එන්න එන්න හිනාවෙලා යන්න එන්න

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එන්න එන්න හිනාවෙලා යන්න එන්න

    ඥානවන්ත හක‍රැල්ලා

    සතුන් විකුනන සාප්පුවකට පැමිනි මිනිසෙක් අසාමාන්‍ය සතෙක් ඇත්නම් මිලදී ගැනීමට තමන් කැමති බව පැවසීය.
    ආ අපිගාව ඉන්නවා මහත්තයා හොයන විදිහේ සතෙක්.
    ඌ ඥානවන්ත හක‍රැල්ලෙක්.

    ඌට මොනවද කරන්න පුලුවන්? මිනිසා විමසීය.
    මහත්තයා කියන ඕනෑම දෙයක් ඌ කරයි. සේවකයා පිලිතුරු දිය.
    මිනිසා ඥානවන්ත හක‍රැල්ල මිලටගෙන ගෙදර ගියේය.

    හක‍රැල්ලාට පැවරුන පලමු කාර්යය වූයේ TV එක on කිරීමයි. ඌ එය මනාව ඉ‍ටුකලේය.
    අනතුරුව තේ සෑදීම, නිවස අතුපතුගෑම,ඇදුම් මැදීම ආදී සෑම කටයුත්තක්ම ඌ මනාව ඉ‍ටුකලේය.

    එදින පුවත්පත බැලීමට සිතූ මිනිසා කඩයට ගොස් පුවත් පත ගෙන එන ලෙස හක‍රැල්ලාට
    පැවසීය.
    හක‍රැල්ලා පිටත්වී පැයක් පමන ගත්වූවත් ආපසු පැමිනියේ නැත.
    ඌ සෙවීමට ඉටා පිටත්වීමට දොර ඇරිය විට හක‍රැල්ලා දොර පඩියේ වාඩිවී සිටිනු දු‍ටු මිනිසා කොහෙද මොච්චරල වෙලා ගියේ යැයි විමසීය.

    කොහේවත් නෑ... පත්තරේ ගේන්න යන්න මම මේ සපත්තු දානවා.
    හක‍රැල්ලා පිලිතුරු දිය.

    :P:P


    සොහොනේ ගල් කිටන්නා

    රෑ බෝවී ගෙදර යමින් සිටි සිරී කෙටි මගක් වූ සොහොන් බිම මැදින් වැ‍ටුනු අඩිපාර දෙසට හැරුණි.
    එහි මද දුරක් යත්ම ඔහුට ඇසුනේ යමකට වැරෙන් තට්‍ටු කරනා හඬකි. :eek::eek:
    මද චකිතයකට පත්වුවත් හිත දැඩි කරගනිමින් ඉදිරියටම ගියේය.
    එන්න එන්න ශබ්දය වැඩි වන්නට විය.
    ඒ සමඟම ඔහුගේ සිතේ චකිතයද වැඩි විය.:shocked::shocked:
    අනතුරුව ඔහු දු‍ටුවේ සොහොනේ කොතක අකුරු කොටමින් සිටින මිනිසෙකි.:frown:

    අම්බානක මලපැන්න සිරී.. :growl::growl:
    "මොනවද ඕයි තමුසෙ කරන්නෙ? ඕක දවල් කරගන්න එපැයි.
    මම හොඳටම බය වුනා හොල්මනක්ද කියලා " :frown::frown:

    මිනිසා මෙසේ පිලිතුරු දිය,
    "තරහා ගන්න එපා අයිබෝං,:sorry::sorry: මේක මේ අද හවස්වෙලා හයි කෙරුවෙ,
    ඒත් මේ මිනිස්සු මගේ නම වැරදියට නොවැ කොටලා තියෙන්නෙ"

    :baffled::baffled::baffled:


    බෝම්බයට බොරු කිරීම

    අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී
    හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය :eek::eek:

    ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය. :nerd:

    "මඟදී එකක් පිපිරුනොත්?":oo::dull: ළාබාල රාලහාමි විමසීය. :nerd::nerd:

    "ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.
    :rofl::rofl::rofl:


     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    බෝම්බයට බොරු කිරීම

    අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී
    හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය :eek::eek:

    ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය. :nerd:

    "මඟදී එකක් පිපිරුනොත්?":oo::dull: ළාබාල රාලහාමි විමසීය. :nerd::nerd:

    "ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.
    :rofl::rofl::rofl:



    Meka thamai elama eka........:lol::lol: