යන්ත්‍රයක් ගෙන්වා මිනී වළ ඩෝසර්කර මළවුන්ගේ සාක්ෂි වසා දමනු ලැබිණි.

    රූපස්කුලම වනයේ සමූහ මිනීවළ ගැන රහස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගත් බව සදාකාලික රහසක් වූයේ ඔවුන් තුළද මරණයට වූ බිය නිසාය. කිසිදු දේශපාලන වාදවිවාදයක් පාර්ලිමේන්තුව තුළද සිදු නොවුණේය. එය සාමයට බාධාවක් විය හැකි බැවිනි.

    සාමසාකච්ඡා මැද කොටි සන්නිවේදක ජූඞ් ඇතුළු කොටි කණ්ඩායමට විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවරණය මැද කළුතර හමුදා කඳවුරටත් අනතුරුව රත්මලාන ගුවන්තොටුපොළින් පලාලි බලා යාමටත් පහසුකම් සැලසිණ.

    කොටි කණ්ඩායම ගෙදර ගියේ හිස් අතින් නොවේ. එදා රජය පිරිනැමූ මුදල් සහිත පෙට්ටි තොගය සමගය. අතරමගදී නැගෙනහිර පොලිස් භටයන් ඝාතනය පිළිබඳව අසා ඔවුහු ඉතා සතුටට පත්වූහ.

    පලාලි ගුවන්තොටට ගොඩබෑ පෙට්ටි තොගය ගැන සැකසිතූ හමුදා භටයෙක් ඊට වෙඩි තැබූ අතර ඔවුන්ට මුදල් නෝට්ටු දැක ගැනීමට ලැබුණු බව මාධ්‍යවල පළවිය. කොටින්ට සන්තෝසම් දුන් පුවත ඉන් ඔබ්බට නොගියේය.

    2012 දී යටපත්ව තිබූ තිරුක්කෝවිල් පොලිස් ඝාතන සිද්ධිය යළි ඉස්මතුවිය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 18 දෙනෙක් පෙබරවාරි 08 වැනිදා පොලිස්පති නලින් ඉලංගකෝන් වෙත ලිපියක් යවමින් කියා සිටියේ සමූල ඝාතනය ගැන විමර්ශනයක් කරන ලෙසය.

    අඩුම තරමින් “මියගිය පොලිස් කණ්ඩායම සිහිපත් කර රූපස්කුලම වනය තුළ ස්මාරකයක් හදන්න.” මෙම ඉල්ලීමද සුළඟට අසුවූ පුළුන් රොදක් සේ පාවී ගියේය. හිටපු පොලිස්පති ඇන්ටන් ජෙයනාදන් සහ හිටපු නියෝජ්‍ය පොලිස් අධිකාරි ටාසිස් සෙනවිරත්නද මැදිහත්ව එම නිලධාරීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ගත් පියවර සියල්ල අසාර්ථක විය. ඊට පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිසමද නිහඬ විය.

    1990 ජුනි 19 වැනිදා ලන්ඩන් ටයිම්ස් පත්‍රයේ බ්‍රෝඞ් ඩ්‍රෝජන් නම් මාධ්‍යවේදියාට දිවිගලවාගත් පොලිස් නිලධාරීන් පිරිසක් හමුවී ඇත. උපපොලිස් පරීක්ෂක පියරත්න රණවීර හා ලතිෆ් පැවසුවේ අපූරු කතාවකි.

    කොටි ත්‍රස්තවාදීන් පොලිස් භටයන්ට වෙඩි තබපු කොටි කෙල්ලන් බලා හිටියේ සිනාසෙමින් අත්පුඩි ගහමින්. අපේ පණ බේරුණේ උන් පෙරළාගෙන දුවලයි. අපි 11 දෙනෙක් රාහුලගලට පැන ගිහින් බේරුණා.

    මෙම සිද්ධිය වනවිට අම්පාර සහකාර පොලිස් අධිකාරිවරයා වූයේ එම්. නූර්දීන්ය. ඔහු ගුවන් හමුදා සහාය හා කාලතුවක්කු ලබාගැනීමට උත්සාහ දරද්දී මඩකළපුවට පැමිණි පොලිස්පති අර්නස්ට් පෙරේරා වෙඩි තැබීම නතර කිරීමට පොලිසියට නියෝග දී අවසන්ය.

    පොලිස් නිලධාරීන් 600ක් අමු අමුවේ ඝාතනයට මුල්වූ අමණ තීරණ ගත් සදාදරණීය නායකයානෝ අවසානයේ තමන්ම සුරතලයට ඇතිකල බාබු නම් කොටියා අතින් මහ මගදී ඝාතනය කෙරිනි.

    ඒ සදාදරණීය පියානන්ගේ ප්‍රතිපත්ති කරලියට ගෙන එන බවට නැවතත් කණින් කොනිණ් ඇසෙමින් තිබේ.
    මව්වරුණි.
    ඔබේ දරුවා බිලිදීමට සූදානමින් සිටින්න.
    ගණනින් ගත් කල එය මිනිස් බිලි 60600ක් විය හැකිය

    98589216e400c818dae46792abc07301f2e707502f2a97bfce487ab3be34eb8497c6c16b.jpg


    උපුටාගැනීමක්






    reputation_neg.gif
    පියාණෝ:1990ජුනි 10-15-2019 08:48 AM Lowano
    රෙප් කැපිම වැදගත් නැත, මට ඔනි තරම් රෙප් ඇත. ඔබ රෙප් කපා ඇත්තේ මිනිස් ජිවිත බිල්ලය අනුමත කරන නිසාය. ඔබ තිරිසනෙකි.

    SFSV
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,379
    113
    උබත් උදේ ඉදන් රෑ වෙනකං මේකේ වහල්කම් කරන එකේ උට වහලා කියන එක හරි නෑනේ?

    දැන් උබ මේ කරන්නේ මොකක්ද එතකොට වහල් බ්‍රෝ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    මෙන්න මේ කතාව නම් ඇත්ත...අවුරුදු 5 ට කරපු ඇති දෙයක් නෑ.....රට විනාශ කරා ඇරෙන්න...දැන් නින්දෙන් නැගිටලා කෑගහනවා රට හදන්න...මෙච්චර කල් මතක් වෙලා නෑ එයා හිටියේ ආණ්ඩු පක්ෂේ කියලා...පියානෝ ජනාධිපති උන නිසා පුතානොවත් ජනාධිපති කරන්න ලු... ඒක තමයි සජිත් ට තියෙන එකම සුදුසුකම.... තාත්තා කරපුවා පුතා නොකරොත් උ නොට්ටිගේ පුතා....



    තවත් මුන් ඇත්ත තේරුම් අරන් නෑ බන්..... මහබැංකුව කියද්දි ආර්ථික වර්ධන වේගය 1.6 කියල..... හර්ෂය කියනව වෙන්න බැරිලු... කාන්තාවෝ හොදට ඇදල සැලුන් වලටත් යනවලු..... මොන ප්‍රාථමික දැක්මක්ද බන් මුන්ට තියෙන්නේ.....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    බොරු කියල බලේ ඇරන් මොනවද බන් කොරේ අවුරුදු 5 ක්? මිනිස්සු වෙනුවෙන් මොනවම හරි වැදගත් දෙයක් කරානම් මෙහෙම හූල්ල හූල්ල නඩු තීන්දු එනකම් බලන් ඉන්න ඕන නැනේ බන්.

    :yes:
     

    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28

    රණසිංහ ප්‍රේමදාසගේ භීශන කාලේ මාතලේ පහල ස්කෝලේ වධකාගාරේ බාරව හිටියේ කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ බය ඔඛේ හය හතර නොදත් බයි දරුවාට කියා දෙන්න...:P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රණසිංහ ප්‍රේමදාසගේ භීශන කාලේ මාතලේ පහල ස්කෝලේ වධකාගාරේ බාරව හිටියේ කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ බය ඔඛේ හය හතර නොදත් බයි දරුවාට කියා දෙන්න...:P


    1500 da? 2000da?
     

    Similar threads